IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


‘ඇමෙරිකානු සම්බාධකවලින් කොළඹ වරාය නගරයට බලපෑමක් නැහැ’

(හර්ෂණ තුෂාර සිල්වා)

ඇමෙරිකා එක්සත් ජනපදය, චීනයේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සමාගම් 24කට පැනවූ සම්බාධකවලින් ‘කොළඹ වරාය නගර ව්‍යාපෘතිය’ට කිසිදු බලපෑමක් නැතැයි කොළඹ වරාය නගර සමාගමේ ප්‍රධාන මහජන සබඳතා නිලධාරී කාශ්‍යප සෙනරත් මහතා අද (4) පැවසීය.

මතභේදයට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ චීනය කරන ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව චීන ව්‍යාවසය 24කට සම්බාධක පැනවීමට පියවර ගෙන ඇත.

කොළඹ වරාය නගරයේ ආයෝජනය කර ඇත්තේ චීනයේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ වන අතර ඇමෙරිකාව සම්බාධක පනවා ඇත්තේ අදාළ මවු සමාගමට නොව ඊට අනුබද්ධිත හා උප සමාගම්වලට යැයි ද සෙනරත් මහතා කීය.

සම්බාධකවලට ලක්වූ ලැයිස්තුවේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ සමාගමි චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි’ සමාගමට අදාළ අනු හා උප සමාගම් තිබෙන බැවින් බටහිර මාධ්‍ය අදාළ සමාගම්වලට සම්බාධක පැනවූ අයුරින් මාධ්‍ය වාර්තා පළ කර ඇතැයි ද ඔහු කීය.

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් කෙරෙන්නේ ‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’ සමාගමේ කොටසක් ‘චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි (සී’එච්’ඊ’එච්)’ සමාගම හරහා නිර්මාණය කළ (සී.එච්.ඊ.එච්)’ පෝර්ට් සිටි කලම්බු පෞද්ගලික සමාගම හරහා ය.

‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම (සී.සී.සී.සී)’,කොළඹ වරාය නගරය වෙනුවෙන් කර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4කි.

ඇමෙරිකාව පැනවූ මෙම සම්බාධක වලින් කොළඹ වරාය නගරයට කිසිදු බලපෑමක් නැතැයි තවදුරටත් තහවුරු කළ සෙනරත් මහතා සම්බාධක පනවා ඇත්තේ තෙවැනි පාර්ශවයක් වන බවත් සම්බාධකවල බලපෑම ඇත්තේ ඇමෙරිකානු සමාගම්වලට යැයි ද කීය.

කොළඹ වරාය නගරයේ භූමිය ගොඩ කිරීම සහ දිය කඩනය ඉදි කිරීම යන කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් මේ වනවිට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සෙනරත් මහතා කීවේය.

මේ අතර කොළඹ වරායේ නගරයේ ඉදි කෙරෙන මුහුදු වෙරළ සහ මහජන උද්‍යානය ලබන වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මහජනාතවට විවෘත කරන බව ද ඔහු තවදුරටත් කීය.

 



අදහස් (0)

‘ඇමෙරිකානු සම්බාධකවලින් කොළඹ වරාය නගරයට බලපෑමක් නැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site