(දසුන් රාජපක්ෂ)
ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
ඇඟලුම් නිපදවීමේදී අමුද්‍රව්‍ය හිඟවීමේ ගැටලුවට කෙසෙල් කෙඳි සාර්ථක විකල්ප අමුද්‍රව්‍යයක් වන බව පර්යේෂණ කිහිපයකදී අනාවරණය වූ බව පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට ප්‍රකාශ කළේය.
අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද, කෙසෙල් කෙඳි භාවිතකිරීම හේතුවෙන් විදෙස් රටවලට යන විශාල මුදල් ප්‍රමාණයක් ලංකාවේ රඳවා තබාගැනීමට හැකි වන බවද එම ප්‍රකාශකයා කීය.
මෙම ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතව ඇත.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යොදාගනිමින් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කෙසෙල් කෙඳි, ඇඟලුම් කර්මාන්තය සඳහා යොදාගැනීමෙන් මූල්‍යමය ප්‍රතිලාභ මෙන්ම, සෞඛ්‍යාරක්ෂිත බවද, පරිසර දූෂණය අවමවීම වැනි කරුණු ද ඉටු වන බව එම ප්‍රකාශකයා කීය.
COMMENTS
රට වටේට ණය වෙලා දහ දුක් විදලා වගා කරන වි එලවලු ටික පල ලැබෙන කාලෙට විකුන ගන්ව ක්‍රමවේදයක් නෑ කොමාරිකා වවන්න කියලා ඒවා විකුනන්න බැරිව ඒ මිනිස්සු වහ බොනවා මෙයාල කෙසෙල් වලින් රෙදි වියන්න කතාව මොන විහිලුද මේ
ශ්රී ලංකාව කියන්නේ හොඳටම කපුවැවෙන රටක් ඒ කුවෙනිගේ කාලේ සිට. 1974ත් හම්බන්තොට මම දැක්කේ ස්නෝ වැටිලා වගේ ඒ කපු වතු... මුළු රට වටේම ගෙවල්වල ගමේ පාරේ යනකොට අඩු ගානේ ගෙවල් 10කට එකක ටකස් බකස් සද්දේ. බෙඩ් ශීට් එක, තුවාය, පැදුර ගත්තේ ගමේ ගෙවල්වලින්. එ්කයි රට ණය නූනේ. කන්න අඳින්න සියල්ල අපේ රටේ තිබුණු අපි වියදම්කරන මුදල ගියේ අපේ මිනිසුන්ට.. එ්කෙන් දියුණු වුණේ අපේ මිනිස්සු. ඒ කියන්නේ අපේ රට. පිටරටට අපේ මුදල් යාම සීමාවුණා. ගෙදර ළමාතැනීටත් අදායමක් ලැබුණු අපේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕනේ. අපි රටෙන් පිට ඉන්න නිසා අපේ රටේ එදා වටිනාකම අදත් දැනෙනවා..
කෙසෙල් කෙඳිවලින් සිල්ක් වගේ සාරි වියන එක ඉතාම ප්‍රබල කර්මාන්තයක් ඉන්දියාවේ. දඹදිව වන්දනාවේ යන අය ගෙනෙන සාරි බොහොමයක් වියා තියෙන්නේ කෙසෙල් කෙදි වලින්. මෙතරම් පරක්කු වුනේ අපගේ අය නොදැනුවත් කම නිසා වෙන්න ඕනේ. අහක දාන කෙසෙල් ගසින් කැන කපාගත්තට පසු විශාල වශයෙන් කෙසෙල් වවන ගොවියන්ට අමතර අදායමක් මෙය...
කෙසෙල් කෙඳි භාවිතා කිරීමේ වැඩේ 70 - 77 සිරිමා බණ්ඩාරනායක මැතිණිය කාලේ කරා.. එ්ක දැන් ඔක්කෝටම අමතකවෙලා.
ඉතා හොඳ වැඩක් එය ක්‍රියාත්මක කරන්න.
අනේ දෙයියනේ මේවා පටන් ගන්නකෝ ඉක්මණට... අපිට මේවා ආධුනික වුණාට ඉන්දියාව චීනේ වගේ රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ මේ ක්‍රමතුළින්..
අපි ඉතින්... ඉස්සරත් කොළ අතුනේ ඇඳුම් හැටියට භාවිතා කෙරුවේ... ඒකනිසා අපිට ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.