විමුක්ති එස් රුද්‍රිගු
මෙරට පවතින පැරණි එච්.එස්. කේත ක්‍රමය හේතුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු දෙමුහුම් මෝටර් රථ ශ්‍රී ලංකා රේගුව විසින් දෙමුහුම් නොවන මෝටර් රථ ලෙස නම් කර ඇති බවත් ඒ හේතුවෙන් අනවශ්‍ය ලෙස බදු ගෙවීමට සිදුව ඇති බවත් වාහන ආනයනකරුවෝ චෝදනා කරති.
නිසාන් එක්ස් ට්‍රේල්, ටොයොටා රේස් සහ හුන්ඩෙයි ඕරා ඇතුළු නවීන තාක්ෂණයෙන් යුතු වාහන මාදිලි කීපයකට මෙම ගැටලුව මතුව ඇති බව වාහන ආනයනකරුවන් පවසයි. ලෝක රේගු සංවිධානය එච්.එස් කේත පසුගිය 2022 වසරේදී යාවත්කාලීන කළ නමුත් ඒ වනවිට මෙරට වාහන ආනයන සීමා පැවැතුණු බැවින් එය ශ්‍රී ලංකාවට බලනොපෑ බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළේය.
එහෙත් පසුගිය පෙබරවාරි පළමු වැනිදා වසර 5 කට පසුව වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ එච්.එස්. කේත තවමත් යාවත්කාලීන නොවීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇතැයි වාහන අනයනකරුවෝ පවසති. ජාත්‍යන්තර එච්.එස්. කේතයට අයිති වූවානම් ටොයටා රේස් වාහනයක් සඳහා ගෙවිය යුත්තේ කෝටියක් වුවත් ඒ වෙනුවට එක් කෝටි හතළිස් ලක්ෂයක පමණ ගෙවීමට සිදුව ඇති බවත් නිසාන් එක්ස් ට්‍රේල් රථයක් සඳහා නියමිත කේතය අනුව බදු ගෙවන්නේ නම් ගෙවිය යුත්තේ රුපියල් ලක්ෂ 60 ක් වුවත් ඒ වෙනුවට ලංකාවේ කේතය අනුව රුපියල් කෝටි තුනක පමණ බද්දක් ගෙවීමට සිදුව ඇති බවත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළහ.
මෙම ගැටලුව නවීන තාක්ෂණයෙන් යුත් වාහන මාදිලි කීපයකට තිබෙන බවත් ඉදිරියේදී නවීන තාක්ෂණයෙන් යුත් මෝටර් රථ සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන බවත් වාහන ආනයනකරුවෝ පැවැසූහ. මෙම නවීන තාක්ෂණයෙන් යුතු වාහනවල බැටරිය චාර්ජ් වන්නේ එන්ජිම මගින් බවද ඔවුහු ප්‍රකාශ කළහ. ඒ හේතුවෙන් මෙම ගැටලුවට ඉතාමත් ඉක්මනින් විසඳුමක් අවශ්‍ය බවද ඔවුහු පැවැසූහ.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එච්.එස්. කේත යාවත්කාලීන නොවීමෙන් වාහන ආනයන බදු අනවශ්‍ය ලෙස ඉහළ ගිහින්