IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉඩම්වලින් සියයට 1ක් කර්මාන්තවලට යොදා ගැනීමේ අපේක්ෂාවක්

 ඡායාරූපය - ගයාන් අමරසේකර


  • දැනට භාවිත කරන්නේ සමස්ත ඉඩම්වලින් සියයට දශම බින්දුවයි එකයි
  • ව්‍යාපාර සඳහා සුදුසු ඉඩම් සොයා ගැනීමට ඉඩම් බැංකුවක් නිර්මාණය කෙරේ 

භානුක අමරසිංහ


වර්තමානයේදී රට තුළ ව්‍යාපාර, කර්මාන්ත සහ ව්‍යවසාය සඳහා භාවිත කරන්නේ සමස්ත ඉඩම්වලින් සියයට දශම බින්දුවයි එකක් බවත්, එය ඉක්මනින්ම සියයට 1ක් දක්වා වර්ධනය කරගැනීම සිය අපේක්ෂාව බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

ඒ සඳහා පහසුකම් සලසන ඉඩම් බැංකුවක් නිර්මාණය කිරීමටද මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කරයි. 

ඊයේ (18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණු Industry Expo 2025 ප්‍රදර්ශනය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

“ලංකාවේ ව්‍යාපාර, ව්‍යවසාය සඳහා භාවිත කරන්නේ ඉඩම්වලින් සියයට දශම බින්දුවයි එකයි. අපි දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ඉඩම් අමාත්‍යාංශය ඇතුළු රජයේ අනෙකුත් අමාත්‍යාංශ සමගින් එකතු වෙලා ලංකාවේ ව්‍යාපාර සහ ව්‍යවසාය වෙත අවශ්‍ය ඉඩම් බැංකුවක් නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඒ හරහා ලංකාවේ ඉඩම්වලින් සියයට 1ක් වත් කර්මාන්ත සහ ව්‍යවසාය සඳහා භාවිත කරන්න යොදා ගැනීම අපේ බලාපොරොත්තුවයි.”

මේ අතර විදෙස් ආයෝජකයන්ට මෙරට තුළ ආයෝජනය කිරීම සඳහා පහසුකම් සලසන ක්‍රමවේදයක් සකස් කිරීමට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයත් සමගින් එක්ව කටයුතුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

“අපි දන්නවා ලංකාවට ආයෝජකයකු ආවොත් අපේ රටේ ආයතන 20කට වැඩිය ඇවිදින්න ඕනේ. රස්තියාදු වෙන්න ගත වෙන කාලය දින 170කට වඩා වැඩියි. 

ඒත් දියුණු තාක්ෂණයක් සහිත මේ කාලයේ එය අපිට අවස්ථා අහිමි කරවන තත්වයක්. ජපානය වගේ රටකදී මේ අවස්ථාව දින හතරකදී ලබා ගන්න පුළුවන්.” අමාත්‍යවරයා සඳහන් කළේය.

වර්තමානයේදී රජය විසින් යහපත් ආණ්ඩුකරණයක් නිර්මාණයකර තිබෙන අවස්ථාවේදී මේ අවස්ථාව මොහොතකින් හෝ පැහැර හැරීම සිදු නොකළ යුතු බවත්, ව්‍යාපාරික දෘෂ්ටියෙන් ගත හොත් එය ගත වන හැම පැයකින්ම අපට පාඩුවක් සිදුවන අවස්ථාවක් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා ලබන වසරේ පැවැත්වෙන Industry Expo 2026 ප්‍රදර්ශනය Expo 2026 නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස සංවිධානය කිරිම සැලසුම බවද පවසා සිටියේය. “මේ ndustry Expo ප්‍රදර්ශනය දේශීය සීමාවෙන් එහාට ගෙනිහිල්ලා ඒක ජාත්‍යන්තර Expo ප්‍රදර්ශනයක් හැටියට 2026 වසරට රැගෙන යාම අපේ සැලසුමයි. මේක අපි දේශීය සීමාවෙන් එහාට ගෙනි යනවා. අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් 1500ක් මේ BMICH පරිශ්‍රය ඇතුළු කොළඹ නගරයට ගෙනැල්ලා 2026 ජූනි මාසයේදී Expo 2026 පවත්වන්න.“ යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

“මෙරට සිටින සියලු‍ම තානාපතිවරුන්ට ආරාධනා කරනවා ඔවුන්ගේ රටවල සිටින ගැනුම්කරුවන් ඒ සඳහා සම්බන්ධ කරන්න කියලා.“ යනුවෙන් අමාත්‍යවරයා මෙම අවස්ථාවට පැමිණ සිටි විදෙස් තානාපතිවරුන්ගෙන්ද ඉල්ලා සිටියේය.

මෙම කටයුතු හරහා රටෙහි කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කරමින් විදෙස් කර්මාන්ත වෙනුවෙන් රටින් පිටට යන පුහුණු ශ්‍රමිකයන් මෙරට තුළම රඳවා තබා ගැනීම අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ඉඩම්වලින් සියයට 1ක් කර්මාන්තවලට යොදා ගැනීමේ අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site