IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අපනයන බෝග මිල පහළ වැටීමෙන් ගොවීන් අමාරුවේ

(නාලක සංජීව දහනායක)

කුරුදු, ගම්මිරිස්, ගොරකා, ඇතුළු සුළු අපනයන බෝග මිළ ශීඝ‍්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
 
මාතලේ, කුරුණෑගල, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර දිස්ත‍්‍රික්කවල වැඩි වශයෙන් ගම්මිරිස් වගාව සිදුකෙරෙති. එමෙන්ම සෙසු දිස්ත‍්‍රික්කවලද ගෘහාශ‍්‍රිතව අඩු වැඩි වශයෙන් ගම්මිරිස් වගාව සිදුකෙරෙති.
 
සංඛ්‍යාලේකනවලට අනුව හෙක්ටයාර 32,800 ක ගම්මිරිස් වගාව පැතිරී ඇති අතර ලක්‍ෂ 2 අධික ජනතාවක් ඉන් යැපෙති. ඒ අනුව මෙරට ගම්මිරිස් වගාව ලෝක ගම්මිරිස් අවශ්‍යතවයෙන් 2%ක පමණ අවශ්‍යතාවය සපුරනු ලබයි.
 
එහෙත් මීට වසර තුනකට පමණ කලින් රුපියල් 1400ක්ව තිබූ වියළි ගම්මිරිස් කිලෝවක මිල මේ වනවිට රුපියල් 400 විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන තිබෙන අතර රුපියල් 500 තිබූ අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 140 දක්වා පහළ වැටී තිබෙන බව ගොවීහු පවසති.
 
මේ වනවිට මෙරට ගම්මිරිස් අස්වැන්න නෙළන සමය උදාවී තිබේ. නමුත් මිළ පහළ වැටීම නිසාවෙන් ගම්මිරිස් නෙලීමට වියදම්වන මුදලවත් පියවාගත නොහැකි බවට ගොවීහු මැසිවිලි නගති. ගම්මිරිස් මිළ මේ ආකාරයට පහළ වැටීමට වියට්නාමයේ ක‍්‍රියාත්මක ගම්මිරිස් මාෆියාව ආසන්නතම හේතුව බව ඔවුහු පෙන්වා දෙති. එහිදි සිදුවන්නේ එරටින් ගෙන්වන ගම්මිරිස් මේඩිඉන් ශ්‍රී ලංකා නමින් නැවත ඉන්දියාව ඇතුළු විවිධ රටවලට ප‍්‍රතිඅපනයනය කිරීමය.
 
ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ විසදීමට රාජ්‍ය මැදිහත් සිදුනොවන බැවින් තමන් වෙනත් වගාවන් සදහා යොමුව සිටින බව ගම්මිරිස් වගාකරුවන් කිහිප දෙනෙකුම අප සමඟ පැවැසීය.

ගමිමරිස් මෙන්ම මෙරට නිෂ්පාදිත කුරුඳුසදහාද ලෝක වෙළද පොලේ ඉහළ ඉල්ලූමක් ඇත. නමුත් දේශීය වෙළදපොලේ කුරුදු මිලද සීඝ‍්‍රයෙන් පහළ වැටී තිබෙන බව කුරුදු වගාකරුවන් හා ව්‍යාපාරිකයෝ පෙන්වාදෙති.

 ඒ අනුව පසුගිය සමයේදී රුපියල් 2050ක්ව පැවැති ගොරෝසු වර්ගයේ කුරුදු කිලෝවක මිළ රුපියල් 1530 දක්වා පහළ වැටී තිබෙන අතර ඇල්බා වර්ගයේ කරුදු කිලෝවක මිළ රුපියල් 4200 සිට රුපියල් රුපියල් 3400 දක්වා මිළ පහළ වැටී තිබෙන බව ගොවීහු පවසති. 
මේ වනවිට මෙරට කුරුදු කර්මාන්මතය ප‍්‍රධාන ගැටලූ දෙකකට මුහුණ දී තිබේ. කුරුදු තැලූම්කරුවන්ගේ උග‍්‍ර හිඟය ඒ අතරින් ප‍්‍රධාන වේ. ඒ ගැටලුව හේතුවෙන් පසුගිය වසර පහක පමණ කාලයක සිට කුරුදු නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා නැති බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛන හා දත්ත පෙන්වා දෙති.
 
මීට අමතරව ගොරකා මිළද පහළ වැටී තිබේ. මීට වසරකට පමණ පෙර රුපියල් 350 පමණ අළවි වූ ගොරකා කිලෝවක් වර්තමානය වනවිට රුපියල් 100 අලෙවි වේ. මෙය ඉදිරි මාස තුන ඇතුළත රුපියල් 90 - 75 දක්වා මිළ පහළ වැටෙනු ඇතැයි අනුමාන කෙරේ.
 
 මාතර, හක්මන, බෙලිඅත්ත, ගැටමාන්න, කටුවන, මිද්දෙණිය යන ප‍්‍රදේශවල ගොරකා ශාකය බෙහෝවිට දැකිය හැකිය. එහෙත් එය මහා පරිමාණ වගාවක් ලෙස සිදුකරනු නොලැබේ. 
 
කිසිදු පාලනයකින් තොරව විදේශවලින් මෙරටට අපනය භෝග වර්ග ගෙන්වීම, ස්ථාවර මිළක් නොමැතිවීම, මෙම වගාවන් සම්බන්ධයෙන් ඇති අනවබෝධය, ඉහළ ලාභයක් ලැබිය හැකි අපනය භෝග වර්ග ජාවාරම්කරුවන් විසින් මෙහෙයවීම වැනි ක‍්‍රියාවන් නිසාවෙන් මෙරට අපනයන බෝග ආදායම පහළ වැටීමට හේතුව බව ගොවීහු හා දේශීය ව්‍යාපාරිකයෝ පවසති.
 
එබැවින් මෙම අස්වනු සදහා ස්ථාවර මිළක් නියම කිරීම,ගමිමිරිස්, ගොරකා, කාරඹුනැටි වැනි සුළු අපනයන බෝගවගාවන් සදහා ගොවීන් පෙළඹවීම, වගාණය පහසුකම් සැළසීම වැනි ක‍්‍රියාවන් සදහා ඉතා ඉක්මණින් රාජ්‍ය මැදිහත්වීමක් සිදුවිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.



අදහස් (19)

අපනයන බෝග මිල පහළ වැටීමෙන් ගොවීන් අමාරුවේ

de silva berlin Monday, 08 July 2019 11:36 AM

කලාපයේ අනෙකුත් රටවලට වැඩිය ලංකාවේ කුළුබඩු මිල ඉතා ඉහළය. ඉතින් ඕවා වැඩිමිලක් ගෙවලා ගන්න මිනිස්සු ළඟ සල්ලි නැති වුණාම මිනිස්සු ගෙවතු වගාව වගේ වෙන විකල්ප වලට පෙලඹෙනවා. ඉතින් ඉල්ලුම අඩුවෙලා මිල පහළ වැටෙනවා. හැමදාම ගොවියා විතරක් ආරක්ෂා කිරීමෙන් රටක් දියුණු නොවේ. පාරිභෝගිකයා ගැනත් සිතිය යුතුය. ගම්මිරිස් කිලෝව රුපියල් 400... පිටින් ගෙනත් විකුණන්න පුලුවන් නම් කවුද ලංකාවේ ගම්මිරිස් 1400 ගානෙ ගන්නේ ?

:       346       93

ලංකාපුත්‍රMonday, 08 July 2019 12:51 PM

ලංකාවේ කුළුබඩුවල මිල ඉහළ යන්නේ ඒවා ලෝකයේම තිබෙන උසස්ම තත්වයේ ඒවා නිසා. නමුත් මිල බහින්නේ විදේශවලින් ගෙනත් ලංකාවේ ඒවා ලෙසට ප්‍රතිඅපනයනය කරන නිසා. මෙරට භාණ්ඩ බාලවීමෙන් ගොවීන් අමාරුවේ වැටුණත් ප්‍රති අපනයනයෙන් ලාභ වෙනවා යැයි උදම් අනන දේශපාළුවන් නිසා ගොවීන් අමාරුවේ වැටෙනවා. ගෙවතු වගාවක් කරනවා නම් ගම්මිරිස් පැලයක් දෙකකුත් හිටවා ගත්තම අඩුමිලට ගම්මිරිස් ගන්න පුළුවන් වේවි...!!!

:       27       82

himalMonday, 08 July 2019 03:19 PM

සාමාන්‍ය හොද්දකට දාන්න පාරිභෝගිකයෙක් ලෝකේ ඉස්තරම්ම ගම්මිරිස් හෝ කුරුඳු හොයන්නේ නෑ. ගොවියට වැඩිමිලක් දෙන්න ගිහින් දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ ගියාම දේශීය ඉල්ලුම අඩු වෙනවා. මෙතන කුරුඳු තලන්නන් හිඟ වෙලා තියෙන්නේ කුල ප්‍රශ්නයක් නිසා. අනෙක් අතට ගොවියා තමන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්නේ නැත්නම් ලෝක වෙළෙඳපළේදි ඔය ඉස්තරම් කතාවෙන් ලොකු වෙළෙඳාමක් කරගන්න බෑ.

:       142       100

rajinda Monday, 08 July 2019 12:18 PM

ආණ්ඩුවේම ඇමතියෝ නේද ඔය ජාවාරම් පිටුපස ඉන්නේ? මේ වගේ දේශපාලන මාෆියාව නිසා ජන ජීවිතය අඩාල වෙච්ච රටක් ආසියාවේ නම් නැහැ... ඇත්තේ අප්‍රිකාවේ පමණයි...

:       225       214

ranjith Monday, 08 July 2019 12:32 PM

ජනතා ද්‍රෝහීන් පිටරටින් බාල ගම්මිරිස් ගෙනත් ප්‍රතිඅපනයනය කරලා ගොවීන් අමාරුවේ දැම්මේ ඒ කාලකන්නින්ට දඬුවමක් දුන්නද?

:       240       222

thilak Tuesday, 09 July 2019 02:32 AM

ගොවියෝ වෙනුවෙන් පෙනී ඉන්න මහත්තයාගේම පක්ෂේ, කුළු බඩු ප්‍රති අපනයනය කරන අංක එකේ ව්‍යාපාරිකයාව පක්ෂයේ ජාතික ලැයිස්තුවට දානවා. හැමෝම කරන්නේ රගපෑමක්.

:       1       79

chaminda Tuesday, 09 July 2019 04:48 AM

ඔයාලට බැරිද මේවගේ ව්‍යාපාර කරන අයට පොඩ්ඩක් අතහිත දෙන්න එහෙම උනානම් ඔය තත්වය වෙනස් වෙන්න තිබුනා

:       2       5

de silva berlin Tuesday, 09 July 2019 02:13 PM

මේ ගොල්ලන් කියන්නේ ලෝකයේ ඉස්තරම්ම ගම්මිරිස් තිබෙන්නේ ලංකාවේ කියලා.. එහෙමනම් ලෝකයේ ධනවත් රටවලින් ලොකු ඉල්ලුමක් තිබෙන්න ඕනෑ නේද අපේ ගම්මිරිස් වලට...? එතකොට මේ විදිහට මිල පහල වැටෙන්නේ නැහැ නේද? සත්‍ය කතාව ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයක් හරිම අලසයි. ඔවුන් නිතරම කල්පනා කරන්නේ අඩුවෙන්ම ඇඟ වෙහෙසලා කුමක් හෝ උප්පරවැට්ටියක් යොදලා වැඩියෙන් මුදල් සොයන්න. ගම්මිරිස් මිල මේ විදිහට පහළ වැටිලා තිබෙනකොට ඔවුන් ගම්මිරිස් වගාව සම්පූර්ණයෙන් අතැරලා දමනවා. අඩුම තරමේ වගාවට වතුර ටිකක්වත් දමන්නේ නැහැ. ඔහොම කව්රුත් ගම්මිරිස් වගනොකර ඉන්නකොට වෙළඳපලට ලැබෙන ගම්මිරිස් අඩු වෙනකොට ඒවගේ මිල වැඩිවෙනවා. එතකොට හැමෝම පටන්ගන්නවා ගමිරිස් වවන්න. වෙළෙන්දොත් ගම්මිරිස් පිටරටින් අැනවුම් කරනවා, එවිට එකවරම විශාල ගම්මිරිස් අස්වැන්නක් වෙළඳපලට ලැබෙනකොට මිල නැවත පහත වැටෙනවා. මේකට හේතු සොයනකොට හැමෝටම පේන්නේ පිටරටින් ගෙන්වපු ගම්මිරිස්, ඉතින් ඒවාට බැණ බැණ ගම්මිරිස් වවන එක නැවත අතැරලා දමනවා.

:       204       100

shanWednesday, 10 July 2019 06:59 AM

බත් කන ගවයන්ට මේවා තේරුම් කල නොහැක නමුත් එක දෙයක් කිව යුතුය ශ්‍රී ලංකාවට මේ සුළු අපනයන බෝග අපනයන කිරීම සහ ප්‍රති අපනයන සම්පුර්ණයෙන්ම තහනම් කල විට අපනයන සදහා රට සුළු අපනයන බෝග මිල දී ගැනීමට වෙළෙන්දන් පෙලබෙනු ඇත. එවිට මේ ගැටලුව නිකම්ම විසදෙනු ඇත. රාජ්‍ය බලය ඇති අයවලුන් වෙනත් රටවලින් මේ සුළු අපනයන බෝග අපනයන කර ප්‍රති අපනයන කරන්නේ ලංකාවේ ඇති කිසිම දෙයක් මිලට නොගනිමිනි. බාල ප්‍රමිතියෙන් යුතු සුළු අපනයන බෝග ශ්‍රී ලංකා නිෂ්පාදන ලෙස ප්‍රති අපනයන කිරීමෙන් රටේ සුළු අපනයන බෝග වලට වන්නේ විශාල අපරාදයකි.

:       101       89

janahithaWednesday, 11 September 2019 04:56 AM

ඔබගේ අදහසේ බහුතර සත්‍යතාවයක් තිබෙනවා.

:       0       0

Kumar Tuesday, 09 July 2019 04:30 PM

ලංකාවේ නිපදවන කෘෂි නිෂ්පාදන කිසිවක් ලෝක වෙලදපොලේ තරඟකාරී ආකාරයකට විකුනන්න හැකියාවක්නෑ. අතුරුමදියා සෑම දෙයින්ම අධික ලෙස ලාබා ලබාගන්න හදනවා. ලාබා ලබන එක වරදක්නොවේ නමුත් ඒ නිසා ඇතිවෙන පලවිපාක විදින්න සුදානම් වෙන්න ඕනෙ. ලක්රජය කොහොමද ලෝක වෙල්දෙපොල පාලනය කරන්නෙ. මෙරට විකුණන ලංකාවේ නිෂ්පාදිත හැමදෙයකම මිල අධිකයි. බොරුවට රජයට බැනල හරියන්නෙනැ..

:       109       109

shanSunday, 14 July 2019 07:05 AM

රටේ මහපොළවේ මඤ්ඤොක්කා ගහක්වත් හිටවල හෝ හිටවනේවත් නැත අමනයන් රටේ නිපදවන කෘෂි නිෂ්පාදන ගැන සහ ලෝක වෙලදපොලේ තරඟකාරී ආකාරයකට ගැන කතා කිරීම විහිළුවකි ගෙදරි හෝ කොහෙන් හරි 3 වෙලා කකා මොකෙකුට හරි කඩේයන ෆේස් බුක් හරහා වීරයන් වන්නට වෙරදරන මුන් මෙලෝ මගුලක් නොදැන කෘෂි නිෂ්පාදන ගැන විග්‍රහ කරන්නට හා මිල දර්ශන ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ ගොවි ජනතාවට කරන මහා අපරාදයකි

:       0       3

KumarThursday, 18 July 2019 04:55 PM

ශාන්. ඔයා සිතනවාට වඩා දේපොළ ලංකාවේ මට තිබෙනවා. ඒවායේ මයියොක්කා හිටවල නම් නෑ නමුත් රබර් සහ පොල් හිටවලනම් තිබෙනවා. ඉතින් ඔයා ලෝක වෙළද පොළ ගැන මට කියන්න ඕනෙ නැහැ. පුලුවන්නම් ලංකාවේ නිෂ්පාදන විනගන්න. මම ඉන්න ඇමරිකාවේ අලෙවිකරණ ලංකා නිෂ්පාදනවල මිල අධික බව කියන්න ඕනෙ.

:       0       0

Sumith Sunday, 14 July 2019 02:24 PM

හැමදේම රටෙන් ගෙනාවා. මැතිවරණ අපේක්ෂකයෝ විතරයි ගේන්නේ නැති වර්ගය...

:       21       26

Kumara Sunday, 14 July 2019 03:38 PM

රජයේ හැම විශ්‍රාමිකයෙකුටම වැටුප් වැඩිකරලා. ඒ වුණාට ගොවියන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 1200යි. මාසයක් කන්න බේත් ගන්න පුළුවන්ද? ඒකෙන්ම පේනවා ලංකාවේ රජයේ දුර්වලකම...

:       0       0

lalithm Monday, 15 July 2019 05:22 AM

විශ්‍රාමිකයා මුළු ජීවිතේම රජයට කඹුරපු අය. තව සමහර අය නම් කටින් බතල කොළ හිටවපු දේශපාලුවෝ. ඒ අයගේ පඩිය කැපුවනම් තව බොහෝ දෙනෙකුට මොනවා හරි ගෙවන්න පුළුවන්. කුමාරට මේවා පෙනුනේ නැහැ.

:       0       0

Kumara Monday, 15 July 2019 01:13 PM

රටට ආහාර සපයන ගොවියා. කන්තෝරුවට වෙලා ෆෑන් දාගෙන පුටුවෙම නිදාගෙන හිටපු අය නොවේ. ගොවියෝ රුපියල් 1200 අරන් ජිවත් වෙන්නේ කොහොමද කියල මම අහන්නේ

:       6       12

Sumith Monday, 15 July 2019 01:18 PM

එළවලු ටික විකුණා ගන්න බැ, ගම්මිරිස් ටික වැල් වලම මැරෙනවා. කිසිම සැලසුමක් නැහැ.

:       5       20

shan Monday, 22 July 2019 06:24 AM

කුමාර ඔබ ඉන්නේ කොහේ වුනත් මේකේ වරද තියෙන්නේ රජයේ යාපනෙන් එන එළවලු වලට කිලෝවට රුපියල් 20 ගෙවල දබුල්ලෙන් අරගන එක කොලබට ගෙනත් කිලෝව 100 ගානේ විකුණන අපේ රටේ ලංකාවේ රතු සහල් කිලෝවක් වෙන්නේ රුපියල් 75 හෝ 80. නමුත් එක පැකට් එකකට දාලා මැදපෙරදිග රටකට එවලා ඒක විකුනන්නේ රුපියල් 500. මේවා මෙහෙම වෙන්නේ රජයේ ඉන්න නුගත් දේසපලකයෝ නිසා. ගොවියා දහදුක් විදලා වවන දේට යන්තම් ගිය මුදලවත් නොලබා නිකන් බත් කකා ඉන්න අයට කෝටි ගන්න ලාභ ගන්න ඉඩදීලා බලා ඉන්නේ අපේ රටේ ඉන්න පාලකයෝ. ඔබ දන්නවද ඇයි ගම්මිරිස් මිල පහල වැටුනේ කියල වෙන රටවලින් ඒවා ගෙන්වලා ලංකාවේ කියලා අපනයනය කල නිසා. ඒවා කරන්නේ දේශපාලකයෝ මේවා නැවතුණානම් මේ විනාස වෙන්නේ නැහැ. රටේ කුඹුරු වල අස්වැන්න එන කාලෙට රටින් හාල් ගේනවා. එතකොට රටේ ගොවියා අනාතයි. වෙළෙන්දෝ තුට්ටු දෙකට වී ටික ගන්නවා. ගොවියට ණය ගෙවා ගන්නත් බැහැ. මේවා තේරුම් ගන්න ඇමරිකාවේ ඉදන් බැහැ. ලංකාවට ඇවිත් බලන්න ඔහේ ඉදගෙන ලංකා බඩු ගණන් කියල වැඩක් නැහැ. කඩෙන් කන කෙනාට කුඹුරු ගැන කියල වැඩක් නැහැ. මමත් ඉන්නේ ලංකාවේ නෙවේ. නමුත් මගේ වගාබිම් ලංකාවේ තියනවා ඒවා සදහා කොපමණ වියදක් කරනවද කියල මම දන්නවා ඒකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Mercedes-Benz EQවිද්‍යුත් රථ පෙළති DIMO
2024 ඔක්තෝබර් මස 03 404 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ ව


Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහි දී විවෘත වේ
2024 ඔක්තෝබර් මස 01 87 0

Canon Image Square සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Squareප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලු‍පිටිය ලිබර්ටි


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 177 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N
2024 සැප්තැම්බර් මස 06 394 0

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්


සදාහරිත, මැලේසියාව සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයකට
2024 අගෝස්තු මස 22 469 0

වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝ​ජ​න සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් ස


නෙස්ලේ ලංකා දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයට උපහාර
2024 අගෝස්තු මස 13 252 0

නෙස්ලේ ලංකා සමාගම ‘Good Food Good Life’ තේමාව සමඟින් එක්ව සිටින ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇගයීම වෙනුවෙන් පසුගිය ‘Connect@Nest’24’ උත්සවය පවත්වන ලදී. රසයෙන් හා ගුණයෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site