IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උත්සව සමයට NDB බැංකුවෙන් “Remittance Festival Rewards”

එළඹෙන උත්සව සමයේ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහන මගින්, NDB බැංකු ශාඛා හරහා සිය Western Union මුදල් ගනුදෙනු කිරීම් සිදුකරන සියලුම ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමේ මහඟු‍ අවස්ථාවද හිමිකර ගත හැක.

2025 අප්‍රේල් මස 13 වැනි දින දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රචාරක වැඩසටහන සිය මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට ත්‍යාග ලබා ගැනීමට විවිධ අවස්ථා උදා කරලමින් සෑම සතියකටම වාසනාවන්ත ජයග්‍රහකයන් තුන් දෙනෙකු තෝරාපත් කරගනු ලැබේ. මේ එළඹෙන්නේ බෙදා හදා ගැනීම සහ සතුට සෞභාග්‍ය සමරන උත්සව සමයයි. මේ කාලසීමාව තුළ විදේශයන්හී වෙහෙස මහන්සි වී සේවා සපයමින් උපයන විදේශ විනිමය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී NDB බැංකුව හරහා එම මුදල් ලබා ගන්නා ගනුදෙනු කරුවන් සඳහා මෙම ත්‍යාග දිනා ගැනීමේ හැකියාව ඇත.

NDB බැංකුව, Western Union සමඟ එක්ව සිය බැංකු ශාඛා ජාලය සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් හරහා මුදල් ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් පහසු හා ආරක්ෂාකාරී මුදල් ගනුදෙනු ක්‍රියාවලියක් සහතික කරයි. මුදල් ගනුදෙනු සඳහා NDBබැංකුව තෝරාගැනීමෙන් ගනුදෙනුකරුවන්ට වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම පමණක් නොව ශ්‍රී ලංකාවේ නිල මුල්ය ක්‍රමවේද ශක්තිමත් කිරීමට ද දායක වේ.

මෙම ප්‍රචාරණ වැඩසටහනේ වැදගත්කම අවධාරණය කරමින්, NDB බැංකුවේ පෞද්ගලික බැංකුකරණ අංශයේ උප සභාපති සියාන් හමීඩ් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ඉදිරියට පැමිණෙන උත්සව සමය පරිත්‍යාග කිරීමේ කාලයක් වන අතර “Remittance Festival Rewards”තුළින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ගනුදෙනු සඳහා අප පිළිබඳ තැබූ විශ්වාසය අගය කිරීම සහ ඒ වෙනුවෙන් ප්‍රතිලාභ පිරිනැමීම අපගේ අරමුණයි. මුල්‍ය විසඳුම් පමණක් නොව උත්සව සමය වඩාත් සතුටුදායක අයුරින් සැමරීමට අර්ථවත් ත්‍යාග පිරිනැමීම පිළිබඳ අපි ආඩම්බර වෙමු” යනුවෙනි. 

NDB බැංකුව විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේද හා සම්බන්ධ වන ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ පිරිනැමීම සඳහා කැප වී සිටියි. සිංහල අලූත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය සැමරීම සඳහා සියලු‍ ශ්‍රී ලාංකිකයන් එකට එක් වන මෙම අවස්ථාවේදී වඩාත් සුරක්ෂිත සහ ප්‍රතිලාභදායී මුල්ය විසඳුම් පහසුකම් සපයමින් ප්‍රජාව සවිබල ගැන්වීමේ වැදගත් කාර්යභාරය NDB බැංකුව අඛණ්ඩව සිදුකරයි.

NDB බැංකුවේ මුදල් හුවමාරු සේවා සහ “Remittance Festival Rewards”  ප්‍රචාරක වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ළඟමNDB බැංකු ශාඛාවට පිවිසීමෙන් හෝ NDB බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැක.



අදහස් (0)

උත්සව සමයට NDB බැංකුවෙන් “Remittance Festival Rewards”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site