IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අනුමාන මත රුපියල ඉහළ පහළ ගියොත් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙනවා

ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ පහළ යන්නේ ලෝක ආර්ථික ප්‍රවණතා හැර වෙනත් හේතු නිසා නම් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වන බව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිහංහ මහතා පවසා ඇත. 

රොයිටර් පුවත්සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව සඳහන් කර ඇත. 

එහිදි තවදුරටත් අදහස් දක්වා තිබෙන නියෝජ්‍ය අධිපතිවරයා මෙසේ ද පවසා තිබේ.

“රුපියලේ අගය අඩු වැඩි වෙන්නේ ගෝලීය ප්‍රවණතා නිසා නෙමෙයි නම් අපි විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වෙනවා. වෙනත් හේතු නිසා රුපියලේ අගය උස් පහත් වෙනවා නම් අපි මැදිහත් වී සුදුසු යැයි හැඟෙන පියවර ගන්නවා. බැංකු ඔවුන්ගේ තත්ත්වය ගොඩනගා ගනිමින් ඩොලර් මාරු නොකරන බව අපට පෙනී ගොස් තිබෙනවා. මූලධර්මමය හේතුවක් නොමැති නම් සංචිත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. මහ බැංකුවේ විදේශ විනිමය කළමනාකරණයට ආණ්ඩුව බලපෑම් කර හෝ මැදිහත් වී හෝ නැහැ. 

විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත්වීම හෝ එසේ නොකිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක්. අනෙකුත් රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව ද විශාල මැදිහත්වීමක් කර නැහැ.

මුදල් ගනුදෙනුකරුවන් කියන පරිදි අපනයන මාරු කිරීම්වල විශාල පහළ වැටීමක් නැහැ. ඒ වගේම වෙළෙඳපොළේ දෛනික සාමාන්‍ය එක්සත් ජනපද ඩොලර් මිලියන 80ත් 120ත් අගයක ගනුදෙනු සිදු වී තිබෙනවා. 

සම්පූර්ණ බැඳුම්කර හා බිල්පත් සැලකීමේදී රජයේ සුරැකුම්පත්වල විදේශීය නිරාවරණය සියයට 6කටත් අඩුයි” යැයි ද හෙතෙම කීය.

මේ වසරේදී සියයට 5.6කින් අවප්‍රමාණය වී තිබෙන ශ්‍රී ලංකා රුපියල ආරක්ෂා කිරීම සඳහා මහ බැංකුව කිසිදු මැදිහත්වීමක් කර නැතැයි මුදල් ගනුදෙනුකරුවෝ පවසති.

රොයිටර්

055

 



අදහස් (0)

අනුමාන මත රුපියල ඉහළ පහළ ගියොත් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 37 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site