IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අයවැය පූර්ව ගනුදෙනු සතියක ආරම්භයක්

ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි ඉහළ උනන්දුවක් ඇති කරමින් ඉකුත් සතියේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වු අතර අද ගනුදෙනුවලින් ආරම්භ කෙරෙන සතිය අවිනිශ්චිත තත්වයක් ඇති කරනු ඇත. ආණ්ඩුව අය වැය ඉදිරිපත් කරන අතර අය වැය පූර්ව ගනුදෙනු සක්‍රීය වනු ඇතැයි සැලකේ. ආර්ථිකය ස්ථාවර වී ඇති අතර ආයෝජන ලබාගැනීමට අවධානයක් අවශ්‍ය බව දෙස් විදෙස් උපදේශකයෝ පෙන්වා දෙති. අය වැය පූර්ව ගනුදෙනු අනුව වෙළෙඳ, බැංකු, රක්ෂණ, වැවිලි හා ආයෝජන අංශවල කොටස් කෙරෙහි ඉල්ලුමක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් වැවිලි අංශයේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව හේතු කරගෙන සමාගම්වල ආදායම කෙරෙහි සැක පළ කරන ඇතැම් පිරිස් ඒවා ලාබදායක නොවනු ඇතැයි ද සඳහන් කරති.

ආර්ථික අර්බුදයකට පසු ඉක්මනින් යථා තත්වයට පත් වූ අතර එය 2025 වසරේ මුල් භාගයේ සියයට 4.8 ක ආර්ථික වර්ධනය මගින් හෙළි කරයි’. කෙසේ වෙතත් ප්‍රමාණවත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. ආර්ථිකය වර්ධනය කරන තීන්දු සඳහා පියවර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද උපදේශය වී ඇත. කොළඹ කොටස් හුවමාරුව සඳහා අවධානයෙන් සිටින ආයොජන අංශ ඉදිරියේ දී ගන්නා තීරණ කෙරෙහි සැලකිල්ල යොමු කර ඇති බව අනාවරණය වේ. 

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,804.84 ක් තෙක් පහළ වැටිණ. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 32.69 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,213.91 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 11.20 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 5.64 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 32,796 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 154.3 ක් විය. සමාගම් 140 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 115 කි. 

සිකුරාදා ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු. මිලියන 193.7 කි. විකිණීම් රු. මිලියන 1,086 ක් වේ. පසුගිය සතිය තුළ ශුද්ධ විනිමය බැහැරවීම ඉතා ඉහළ අගයක් බව දැක්වේ. ගෘහ මෙවලම්, ප්‍රවාහන, වාණිජ සේවා සහ ප්‍රාග්ධන භාණ්ඩ වැනි ක්ෂේත්‍රවල පිබිදීමක් සනිටුහන් විය. පාරිභෝගික ද්‍රව්‍ය, ආහාර පාන, සෞඛ්‍ය සේවා, රක්ෂණ වැනි ක්ෂේත්‍ර දුර්වල වූ බව සඳහන්ය.

නිරීක්ෂක 



අදහස් (0)

අයවැය පූර්ව ගනුදෙනු සතියක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 194 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2072 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site