භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම එංගලන්තයේ සහ වේල්සයේ ලියාපදිංචි AMCH Limited නම් සමාගමකින් ඩොලර් මිලියන 18ක ණයක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.3ක්) ගැනීමට සූදානමින් සිටින බව පවසයි.
පසුගියදා රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් එම තීරණය ගෙන තිබේ. එහිදී වසර තුනකදී ආපසු ගෙවන ලෙස ලබා ගන්නා මෙම ණය සඳහා වන පොලිය ද්විවාර්ෂික පදනමින්, සියයට 8ක වාර්ෂික පොලියක් බවද සමාගම පවසයි.
ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම සතුව ඇති රුපියල් බිලියන 3.7ක ණයක් ආපසු පියවීම වෙනුවෙන් මෙම ණය මුදල ලබා ගන්නා බව එම සමාගම සඳහන් කරයි.
එසේම ඉතිරි මුදල් සමාගමේ ද්‍රවශීලතා වත්කම් (මුදල් හෝ ද්‍රවශීලතා හුවමාරු සුරැකුම්පත්) ලෙස ආයෝජනය කිරීමත් සැලසුම වී තිබේ. එවැනි ආයෝජනයක් හරහා රැස් කරගන්නා මුදල් මෙම ණය මුදලේ පොලිය සහ ප්‍රාග්ධනය ආපසු ගෙවීම සඳහාද යොදා ගත හැකි බවත් සමාගම පවසයි.
මේ අතර අවශ්‍ය නම් මෙම ණය මුදලේ වටිනාකම සමාගමේ කොටස් බවට පරිවර්තනය කළ හැකි බවත්, එවැනි නිකුතුවක් සම්බන්ධයෙන් නියාමකයන්ගේ සහ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගත යුතුව ඇතැයිද ඇම්බියොන් කැපිටල් පීඑල්සී වැඩිදුරටත් පවසා සිටියි.
ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ආයෝජන සමාගම ලෙස කටයුතු කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇම්බියොන් කැපිටල් ඩොලර් මිලියන 18ක ණයක් ගන්න යයි