( තිළිණි ද සිල්වා )
අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ආයෝජන මණ්ඩලය විසින් මෙම මුදල වෙන් කර තිබෙන අතර එම මුදල් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 628,264 ක් ද , පසුගිය වසරේ අනුමත වූ ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 400,551 ක් හා නව ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 1,258,862 ක් ලෙස වෙන් කෙරෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
මේ වසරේ දී ආයෝජන මණ්ඩලයෙන් සිදු කෙරෙන ප්‍රධාන ව්‍යාපෘතියක් වන්නේ සීතාවක ආයෝජන කලාපයේ පොදු අප ජල පවිත්‍රාගාරය සංවර්ධනය කිරීම වන අතර ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 564ක් යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
තවද හොරණ අපනයන සැකසුම් කලාපයේ දී සංවර්ධන ව්‍යාපෘති රැසක් , අපජල පවිත්‍රාගාරය බලශක්ති ඉතිරිකිරීමේ ආලෝකකරණ පද්ධති භාවිතා කරමින් ආලෝක පද්ධති නවීකරණය, ඉඩම් සංවර්ධනය හා මාර්ග ආශ්‍රිත වැටවල් ප්‍රතිසංස්කරණය, ජල සැපයුම් වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දේ.
මීට අමතරව කටුනායක, බියගම, අත්තනගල්ල, මල්වත්ත, වතුපිටිවල, මීරිගම වැනි අපනයන සැකසුම් කලාප වලද මාර්ග සංවර්ධනය, විදී ලාම්පු සවි කිරීම, පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි කටයුතු ක්‍රියාත්මක කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
මේවන විට දිවයින පුරා ක්‍රියාත්මක අපනයන සැකසුම් කලාප සංඛ්‍යාව 15 ක් වන අතර කටුනායක, බියගම, කොග්ගල, නුවර, මීරිගම, මල්වත්ත, සීතාවක, මිරිජ්ජවිල, වතුපිටිවල, හොරණ, පොල්ගහවෙල, මාවතගම, වගවත්ත, වගවත්ත 2 හා බිංගිරිය එම අපනයන සැකසුම් කලාප වේ.
මෙම අපනයන සැකසුම් කලාප වල කර්මාන්තශාලා 273 ක් පිහිටා ඇති අතර 137,478 ක් සේවය කරති.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2524
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අපනයන සැකසුම් කලාපයන්හි යටිතල පහසුකම් වෙනුවෙන් මිලියන 22ක්
Sugath Friday, 21 February 2020 09:56 AM
22න් කීයක් හොරකම් කර ගනියිද?
Chathuri Sunday, 23 February 2020 03:24 PM
කවුද මේවා හොයලා බලන්නේ...? මුදල් වලට කරන දේවල් දැන ගන්නම ඕනෑ..