IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අද ගනුදෙනුවලදී තෝරාගත් කොටස්වල වර්ධනයක අපේක්ෂාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ එදිනෙදා භාණ්ඩ හා සේවා සම්බන්ධ පාරිභෝගික විශ්වාසය දහ තුන් වසරකට මෙපිට ඉතිහාසයේ අඩුම අගයකට පත්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. එරට බදු සංශෝධන හේතු කොට ගෙන මෙම තත්වය ඇති වී තිබේ. කෙසේ වෙතත් එරට ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ තුනම පසුගිය දින ගණනාව තිස්සේ වර්ධනයක පවතී. 
ඇමරිකාවේ අලුත් බදු යොජනා සංශෝධනය සම්බන්ධ සාකච්ඡා ඇරඹීම මෙයට හේතු වී ඇති බව දැක්වේ. මේ අතර බොරතෙල් මිල අඩුවෙමින් පවතින අතර පසුගිය දිනවල ඉහළ ගිය රත්රන් මිලගණන් නැවත පහත වැටෙමින් පවතින බව ද ජාත්‍යන්තර වෙළෙඳ පොළ තත්ව නිරීක්ෂණය කරන පසු දැක්වේ. 
මේ අතර (අප්‍රි 30) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භයේ සිට දර්ශක පිරිහීමක් වාර්තා කළේය. කොටස් විකිණීමට දක්වන ලද ප්‍රවණතාව කැපී පෙනිණ. පසුගිය සති ගණනාව තුළ වෙළෙඳ පොළ උච්ඡාවචනය වූ නමුත් අඩුම තරමින් ඉකුත් මාර්තු 11 වැනිදා වන විට සියලු කොටස් මිල පහත වැටී තිබුණ ඒකක 16,000 කරා හෝ ළඟාවීමට මෙතෙක් අසමත්ව තිබේ. 
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,799.94 ක් වූ අතර, එය දර්ශක 27.60 ක පසුබැසීමකි. ගනුදෙනු ආම්භයේ දී තවත් වර්ධනය වන ලකුණු තිබුණ නමුත් ආයෝජකයන්ගේ විකිණීම් සඳහා වූ නැඹුරුව ඉදිරියේ අඩු ඉල්ලුමක් ඇති විය. කෙසේ වෙතත් විදේශ මිල දී ගැනීම් පවා සීමා සහිත තත්වයක පැවැතිණ. විකිණීම් ඉහළ ගියේය. විදේශ ගනුදෙනුකරුවන් රු. මිලියන 153.3 ක කොටස් මිල දී ගන්නාවිට විකිණීම් රු. මිලියන 243.9 ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,643.66 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 27.60 ක පිරිහීමක් සේ දැක්විය හැකිය. 
මෙදින ගනුදෙනු 14,133 ක් වාර්තා වූ අතර සමාගම් 99 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 115 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,377.60 ක් වශයෙන් විය. 
 මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් කොටස් මිල දී ගැනීමට පසුබිමක් තිබේ. 

නිරීක්ෂක



අදහස් (0)

අද ගනුදෙනුවලදී තෝරාගත් කොටස්වල වර්ධනයක අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක්
2025 මැයි මස 02 18 0

මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී


අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි
2025 මැයි මස 02 12 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය


ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුවේදී ඉහළට
2025 මැයි මස 02 15 0

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ


අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය
2025 මැයි මස 02 20 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ


ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
2025 මැයි මස 02 6 0

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට


කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර
2025 මැයි මස 02 11 0

කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 489 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1149 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site