(නිමල කොඩිතුවක්කු)
අලෙවි කර ගැනීමට නොහැකිව සිටින කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් සතු මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් ලක්ෂයක තොගයක් වහාම මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා හදබිම අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
අතරමැදියන් විසින් ගොවි නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැනිම වැළැක්විම සඳහා මෙම පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම මඤ්ඤොක්කා තෙගය සහන මිලක් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ශ්‍රි ලංකා හදබිම අධිකාරිය වෙත උපදෙස් දෙනු ලැබීය.
COMMENTS
ගොවියාත් රජයත් කිසිම සැලැස්මක් නැතිව කටයුතු කරන බවයි පෙනෙන්නේ. අතරමැදියා වෙළඳාමේ අනුගත වුනු චරිතයක්. එම චරිතය නොමැතිව විශේෂයෙන් කුඩා පරිමානයේ ගොවි නිෂ්පාදන අලෙවි කරගත නොහැක. එසේම අතරමැදියාට නිෂ්පාදනවල ඉල්ලුම පිළිබඳව ගොවියාට වඩා දැනුමක් ඇත. ගොවියන්ට එකිනෙකා අතර සම්බන්දය එතරම්ම නැති උනත් අතරමැදියාට ගොවියා සහ වෙළෙන්දා සමග සම්බන්ද කම් ඇත. එමනිසා අතරමැදියා ගේ චරිතයට රජයට ආදේශ වන්නට බැරිය. රජය මේ මඤ්ඤොක්කා ගොවියාගෙන් මිලට ගෙන ගොවියා සනසනවා හැරෙන්නට වෙනකල හැකි දෙයක් නොමැත. පාඩුව රටේ ජනතාවටය. ඒ මේ මඤ්ඤොක්කා මිලට ගන්නේ ජනතාවගේ මුදලින් නිසාය.
අතරමැදියා ඉවත් කිරීම 100%ක් සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් රජයේ හෝ වෙනත් නියාමනය කළහැකි අංශයක් ඉදිරිපත් නොවුනොත් වෙළඳපොල පාලනයක් නැතිව යනවා. බොහොමයක් ග්‍රාමීය හා අර්ධ නාගරික වෙළඳ පොළවල උදේට ගියොත් දැකගන්න පුළුවන් අතරමැදියා කොහොමද වෙළඳපොල මිල ගැන දැනුමක් නැති මිනිස්සුන්ගේ ඵලදාව ගසා කන්නේ කියලා. රුපියල් 500ක් වටිනා ගොටුකොළ මිටි අරන් ගියොත් 200ක් විතර දීලා රවට්ටලා මගදීම ගන්නවා. දවල් වුනාම අනිත් පැත්තෙන් වෙළෙන්ඳන්ට යවනවා. වගා කටයුතු කිරීමේදී මොනවද වගා කරන්න ඕනෑ.. වෙළඳපල තත්වය ගැන මාර්ගෝපදේශනයක් ගොවීන්ට දෙන්න පුලුවන් නම් එ්කත් හොඳයි...
මම දන්නා වෙළදාමක් නැහැ නමුත් සව්දියේ තියෙනවා ඉන්දියාවෙන් ගෙන්නන මඤ්ඤොක්කා කිලෝ එකක් රියාල් 7.50 විතර වෙනවා ඒ කියන්නේ ලංකාවේ මුදලින් රු 300 ක් විතර වෙනා මට හිතින්නේ කවුරු හරි මඤ්ඤොක්කා පිටරට පටවාන්න පුළුවන් නම් හොඳ මුදලක් හොයා ගන්න පුළුවන් වෙයි.