
ෆාමිකෙමි පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2022 සම්මාන ප්‍රදානෝත්සවයේදී ප්‍රථම වරට සත්ව නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
මීට අමතරව නියමිත රෙගුලාසි සහ ආචාරධර්මවලට අනුකූලව වෙළෙඳ කටයුතු සිදු කරන අපනයනකරුවකු ලෙස එම ආයතනයට Certificate of Ethical Trading සහතිකයද පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවේ විසි වසරක කාලයක් ව්‍යාපාරවල නිරත ෆාමිකෙමි සමාගම මෙරට සත්ව සෞඛ්‍ය වෙළෙඳපොළේද ප්‍රමුඛයා වෙයි. මෑත කාලයේදී සත්ව ආහාර ආකලන නිෂ්පාදනය සහ අපනයනය මගින් ෆාමිකෙමි සමාගම ගෝලීය වෙළෙඳපොළද ජයගෙන ඇත. ෆාමිකෙමි සමාගම 2018 සිට සිය නිෂ්පාදන ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, කුවේට්, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, මොංගෝලියාව, කාම්බෝජය, උගණ්ඩාව ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. එමෙන්ම ෆාමිකෙමි සමාගම FAMI-QS සහතිකය ලැබූ පළමු ශ්‍රී ලාංකීය සමාගම බවටද පසුගියදා පත් විය. ඔවුන් ISO 9001:2015 සහ GMP සහතිකද ලබා ඇත.
“අපගේ අරමුණ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමයි. අපි අපගේ කණ්ඩායමේ සෑම සාමාජිකයකුටම ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහාය දෙනවා. මෙම සම්මානය සහ සහතික කිරීම අපගේ මෙහෙයුම්වල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය තහවුරු කිරීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය තහවුරු කරනවා.”
ෆාමිකෙමි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උදිත වනිගසිංහ මහතා පැවසීය. සම්මාන උළෙල කොළඹ Shangri-Laහෝටලයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙල වාර්ෂිකව පවත්වන්නේ මෙරට අපනයනකරුවන්ගේ සාර්ථකත්වය මෙන්ම ඔවුන් අපනයන ක්ෂේත්‍රයට හා රටේ ආර්ථිකයට දක්වන දායකත්වය ඇගැයීමේ අරමුණිනි.
595
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපනයන විශිෂ්ටතා රිදී සම්මානය ෆැමිකෙමි සමාගමට