IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකානු මහ බැංකු අධිපතිවරියක් වහාම ධුරයෙන් ඉවතට

විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකානු මහ බැංකුවේ අධිපතිවරියක වන ලීසා කුක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
කුක් තමන්ගේ දේපළ වත්කම් දෙකක් ඇපයට තබා ණය ලබාගෙන ඇත්තේ අසත්‍ය ප්‍රකාශ ලබාදී බවට එල්ල වී තිබෙන චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබීම හේතුවෙන් ඇයව වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත්කළ බව ජනපති ට්‍රම්ප් යොමුකළ ලිපියේ සඳහන් වේ.
ඇමෙරිකාවේ මහ බැංකුව ”‍ෆෙඩරල් සංචිත පද්ධතිය”‍ ලෙස හැඳින්වෙන අතර 7 දෙනකුගෙන් යුත් පාලක මණ්ඩලයක් එම පද්ධතියේ අධිපතීත්වය දරයි.
ණය ලබාගැනීමේදී අසත්‍ය තොරතුරු ලබාදී ඇති බවට කුක්ට මෙම මස මුලදී චෝදනා එල්ල වූ අතර එතැන් සිට ඇයට ඉල්ලා අස්වන ලෙස ජනපති ට්‍රම්ප් බල කළේය.



අදහස් (0)

ඇමෙරිකානු මහ බැංකු අධිපතිවරියක් වහාම ධුරයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site