IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උද්ධමනය පහළට - මහ බැංකුව

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට උද්ධමනය පහළ යන නැඹුරුවක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටි. මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එසේ කියයි. 
 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙසේ පස්වැනි මසටත් පහළ ගොස් තිබේ.
 
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත පසුගිය පෙබරවාරි මාසයේදී පෙබරවාරි මාසයේදී උද්ධමනය සියයට 3.2ක් වී තිබේ. ඊට සාපේක්ෂව 2016 වසරේ අප්‍රේල් මස සිට වාර්තා වූ අඩුම අගය වන සියයට 2.2ක් දක්වා මේ වසරේ මාර්තු මාසයේදී උද්ධමනය පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
මේ අනුව වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ පෙබරවාරි මාසයේදී වාර්තා වූ සියයට 7.2 සිට මේ වසරේ මාර්තු මාසයේදී සියයට 6.7ක් දක්වා පහළ ගොස් තිබෙන අතර එහි මූලික වෙනස පෙබරවාරි මාසයේ පැවැති සියයට 4.1ක සිට පහළ ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
055



අදහස් (1)

උද්ධමනය පහළට - මහ බැංකුව

Bamunuarachchi Tuesday, 24 April 2018 08:00 AM

උද්ධමනය පහළ යන නැඹුරුවක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටි. හලෝ නොම්මර වලින් පහල ගියාට බඩුමිල අඩුවී නැත. බදු බර වැඩිවීම නිසා අපට ජීවන බර උසුලා ගන්න බැරිය. ඕගොල්ලන්ගේ අර්ථශාස්ත්‍ර අර්ථ දැක්වීම් වලින් අපට සතේක ප්‍රයෝජනයක් නැත. අපට උවමනා උද්ධමනයට හේතු වූ බඩුමිල ඉහල යාම් නැවත පහලට දමා රටට ණය නොවී ජීවත් වීමට සැලැස්වීමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site