IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


අයිඩියල් මෝටර්ස් රටපුරා පවත්වන සේවා කඳවුරුමාලාව ඉදිරියටත්


ශ්‍රී ලාංකිකයන්ගේ රථ වාහන අවශ්‍යතාවලට සරිලන පරිදි මහින්ද්‍රා රථ වාහන ගෙන්වා, ඒ සඳහා අලෙවියෙන් පසු උසස් සේවාවක් සපයන අයිඩියල් මෝටර්ස් සමාගම මගින් පාරිභෝගිකයන්ට තම රථ එම නගරයේදීම පරීක්ෂාකර බලා අවශ්‍ය සේවාව සැපයීම අරමුණු පෙරටු කර ශ්‍රී ලංකාව පුරාම සේවා කඳවුරු මාලාවක් පැවැත්වීම ආරම්භ කර ඇත.

තම පාරිභෝගිකයන්ගේ සෞභාග්‍ය හා දියුණුව නිරතුරුවම අපේක්ෂාකරන අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍ර රථ සඳහා සුවිශේෂි පුහුණුවක් ලත් තාක්ෂණික නිලධාරීන් මේ සඳහා යොදවනු ලබේ.

මෙම සේවා කඳවුරුවලදී සියලු‍‍ම රථ වාහන නොමිලයේ තාක්ෂණික පරීක්ෂාවක් සිදු කරන අතර නිසි නඩත්තුව පිළිබඳව තාක්ෂණික උපදෙස් නොමිලයේ ලබාදීමට අයිඩියල් මෝටර්ස් විසින් කටයුතු කරනු ලබයි. තවද සුළු අලු‍‍ත්වැඩියා හා පද්ධති යථාවත් කිරීම් එම ස්‍ථානයේදීම සිදු කරන අතර මහින්ද්‍ර නියම අමතර කොටස් සඳහා සුවිශේෂි වට්ටම් යටතේ ලබා ගැනීමට පහසුකම් සපයනු ලැබේ.

පස්දුන් කෝරලයේ මතුගම නගරයෙන් මෙම සේවා කඳවුරු මාලාව ආරම්භ කළ අතර මේ වන විට පුත්තලම, හලාවත, රාගම, අක්කරෙයිපත්තුව, ගල්ගමුව හා බණ්ඩාරවෙල යන නගර ආවරණය කර ඇත. තවද සෆාරී සංගම්වල සේවයේ යොදවන මහින්ද්‍ර බොලෙරෝ රථ සඳහාද මෙම සේවා කඳවුරු වෙන් කර ඇති අතර මේ වන විට හබරණ, උඩවලව, පානම, මන්දාරම් නුවර හා සඳතැන්න යන ස්ථානවල සාර්ථක සැසියක් පවත්වා ඇති බව මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් (පුද්) සමාගමේ අලෙවියෙන් පසු සේවා කළමනාකරු නාලක ද සිල්වා මහතා පැවසීය.

ඉදිරියේදී සේවා කඳවුරු මාලාව මොනරාගල අයිඩියල් මෝටර්ස් ශාඛාව තුළ මෙන්ම අම්පාර සේවා කඳවුර වැලිගම මෝටර්ස් පරිශ්‍රය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත. දෙසැම්බර් මස අනුරාධපුර, කුරුණෑගල Ideal Motors Workshop තුළ සහ මාතර, මොරවක හා යාපහුව Senanayake Service Center ආයතනයේදී මෙම සේවා කඳවුරු පැවැත්වීමට සැලසුම් කර ඇති අතර 2026 වසරේ මාර්තු මස දක්වා සේවා කඳවුරු ගණනාවක් පැවැත්වීමට නියමිත බවත් නාලක ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

අයිඩියල් මෝටර්ස් රටපුරා පවත්වන සේවා කඳවුරුමාලාව ඉදිරියටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site