IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අලුතින් සංචාරක පුහුණු පාසල් 4ක්

(තිළිණි ද සිල්වා)
 
නව සංචාරක පුහුණු පාසල් 04 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් සංචාරක පුහුණු පාසල් ස්ථාපිත කිරීමේ රජයේ තීරණය අනුව මෙම මෙම සංචාරක හෝටල්  පාසල් මේ වසරේදී පිහිටුවීමට අපේක්ෂා කරන බවද  සංචාරක අමාත්‍යවරයා කීය.

සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ ප්‍රධාන සංචාරක හෝටල් පාසලට අමතරව මහනුවර, කුරුණෑගල, අනුරාධපුරය, බණ්ඩාරවෙල, කොග්ගල, රත්නපුරය, පාසිකුඩා හා යාපනේ ප්‍රදේශ ආශ්‍රිතව හෝටල් පාසල් ක්‍රියාත්මක වුවද මෙරට සියලූම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෝටල් පාසල් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මෙම සංචාරක හෝටල් වල සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයට අදාල විවිධ පාඨමාලා ක්‍රියාත්මක වීමේදී  මෙම පාඨමාලා උපාධි පාඨමාලා දක්වා ඉහළ නැංවීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවද ඇමතිවරයා කීවේය.
 
දැනට ඇති පාඨමාලා වලට අමතරව සාමාන්‍යපෙළ සුදුසුකම් රහිත එහෙත් මෙම ක්ෂේත්‍රයේ රැකියා කරන හා එම ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භක ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වා දීමට කටයුතු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
සංචාරක අමාත්‍යංශය යටතේ ඇති සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය හෙවත් හෝටල් පාසල හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයන් බිහි කරන මෙරට එකම හා ප්‍රධානතම ආයතනය වේ.
 
සංචාරක අමාත්‍යංශයේ ‍ලේකම් එස්.හෙට්ටිආරච්චි, අතිරේක ලේකම්වරුන් වන වරුණ සමරදිවාකර,  දීපා සන්නසූරිය , සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නදීකා වටලියැද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

අලුතින් සංචාරක පුහුණු පාසල් 4ක්

vikum Tuesday, 09 February 2021 12:44 PM

ගුවන් තොටුපොල අරින්න අපිට ලංකාවට එන්න, අපිට බයිලා වැඩක් නැහැ...

:       0       2

puppaWednesday, 10 February 2021 01:24 AM

ඡන්දයක් ළඟ එනවා නම් හිතලා බලන්නම්. ගිය සැරේ ආවා වගේ...

:       0       0

puppa Wednesday, 10 February 2021 01:23 AM

රණතුංග බරටම පත්තරෙන් වැඩ වගේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site