IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක ණය පැකේජයක්

 

  • මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ,  සාර්ව ආර්ථික ස්ථායිකරණය  සහ සංචාරක සංවර්ධනයට  මුදල් වෙන් කෙරේ 
 
ශ්‍රී ලංකාව, ආසියානු සංවර්ධන බැංකුව (ADB)  සමගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක් වටිනා ප්‍රධාන මට්ටමේ ණය ගිවිසුම් තුනක් මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කළ බව එම අමාත්‍යාංශය පවසයි. මෙම අරමුදල් පැකේජ හරහා රටේ මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, සාර්ව ආර්ථික ස්ථායිකරණ න්‍යාය පත්‍රය සහ දිගුකාලීන සංචාරක සංවර්ධන සැලසුම් ශක්තිමත් වනු ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මෙහිදී අදාළ ගිවිසුම් සඳහා අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ තකෆුමි කඩෝනෝ යන මහත්වරුන් අතර සිදුව තිබේ. 
 
මෙම අරමුදල් පැකේජය ප්‍රතිපත්ති පාදක ණය දෙකක් (PBL)  සහ ආයෝජන ණයක් ලෙස හිමිව තිබේ. මෙම ණය ප්‍රධාන අංශ හරහා තීරණාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන් ඉදිරියට ගෙන යාමට නිර්මාණය කර ඇතැයි පැවසෙයි.  
ඒ අනුව මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන (උප වැඩසටහන 3) යටතේ, බැංකු අංශයේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ තිරසාර හා ඇතුළත් මූල්‍ය සඳහා ප්‍රවේශය ගැඹුරු කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග 11 ක් සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100 ක් ලැබෙනු ඇතැයි සඳහන් වෙයි.  
 
එසේම තවත් ඩොලර් මිලියන 100 ක් රජයේ අඛණ්ඩ ස්ථාවරකරණ උත්සාහය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රතිසංස්කරණ සඳහා සහාය ශක්තිමත් කිරීමේ සාර්වආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ විනිවිදභාවය වැඩසටහන (උප වැඩසටහන 1) හරහා ලබාදීමට නියමිතය. 
මීට අමතරව ඉතිරි ඩොලර් මිලියන 100, ප්‍රතිපත්ති පාදක සහ ආයෝජන යන කාණ්ඩ දෙකම ඇතුළත් තිරසාර සංචාරක අංශ සංවර්ධන වැඩසටහනට (උප වැඩසටහන 1) සහාය වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහිදී ප්‍රතිපත්ති පාදක කාණ්ඩය හරහා ඩොලර් මිලියන 70ක්ද, ආයෝජන කාණ්ඩය යටතේ ඩොලර් මිලියන 30ක් හිමිවෙයි.



අදහස් (0)

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක ණය පැකේජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 110 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 953 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site