IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඇඩ්වොකාටා ආයතනයෙන් 2026 අයවැයට යෝජනා පහක්

වරාය නගරයේ බදු ප්‍රතිසංස්කරණ, ඉඩම් ප්‍රතිසංස්කරණ, පැරා-තීරු බදු ඉවත් කිරීම, සමාජ ආරක්ෂණය නවීකරණය සහ පැළෑටි ප්‍රභේද ආරක්ෂණය මෙම යෝජනා අතර පවතී


භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම බුද්ධි මණ්ඩපයක් වන ඇඩ්වොකාටා ආයතනය 2026 අයවැය සඳහා වන ප්‍රතිපත්ති යෝජනා පහක් ඉදිරිපත් කරන බව පවසයි. විශේෂයෙන්ම මූල්‍ය ස්ථාවරත්වය දියුණු කිරීම, තරගකාරීත්වය ඉහළ නැංවීම සහ සියල්ල එකට එක් වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම යනාදී කරුණු ඉලක්ක කරගත් තීරණාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම යෝජනා ඉදිරිපත් කරන බව එම ආයතනය පවසයි.
ඒ අනුව එහි පළමු අංගය ලෙස වරාය නගරයේ බදු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරිම වැදගත් බව එම ආයතනය පෙන්වා දෙයි. එහිදී වරාය නගරයේ ව්‍යාපාර වෙත සහ සේවකයන් සඳහා දැනට පවතින සාංගමික ආදායම් බදු සහ සහ පුද්ගල ආදායම් බදු වෙනුවට බදු බැර ක්‍රමවේදයක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි ඔවුන් පවසයි. ඒ හරහා ආයෝජන ආකර්ෂණය මෙන්ම රැකියා උත්පාදනයද සිදුවනු ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ.
එසේම දෙවැනි කරුණ ලෙස පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ යටතේ, බිම් සවිය වැඩසටහනෙහි කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස ඇඩ්වොකාටා පවසයි. ඒ හරහා ඔප්පු පාදක කරගත් ක්‍රමවේදය වෙනුවෙන් රජයේ ඇපකරු ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දෙයි.

තෙවැනි කරුණ ලෙස පැරා-තීරු බදු ඉවත් කිරීම පවතී. එහිදී මූලිකවම සෙස් සහ වරාය හා ගුවන් තොටුපොළ බදු ඉවත් කිරිම වැදගත් බව පවසයි. ඒ හරහා ආරක්ෂණවාදී බාධා ඉවත් කරමින් තරගකාරිත්වය තවදුරටත් වැඩි කිරීම අවශ්‍ය බව අදහසයි. එසේම මෙම ප්‍රතිසංස්කරණ මගින් කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය, වෙළෙඳ පිරිවැය අඩු කිරීම සහ ආර්ථිකය නැවතත් ගෝලීය වෙළෙඳපොළ හා සම්බන්ධ කිරීමට අවස්ථාවක් වනු ඇතැයිද අවධාරණය කරයි.
සිව්වැනි කරුණ ලෙස සමාජ ආරක්ෂණය නවීකරණය පෙන්වා දෙන ඔවුන්, දැනට පවතින යල්පැනගිය, අස්ථිරසාර සමාජ ආරක්ෂණ ක්‍රමවේදය වෙනස් කිරිම සඳහා ස්ථම්භ තුනකින් යුත් ප්‍රතිසංස්සරණ ක්‍රමෝපාදයක් යෝජනා කරයි. එහිදී සේවක අර්ථසාධක අරමුදල තරගකාරී, බහු-අරමුදල් විශ්‍රාම පාරිතෝෂික මොඩලයක් බවට පත් කිරීම, රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් යාන්ත්‍රණයක් හඳුන්වාදීම සහ සේවකයන් සඳහා වන ආරක්ෂිත දැලක් ලෙස ඒකාබද්ධ දායකත්ව විරැකියා රක්ෂණ අරමුදලක් ස්ථාපිත කිරීමක්ද යෝජනා කරයි.
පස්වැනි කරුණ ලෙස පැළෑටි ප්‍රභේද ආරක්ෂණය ඉදිරිපත් කරන ඔවුන්, පැළෑටි ප්‍රභේද ආරක්ෂණ පනතක් ඇති කිරීම පිළිබඳ කරුණු දක්වයි. එමගින් බුද්ධිමය දේපළ ආරක්ෂාව මෙන්ම පෞද්ගලික අංශයේ පර්යේෂණ පිරිවැය ආවරණය සඳහා වන දිරිදීමනාවක් ලබාදීමටත් හැකි බව පෙන්වා දෙයි. මේ හරහා පෞද්ගලික අංශය වෙත වඩාත් ඵලදායි සහ දේශගුණික විපර්යාස වෙත ඔරොත්තු දෙන බීජ ප්‍රභේද නිපදවිය හැකි වනු ඇතැයි ඇඩ්වොකාටා සඳහන් කරයි.

 

 



අදහස් (0)

ඇඩ්වොකාටා ආයතනයෙන් 2026 අයවැයට යෝජනා පහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site