IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආනයන සීමා ලිහිල් කිරීම වාහන කර්මාන්තයට නව පණක්

ඩබල් කැබ් රථ මිලේ පොඩි අඩුවක්
පෞද්ගලික මෝටර් ආනයනය සීමා ලිහිල්වී නෑ
රටේ මුදල් සංසරණයත් ඉහළයාවි


විමුක්ති එස් රුද්‍රිගු


මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ආසන 25 ට වැඩි බස් රථ, රියදුරු සමග ආසන 10 ත් 16 අතර මගී ප්‍රවාහන වෑන් රථ සහ ලොරිවලට පනවා තිබූ ආනයන සීමා ලිහිල් කර ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ඊයේ (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

පෞද්ගලික මෝටර් රථ පිළිබඳ ආනයන සීමා මෙම ගැසට් පත්‍රයෙන් ලිහිල් වී නැතත් එම වාහනවලට පනවා ඇති ආනයන සීමා ඉදිරියේදී ලිහිල්වනු ඇතැයි බලාපොරොත්තු වන බව මානගේ මහතා පැවසුවේය. වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග මෙරට මුදල් සංසරණය වැඩි වනු ඇති බවත් වාහන කර්මාන්තය ආශ්‍රිත රැකියා සහ ව්‍යාපාරවලට නව පණක් ලැබෙනු ඇති බවත් මානගේ මහතා ප්‍රකාශ කළේය.

වාහන මිල පිළිබඳව නිශ්චිතව පැවැසිය නොහැකි නමුත් ඇතැම් වාහන කාණ්ඩවල මිල ඉහළ යනු ඇති බවත් ඇතැම් වාහන කාණ්ඩවල මිල පහළ යනු ඇති බවත් අනුමාන කළ හැකි යැයි මානගේ මහතා පැවැසීය. ඩබල් කැබ් රථ මිල පොඩි අඩු වීමක් සිදුවිය හැකි බවත් ආසන 15 වෑන් රථ මිල වැඩිවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. තීරුබදු චක්‍රලේඛය නිකුත් වීමෙන් පසුව වාහන මිල පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බව ඔහු සඳහන් කළේය.

එළැඹෙන 1 වැනිදා වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව සති 3 ක් ඇතුළත මෙරට ජනතාවට වාහනයක් ගෙන්වා දිය හැකි බවද ඔහු පැවසීය. පෞද්ගලික පාවිච්චියට වාහනයක් ගෙන්විය හැක්කේ වසරකට එක් වාහනයක් පමණක් බවත් ඒ සඳහා ටින් අංකයක් තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

ආනයන සීමා ලිහිල් කිරීම වාහන කර්මාන්තයට නව පණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site