අංජුල මහික වීරරත්න
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනයේ ප්‍රධානීහු පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත පැන වූ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිත කණ්ඩායම ඇගයීමට ලක් කළ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීහු රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පැසසුමට ලක් කළහ.
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය (USTR) මෙතෙක් ලබා දුන් සහාය පිළිබඳව මෙන්ම, අනාගතයේදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගැනීමට නියමිත වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකාව යනු සුවපත් වෙමින් පවතින කුඩා ආර්ථිකයක් සහිත රටක් බවත් බාහිරින් එල්ල වෙන කුඩා බලපෑමක් වුව ශ්‍රී ලංකාවට විශාල ලෙස බලපෑම් කළ හැකි බවත් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන කණ්ඩායමේ අවධානයට යොමු කළ ජනාධිපතිවරයා, ඒ සියලු සාධකද සලකා බලමින් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා ඉදිරියටද සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතන ප්‍රධානීහු ජනපති හමුවෙති