IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආපදා සහන ලෙස ලැබෙන භාණ්ඩවලින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

දිට්වා සුළි කුණාටුවෙහි බලපෑමට ලක් වූ පිරිස් වෙත පහසුකම් සැලසීම වෙනුවෙන් ආධාර/ පරිත්‍යාග වශයෙන් ලැබෙන භාණ්ඩ සඳහා අදාළ වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. 
ඒ අනුව දෙසැම්බර් 05 වැනිදා සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන ලෙස මෙම බදු ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් සඳහන් කර සිටියි. මෙහිදී විදේශ රාජ්‍යයන්, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ හිතෛෂීන් ඇතුළු සංවිධාන වෙතින් ඕනෑම රාජ්‍ය ආයතනයකට, රජය මගින් අනුමත ආයතනවලට හා යම් රාජ්‍ය ආයතන සමග ඍජු සහයෝගිතාවෙන් සහන ක්‍රියාකාරකම්වල නිරත ආයතනවලට ආධාර/ පරිත්‍යාග වශයෙන් ලැබීමට නියමිතව ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මෙලෙස ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.



අදහස් (0)

ආපදා සහන ලෙස ලැබෙන භාණ්ඩවලින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site