IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇගළුම් නිර්මාණ ආයතනවලින් උපාධියක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමඟ එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) පැවති සාකච්ජාවකදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය , පේෂකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා සළුසල යන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවකදී ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය මේ වනවිට පාඨමාලා වර්ග 90 ක් ක්‍රියාත්මක කරන අතර වසරකට ශිෂ්‍යයෝ 6,000 කට අධික ප්‍රමාණයක් එයින් වෘත්තීය පුහුණුව ලබා ගනිමින් සිටිති.

විශේෂයෙන්ම පාසල් හැර යන ශිෂ්‍යයන් මෙවැනි පාඨමාලා සඳහා වැඩියෙන් නැඹුරු කර ගනිමින් ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම මෙහිදී ඇමතිවරයා විසින් පැහැදිලි කරනු  ලැබු අතර. ඒ සඳහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ඉදිරියේදී බංග්ලාදේශය , නේපාලය සහ ඉතියෝපියාව වැනි රටවල ශිෂ්‍යයන් ද ලංකාවට පැමිණ මෙම පුහුණු පාඨමාලා හැදෑරීමට සුදානමින් සිටින අතර දෙස් විදෙස් ශිෂ්‍යයන් හදාරන එම පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩිකොට උපාධි මට්ටම දක්වා වැඩි දියුණු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සියලු ආයතන එක්ව විධිමත් සැලසුමකට සහ ප්‍රතිපත්තියකට අනුව ඉදිරියේදී කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.

පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ නව අත් යන්ත්‍ර පුහුණු පාසල් ඇතිකිරීමට සහ පේෂකර්ම ගම්මාන සංකල්පය නැවත නගා සිටුවීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ද අමාත්‍යවරයා පේෂකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන , සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන , පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිමුතු කුලතිලක , කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වුහ.



අදහස් (2)

ඇගළුම් නිර්මාණ ආයතනවලින් උපාධියක්

MO77 Wednesday, 16 September 2020 05:51 AM

බාලාංශයෙනුත් උපාධියක් දුන්නා නම් වඩාත් හොඳයි

:       10       1

Kamal Koyrala Wednesday, 16 September 2020 10:19 AM

වැදගත් අදහසක්, උපාධියකට ප්‍රථම නැවත පාසල් තාක්ෂණික විෂයන් බල ගන්වා විෂය නිර්දේශ වලට අ තුලට කිරීමෙන් උපාධියක් දක්වා යා හැකි පාරක් තනන්න ඕන.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site