IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අපනයනකරුවන් දේශපාලන ළබැදියාවන් එක්ක තවත් ගනුදෙනු කළ යුතු නෑ

 

  • අනුමැතිය ගන්න ටෙන්ඩර් පාස්කරගන්න ඇමැතිලා පස්සෙ යන්න අවශ්‍ය නෑ
  • රුපියලක් වියදම්කර ඩොලරයක් උපයන්න ඔනෑ
  • ලියකියවිලි හරිනම් එයට අනුමැතිය. ප්‍රතිපත්තිය එයයි
  • අපනයනයට අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රවය ආනයනයේදී ඇති බදු නැවත සලකා බලන්න සූදානම්
  • නව තීරුබදු ප්‍රතිපත්තියකටත් අවධානය
  • මේ වසරේ අලුතින් ඩො. බි. 3 ක් සොයන්න ඕනෑ
  • ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ වුවමනාවක් පෙන්වා දෙයි

 

භානුක අමරසිංහ

මෙරට අපනයන කර්මාන්තයේ නියැලෙන පිරිස් අපනයන සම්බන්ධයෙන් අනුමැතීන් ලබා ගැනීමට තවදුරටත් දේශපාලන ළබැඳියාවන් සමගින් ගනුදෙනු කළ යුතු නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වුණු 25 වැනි අපනයනකරුවන්ගේ සංසදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

“කිසිම අපනයනකරුවකුට අනුමැතියක් ලබා ගන්න, ටෙන්ඩරයක් පාස් කරගන්න ඇමැතිවරයකු පස්සේ යන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ලියැකියවිලි නිවැරදි නම්, තමන්ගේ අපනයනය නිවැරදි නම් එපමණයි. ඔබ තවත් කිසිදු ආකාරයකින් දේශපාලන ළබැඳියාවන් සමගින් ගනුදෙනු කරන්න අවශ්‍ය නැහැ. මොකද එයයි අපේ ප්‍රතිපත්තිය. ඒ නිසා ඔබට ඒ පහසුකම් අපි ලබා දෙනවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම සිය අමාත්‍යාංශවල නිලධාරීන්ට හෝ ඇමැතිවරුන්ට යම් අනුමැතියක් සඳහා පගා දීමට සිදුවන්නේ නම් හෝ වෙන යම් බාධාවක් එල්ල කරනවා නම් අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසට ද අමාත්‍යවරයා අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, අපනයනකරුවන්ට බලපා තිබෙන සරල කළ වැට් (SVAT) අහෝසි කිරීමේ අවදානම, අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී පනවා ඇති විශාල බදු පිළිබඳව නැවත සලකා බැලීම මෙන්ම නව තීරු බදු ප්‍රතිපත්ති හඳුන්වාදීම ඇතුළු කාරණා සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“අපේ තේමාව තමයි රුපියලක් වියදම් කරනකොට ඩොලරයක් උපයන්න සැලසුම් කරන්න ඕනෑ කියන දේ. මේ වසරේදී අපේ අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 19 ක්. ඒ කියන්නේ මේ වසර තුළ අපි අලු‍තින් ඩොලර් බිලියන 3 ක් අපනයනය හරහා හොයන්න ඕනෑ. එම මුදල අපි අයිඑම්එෆ් එකෙන් ලබා ගත්ත ණය මුදලට සමානයි. මෙය අසීරු දෙයක්. එහෙත් අපි ඒ දේ කළ යුතුයි. ඒ සදහා රජය ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා.” 

මේ අතර අපනයනකරුවන්ගේ ගැටලු‍වක් බවට පත්ව ඇති කර්මාන්ත සඳහා අවශ්‍ය ඉඩම් සොයා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම රට පුරාම නව අපනයන කර්මාන්ත කලාප 9 ක් පිහිටුවීම සම්බන්ධයෙන්ද රජය මේ වනවිට අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

“අපි මේ වනවිට කන්කසන්තුරේ ප්‍රදේශයේ කර්මාන්තපුරයක් සඳහා අක්කර 700 ක භූමියක් හඳුනාගෙන තියෙනවා. කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් නව අපනයන කලාපයක් පිහිටුවනවා. මාන්කුලම්වල අක්කර 200 ක භූමියක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම පරන්තන්හි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත කලාපයක් වෙත අවධානය යොමුවෙලා තියෙනවා. හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් අක්කර 250 ක කාර්මික නගර සැලසුමක් අපි සකස් කර තියෙනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අපනයන කර්මාන්තයේ සංවර්ධනය සඳහා අවශ්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුම් වෙත යොමුවීමටද සිය රජය අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. “අපිට ඉන්දියාවත් එක්ක, චීනයත් එක්ක, සිංගප්පූරුවත් එක්ක හරි, එහෙමත් නැත්නම් දැනට තියෙන වෙනත් ගිවිසුම් එක්ක හරි, අපි අලු‍තින් ඇති කරගන්න නිදහස් වෙළෙඳ ගිවිසුම් එක්ක හරි වැඩ කරන්න බය වෙන්න ඕනෑ නැහැ. අපිට දැන් එක සමාන මට්ටමින් ඒ රටවල් සමගින් කටයුතු කරන්න පුළුවන්. එතැනදී අපි ඒ රටවල අනන්‍යතාවලට ගරු කරමින් වැඩ කරන්න ලෑස්තියි.”



අදහස් (0)

අපනයනකරුවන් දේශපාලන ළබැදියාවන් එක්ක තවත් ගනුදෙනු කළ යුතු නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site