ගිය වසරේ ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5.05ක් උපයලා
මේ වසරේ ඉලක්කය සපුරාගැනීමට රාජ්‍ය, පෞද්ගලික ශ්‍රමබළකාය සාමුහිකව කටයුතු කළ යුතුයි
ස්ථාවර ප්‍රතිපත්ති, යටිතල පහසුකම් ඇතිකිරීමට රජය සූදානම්
දැනට සිටින ශ්‍රමබළකාය 3,50,000ක්
විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය වසරේ මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 16.17 ක් වූ අපනයන ආදායමෙන් සියයට 31කට වැඩි ප්‍රතිශතයක් එනම් ඩොලර් බිලියන 5.05 ක් උපයා දෙමින් ඇඟලුම් කර්මාන්තය ඉතා වැදගත් කාර්ය භාර්යයක් ඉටුකර ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පෙරේදා (27) ප්‍රකාශ කළාය.
ඇඟලුම් කර්මාන්තය මෙම වසරේ අපනයන ආදායමට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 කින් දායක වීමට අභිලාශකාමී ඉලක්කයක් ඇතිකර ගෙන තිබෙන බවත් ඩොලර් බිලියන 8ක ඉලක්කය අභිලාශකාමී යැයි හැඟුනත් එය යථාර්ථයක් කර ගැනීමට හැකියාව පවතින බවත් ඇය පැවැසුවාය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ ශ්‍රම බළකාය සාමූහිකව කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ස්ථාවර ප්‍රතිපත්ති, යටිතල පහසුකම් සහ ඇඟලුම් කර්මාන්තයට සුදුසු ව්‍යාපාර වටපිටාවක් ඇති කරමින් ඇඟලුම් කර්මාන්තයේ ඩොලර් බිලියන 8ක ඉලක්කය සපුරා ගැනීම සඳහා සහාය වීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අභියෝග ජයගැනීමට මෙන්ම නව අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිද්දෙන් ශ්‍රම බළකාය ශක්තිමත් කිරීම, තිරසරභාවය සහ නවෝත්පාදනය ඉතා වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
රී ලංකා ඇඟලුම් අපනයන සංගමයේ 42 වැනි මහා සභා රැස්වීමට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළාය.
මෙරට ඇඟලුම් අපනයන අංශයෙන් සියයට 70 නියෝජනය කරන ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන සංගමයට රජයේ සහාය හිමිවන බවත් කාන්තා බහුතර නියෝජනයක් සහිත 350,000 ශ්‍රම බළකාය මෙරට ඇඟලුම් අපනයන අංශයේ කොඳු නාරටිය බවත් ඇය පැවැසුවාය. ඇඟලුම් සේවිකාවන් වචනයට සීමා වූ සේවිකාවන් නොවන බවත් ඔවුන් පවුල්වල වෙනස්කම් ඇති කරන්නන් බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇඟලුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8 ක් ඉපයීමේ සුදානමක්
Harimanis Thursday, 30 January 2025 02:08 PM
ප්‍රේමදාස මහත්තයාට ජයවේවා.