IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉලක්කම් තුනක අභියෝගයක්

සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ.

කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ්‍රම බලකාය සියයට විසි පහකි.

සමස්තයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි.

රජයේ සේවයෙහි නිරත පිරිස සම්පූර්ණ ශ්‍රම බලකායෙන් සියයට පහළොවක් බව දැක්වෙයි.

එම පිරිස ඉටුකරන මෙහෙවර සහ රටට ඇති කරන උත්පාදනය ගැන අප සියලු දෙනාටම ගැටලු තිබේ. තුන්වැනි ඉලක්කම තොරතුරු තාක්ෂණ යුගයේ අප පසුවෙන ස්ථානය පිළිබඳව සනිටුහන් කරයි. ශ්‍රී  ලංකාව සාක්ෂරතාවෙන් ඉහළ රටක් නමුත් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව සියයට විසි හතකට මදක් වැඩි බව දැක්වෙයි.

කොරෝනා වසංගතයෙන් ගැලවී මහත් උද්දාමයක සිටින අප සියලු දෙනා අප කරා හඹා එමින් සිටින අනතුර දකින්නේ නැත.

මහ මැතිවරණ වේදිකාවේ දී දේශපාලනඥයන් වාග් සංග්‍රාමයෙන් බලවත් බලයක් දක්වන නමුත්  ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ස්වභාවය සාකච්ඡා කරන්නේ නැත. නිෂ්පාදන අංශ දුර්වල වී ඇති අතර ඉදිරියෙන් තිබුණ සේවා අංශය අර්බුදයකය. ජන සමාජය නගා සිටුවනු සඳහා බලවත් ප්‍රයත්නයක නිරත විය යුතුව තිබේ. ශ්‍රී ලංකාව දියුණු ආර්ථිකයක් ඇති රටක් බවට පත් කර ජන සමාජය සැනසිලිදායක තැනක් බවට හරවන්නට නම් මුලින් දක්වන ලද ඉලක්කම් තුන කෙරෙහි සැලකිලිමත් විය යුතුව තිබේ.

ගොවිතැන ඉතා වැදගත්ය. විශේෂයෙන් වී වගාව මෙරට සංස්කෘතියෙහි එක කොටසකි. ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරයි. රට සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වයට ගෙන එන්නට වී ගොවිතැන සමත්ව තිබේ. තේ, රබර්, පොල් සහ අනෙක් වැවිලි බෝගවලින් ද ආර්ථික දායකත්වයක් ඇත. කෘෂි අංශය කාර්යක්ෂම කිරීමෙන් සහ නවීකරණයෙන් මෙම දායකත්වය තවත් වැඩි කරගත හැකිය.

ශ්‍රමයෙන් සියයට විසි පහක් නිරත වී සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතකට සීමා වීම වහා අවධානයට ගත යුතුය. කෘෂිකර්මයට රජය දෙන සහාය මෙහි දී කල්පනා කළ යුතු පැත්තකි. වී ගොවියන්ට පොහොර නොමිලේ සැපයෙයි. එය නතර කරන සේ යෝජනා කරන්නේ නැත. එහෙත් කෘෂිකර්මයට කරන යෙදවුම් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභය ඉහළ මට්මකට ගෙන ආ යුතුය. රජයේ සේවය ගැන ද සඳහන් කළ යුතු එකම කාරණය එයයි. ජනතාවට සේවය කරන්නට අවශ්‍ය ප්‍රමාණයට වඩා රජයේ සේවකයන් සිටින අතර මහජනතාවට අවශ්‍ය සේවා නිසි සේ ඉටු නොවීම ගැන තිබෙන කනස්සල්ල ද සැලකිය යුතු මට්ටමකය.

ශ්‍රී ලංකාවේ මානව සම්පත ඉතාම දක්ෂ පිරිසකි. ලෝකයේ ඕනෑම තැනක සේවය කරන්න හැකියාව තිබේ. තාක්ෂණය භාවිතා කිරීම ගැන පවතින නැඹුරුව ප්‍රමාණවත් නැත. අප්‍රිකානු කලාපයේ සමහර රටවල් පවා ස්මාට් දුරකතනය හා එහි ඇප් වලින් සෑහෙන ප්‍රයෝජන ගන්නා බව අනාවරණය වෙයි. නොයෙක් රටවල මුදල් භාවිතය සීමා වී ඇති අතර ජංගම දුරකතනයෙන් භාණ්ඩ මිල දී ගන්නා සහ මිල ගෙවන බව වාර්තාවන වැදගත් කරුණකි. තාක්ෂණය භාවිතාවට පහසුවෙන් යොමු විය හැකිය. අවස්ථාව ලබා ගැනීමට පෙළඹවීමක් කළ යුතුය.

කෘෂි කර්මය, රාජ්‍ය සේවය හා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය යන කරුණු තුන අළලා රට තුළ පවතින තත්ත්වය ගැන පුළුල් අධ්‍යයනයක් කිරීම අවශ්‍යය. අද පවතින සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට අලුත් යුගයක් ඇතිකරනු සඳහා මෙම පැති වලින් අත්පත් කරගත හැකි නවතම අවකාශය ගැන අධ්‍යයනය කළ යුතුය. තීරණගැනීම අවශ්‍යය. නවතම යෝජනා ඉදිරියට පැමිණිය යුතු අතර ඒවා සලකා බලා වහා ක්‍රියාවට නංවන්නට ආණ්ඩුව තීරණය කිරීම ඉතාම වැඩදායකය.

ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවල තරඟකාරී ස්වභාවය ගැන අවබෝධයක සිටිය යුතු අතර ඉදිරියට පැමිණීමෙන් හැර පැවැත්මක් නැත. කොරෝනා වසංගතයෙන් පසු අලුතින් හිතන, එළැඹෙන මහ මැතිවරණයෙන් පසු බලයට පත්වන අලුත් පාර්ලිමේන්තුව මෙවැනි පැති ගැන අවධානය යොමු කළහොත් රට තුළ පිබිදීමක් ඇති වනු නිසැකය.

 


- *** මිලින්ද මොරගොඩ        

 



අදහස් (1)

ඉලක්කම් තුනක අභියෝගයක්

imesh Monday, 06 July 2020 04:04 AM

අලුත් පාර්ලිමේන්තුවක්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site