IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


නවලෝකෙත් ඇට මිදුළු සැත්කම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට නවලෝක රෝහල සැරසේ.

ඇටමිදුළු යනු අස්ථී කුහර වල පිහිටි සුමුදු පටක වර්ගයක් වන අතර ඒවායේ කාර්යය වන්නේ රතු රුධිරාණු නිපදවීමයි.රතු රුධිරාණු යනු සිරුර පුරා ඔක්සිජන් පරිවහණයට කිරීමට වැදගත් වන සිරුරේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයකි.

ලියුකේමියාව, තැලසීමියාව, අස්ථී දිරා යාම වැනි රෝග නිසා ඇටමිදුළුවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ.එවිට සිරුරට රතු රුධිරාණු සැපැයීම අඩු වන අතර තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් අත්වනුයේ මරණයයි.

මෙයින් මිදීමට ඇති එකම මග ඇටමිදුළු බද්ධ කිරීමයි.එහිදී රෝගියාගෙන්ම හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් හෝ ලබා ගන්නා ඇටමිදුළු බද්ධ කිරීම සිදුවේ.

ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමද ඉතා සූක්ෂ්ම වන අතර එවන් සැත්කමක් සිදුකර ගැනීමට අවැසි රෝගියෙකු වේ නම් ඔහුට හෝ ඇයට සිංගප්පූරුවට හෝ ඉන්දියාවට යෑමට සිදුවේ.සිංගප්පූරුවේ සිදුකෙරෙන සැත්කමකට රුපියල් ලක්ෂ 140 ක් පමණ වැය වන අතර ඉන්දියාවේදී එයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැයවේ.

නමුත් නවලෝක රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීම ආරම්භ කළ පසු එක්  සැත්කමක් රුපියල් ලක්ෂ 30 ක් වැනි මුදලකට සිදුකරගත හැකි වනු ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ ඇටමිදුළු බද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝගීන්ට ඉතා සුභ ආරංචියක් වනු ඇති බවට සැක නැත.



අදහස් (0)

නවලෝකෙත් ඇට මිදුළු සැත්කම්

සහන් Wednesday, 24 September 2014 08:49 PM

ශාන් ඔබේ විස්තාර්ත්මකව ලිපියට ස්තුතියි (දී)

:       1       0

ශාන් Wednesday, 24 September 2014 08:52 PM

ලංකාවේ මේක ඉතා ලාබෙට කරන්න පුළුවන් නම් පිටරටවල් වලින් ලෙඩ්ඩු එන්න පුළුවන්. එමගින් ලංකාවට විදේශ අදායමක් ලබාගන්න පුළුවන්. මේ ක්‍රියාවලියේදී බෙල්ල ලගින් ලේ නහරක් තුලින් හදවත ලග තියන ලොකු රුදිර නාලයකට බටයක් යවල තමයි සියලු බෙහෙත් හා ඇට මිදුළු ඇගට ඇතුල් කරන්නේ. මුලින් ඉතා සැර බෙහෙත් දවස් කීපයක් දීල ඇගේ තියන සියලු ඇටමිදුළු විනාසකරනවා. ඊට පස්සේ අලුත් ඇටමිදුළු අර බටයෙන් ඇතුල් කරනවා. ඊට පස්සේ අලුත් ඇට මිදුළු වලට ඇගේ බලය අල්ල ගන්න කල් සපෝර්ට් කරන බෙහෙත් දෙනවා. මේ සඳහා රෝහලේ ආරක්ෂිත වාට්ටුවක සති පහක් තරම ඉන්නවෙනවා. අර බටය මාස කීපයක් තරම ඇගේ සවි කරලා තියෙන්නේ. එකෙන් තමයි බෙහෙත් දෙන්නෙත් හා ලේ සාම්පල ගන්නෙත්. ලෙඩෙක් සාමාන්‍ය තත්වයට එන්න අවුරුදු දෙකක් විතර යනවා (දී)

:       0       1

රවී - ඕමාන් Tuesday, 23 September 2014 07:57 AM

ජය වේවා! අහන්නත් සතුටුයි මේ ආරංචිය. පින්සිද්ධ වේවා වෛද්‍යතුමන්ලාට (නි)

:       0       0

ශාන්ත Wednesday, 24 September 2014 08:53 PM

ලංකාවේ මේක ඉතා ලාබෙට කරන්න පුළුවන් නම් පිටරට වලින් ලෙඩුන් එන්න පුළුවන්. එමඟින් ලංකාවට විදේශ අදායමක් ලබාගන්න පුළුවන්. මේ සඳහා රෝහලේ ආරක්ෂිත වාට්ටුවක සති පහක් පමණ ඉන්න වෙනවා. ලෙඩෙක් සාමාන්‍ය තත්වයට එන්න අවුරුදු දෙකක් විතර යනවා (නි)

:       0       0

අජිත් Wednesday, 24 September 2014 08:20 AM

වැදගත් තොරතුරක්. (ස)

:       0       0

අජිත් Wednesday, 24 September 2014 08:20 AM

හොද ආරංචියක් (දී)

:       0       0

අජිත් Wednesday, 24 September 2014 08:23 AM

හොඳ තොරතුරක් (නදී)

:       0       0

වින්සන්ට් Tuesday, 23 September 2014 09:53 PM

ඇති එකාට නම් මේ මිල සුලුදෙයක්. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි කොටස එදා වේල කන්නෙත් බොහොම අමාරුවෙන් නම් කියන්න වෙන්නේ, ඇති අය ජීවත්වෙති. නැති අය මියදෙති. (නි)

:       0       0

සඳමාලි Thursday, 25 September 2014 03:47 AM

ඇට මිදුළු බද්ද කරන්නේ කොහොමද (දී)

:       0       0

දම්මික Thursday, 25 September 2014 03:47 AM

මිනිස්සුන්ට සන්තෝෂ වෙන්න පුළුවන් පුවතක් (දී)

:       0       0

අවිශ්ක Thursday, 25 September 2014 03:49 AM

පිට රටට දෙන සල්ලි ඉතුරුයි (දී)

:       0       0

ජනක Thursday, 25 September 2014 03:53 AM

මනුෂ්‍ය ජීවිතය තණ අහ පිණි බිදකට සමාන කලේ මේ නිසා (දී)

:       0       0

ලක්ෂ්මන් අබේගුණවර්ධන Thursday, 25 September 2014 03:51 AM

සල්ලිම නොවෙයි ජීවිතය කියන්නේ (දී)

:       0       0

සුරාජ් දම්මික Thursday, 25 September 2014 03:53 AM

පෙරේරා එහෙමයි කියලා අපි මොනවද කන්නේ ඔක්කොම වසනේ (දී)

:       0       0

පෙරේරා Thursday, 25 September 2014 03:51 AM

අපි ගන්න ආහාර වලින් තමයි ගොඩාක් ලෙඩ හැදෙන්නේ (දී)

:       0       0

අසාද් Thursday, 25 September 2014 03:53 AM

හලෝ කෝවිද ගුණසේකර දන්න දෙයක් ගැන ලියන්න මේකෙන් ලංකාවෙ ඉන්න නැතිබැරි මිනිස්සුන්ට ඇති වැඩක් නෑ ‍දොස්තරලට නම් සල්ලි ආකරයක්. (අ)

:       0       0

ලොකුආරච්චි Thursday, 25 September 2014 03:53 AM

දැක්කාද සල්ලි තියෙන මිනිහා විතරයි ඒකෙනුත් බේරෙන්නේ (දී)

:       0       0

හෙට්ටිආරච්චි Thursday, 25 September 2014 03:51 AM

පුළුවන් තරම් අපි මේ භාවයෙන් නික්මෙන්න උත්සාහ කරමු (දී)

:       0       0

ශාන් Wednesday, 24 September 2014 01:46 PM

මේක සැත්කමක් නොවේ. ඉතා සියුම් ක්‍රියාවලියක්. මටත් මෙය කරලා තියනවා (නදී)

:       0       0

ෆොන්සේකා Thursday, 25 September 2014 03:54 AM

අපිකල පාප කාර්ම තමයි මේ පලදෙන්නේ මෙවන් ලෙඩ හැදිලා (දී)

:       0       0

කුලසේකර Thursday, 25 September 2014 03:51 AM

සමාජය පිරිහිලා තව තවත් එන්න එන්නම අගාදයට තමයි යන්නේ (දී)

:       0       0

ගුණවර්ධන Thursday, 25 September 2014 03:51 AM

සංජිව හරි (දී)

:       0       0

සංජිව Thursday, 25 September 2014 03:54 AM

කවදාවත් මිනිහෙක් තව මිනිහෙක්ට පිහිට වෙන්නේ නැහැ (දී)

:       0       0

කලුවිතාරණ Thursday, 25 September 2014 03:54 AM

නැතිබැරි මිනිස්සුන්ට පිහිට වීම පුළුවන් මිනිහාගේ යුතුකමක් (දී)

:       0       0

අවිශ්ක Thursday, 25 September 2014 03:54 AM

මිනිස්සු සල්ලි නැතුව ලෙඩ දුක් හැදිලා මැරෙනකොට ඉවසා ගන්න පුලුවන්ද (දී)

:       0       0

ප්‍රවීන් Thursday, 25 September 2014 03:54 AM

අපි කරන්න ඕනේ දැම්ම ඉදලා ඇටමිදුළු ශක්තිමත් වෙන ආහාර ගැනීමයි (දී)

:       0       0

වත්සලා Thursday, 25 September 2014 03:51 AM

මෙච්චර ලංකාවේ ඉදලත් අපි දන්නේ නැහැනේ (දී)

:       0       0

දිනිත් Thursday, 25 September 2014 03:51 AM

තව ඉස්සරහට තව තව තාක්ෂනය දියුණු වෙනවා සල්ලි තමයි නැත්තේ මිනිස්සුන්ට (දී)

:       0       0

දනන්ජන Thursday, 25 September 2014 03:54 AM

අගේ ඇති වැඩකට තමයි මුල පුරන්නේ (දී)

:       0       0

ලුසිත Thursday, 25 September 2014 03:54 AM

තා තවත් මේ සම්භන්ධ තොරතුරු පලකරන්න (දී)

:       0       0

වින්ධ්‍යා Thursday, 25 September 2014 03:54 AM

මනුස්සයාටනේ මේ ඔක්කොම හැදෙන්නේ (දී)

:       0       0

පියුමි Thursday, 25 September 2014 03:51 AM

නැති බැරි මිනිහා තමයි අමාරුවේ වැටෙන්නේ (දී)

:       0       0

බුධ්ධිකා Thursday, 25 September 2014 03:51 AM

මේවාට සම්භන්ධ වෙන සියල්ලන්ටම ස්තුතියි (දී)

:       0       0

සමින්දිකා Thursday, 25 September 2014 03:51 AM

විශාල පරීක්ෂණ කරලා මේවා සොයාගෙන තියෙන්නේ (දී)

:       0       0

අමා Wednesday, 24 September 2014 09:19 AM

දුප්පතාට දෙයියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

අචල Thursday, 25 September 2014 03:51 AM

දෙන්නෙක් කසාද බදින්න පෙර රුදිර පරීක්ෂාවක් කර ගන්නවන්නම් මේ රෝග වලට විසදුම් ලැබෙනවා (දී)

:       0       0

අමා Wednesday, 24 September 2014 09:22 AM

දුප්පතාට දෙයියන්ගේම පිහිට. (ස)

:       0       0

ජගත් Thursday, 25 September 2014 03:51 AM

මේ රෝගය සැදෙන්නේ ජානමය විකුර්තිතාවයකින් (දී)

:       0       0

ලියනගේ Thursday, 25 September 2014 03:52 AM

මත් වතුර නිසා මේ රෝගය සැදෙනවද (දී)

:       0       0

ලයනල් Thursday, 25 September 2014 03:52 AM

ඉස්සර වගේ නොවෙයි දැන් ආහාර නිසාමිනිස්සු ලෙඩ වෙනවා (දී)

:       0       0

කිත්සිරි Friday, 26 September 2014 02:50 AM

ඉතා හොඳ ආරංචියක්. මෙවැනි බද්ධ කිරීම් වලට ආධාර හොයන අහිංසක අය කොච්චර ඉන්නවද ලංකාවේ? මේ වියදම අඩු කරගන්න ලැබෙනවා නම්, වැඩි දෙනෙකුට යහපතක්... (නි)

:       0       0

සිල්වා Thursday, 25 September 2014 03:52 AM

පෝෂණයෙන් වැඩි ආහාර කෑමට ගන්න (දී)

:       0       0

දර්ශන Thursday, 25 September 2014 03:55 AM

මමනම් කියන්නේ ගෝවා වගේ ආහාර ගන්න එපා (දී)

:       0       0

අශෝකා Thursday, 25 September 2014 03:52 AM

ප්‍රදීප් 100% හරි (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 25 September 2014 03:52 AM

අපි කන්නේ වස කෑම ඒ නිසයි මිනිස්සු ලෙඩ වෙන්නේ (දී)

:       0       0

නලිනි Thursday, 25 September 2014 03:52 AM

ජිවිතයේ පුරුද්දක් විදිහට ව්‍යායාම කරන්න (දී)

:       0       0

දුමින්ද Thursday, 25 September 2014 03:52 AM

සෞක්‍ය සම්පන්නව ඉන්න මිනිසුනේ (දී)

:       0       0

මිගාර Thursday, 25 September 2014 03:52 AM

මේ දරා ගන්න බැරි වියදමට රජයෙන් සහනයක් සලසනවානම් ලොකු පින් කමක් (දී)

:       0       0

බණ්ඩාර Thursday, 25 September 2014 03:52 AM

මේ සැත්කමට විශේෂ පුහුණුවක් අවශ්‍යයි (දී)

:       0       0

නලිනි Thursday, 25 September 2014 03:55 AM

වෛද්‍ය වරු කියන්නේ දෙවිවරු (දී)

:       0       0

උපාලි Thursday, 25 September 2014 03:55 AM

කොපමණ කාලයක් යනවද මේ සැත්කමට (දී)

:       0       0

දුමිඳු Thursday, 25 September 2014 03:52 AM

මේවා කරන වෛද්‍ය වරුන් ගැනත් සදහන් කරන්න (දී)

:       0       0

කලන Thursday, 25 September 2014 03:55 AM

නියම වටිනා ලිපියක් (දී)

:       0       0

සමන්ත Thursday, 25 September 2014 03:52 AM

ලංකාව තාක්ෂණයෙන් ඉදිරියට (දී)

:       0       0

දම්මි Thursday, 25 September 2014 03:52 AM

බුදු හාමුදුරුවෝ ඕක තමයි කියුවේ ජීවිතය දුකයි කියලා (දී)

:       0       0

සනෝජා Thursday, 25 September 2014 03:52 AM

රෝගී වූ මිනිස්සු දැක්කාම කලකිරෙනවා ජිවිතෙන්ම (දී)

:       0       0

අත්තනායක Thursday, 25 September 2014 03:52 AM

මෙහෙම ලෙඩ හැදෙනවට වඩා මැරෙන එක හොඳයි (දී)

:       0       0

ලකිශානි Thursday, 25 September 2014 03:52 AM

නැති බැරි කමත් වලිගය නැති ගොනා වගෙයි කියනවනේ (දී)

:       0       0

දනුෂ්ක Thursday, 25 September 2014 03:52 AM

කාලෝචිත ලිපියක් (දී)

:       0       0

ලක්ෂාන් Thursday, 25 September 2014 03:52 AM

පිට රටට විතරද හොඳ නැද්ද ...(දී)

:       0       0

දම්මිකා Thursday, 25 September 2014 03:55 AM

මේවා කරන්න දොස්තරු ලංකාවේ ඉන්නවද (දී)

:       0       0

දේවි Thursday, 25 September 2014 03:52 AM

මෙවන් ලෙඩක් හැදෙන්න එපා කියන එකයි මගේ පැතුම (දී)

:       0       0

වජිර Thursday, 25 September 2014 03:52 AM

වැඩිපුර සල්ලි ගන්නේ මේක සෙල්ලම් වැඩක් නොවන නිසයි (දී)

:       0       0

ශාන්ත Thursday, 25 September 2014 03:55 AM

සෙල්ලම් වැඩක්ද ඇටමිදුළු නැවත ලබා දෙනවා කියන්නේ (දී)

:       0       0

දර්ශන Thursday, 25 September 2014 03:52 AM

තාක්ෂණයේ අපුරුව (දී)

:       0       0

දම්මික Thursday, 25 September 2014 03:55 AM

අනේ කොයි තරම් දෙයක්ද (දී)

:       0       0

කිරුළු Thursday, 25 September 2014 03:52 AM

සමාජයේ බොහොම සීමිත ප්‍රමාණයකට විතරයි මේ පහසුකම තියෙන්නේ (දී)

:       0       0

ජනිත් ජීවන්ත Thursday, 25 September 2014 03:55 AM

මේ ගැන වගකිවයුත්තන්ගේ ඇස් කන් ඇරේවා (දී)

:       0       0

හරින් Thursday, 25 September 2014 03:55 AM

ආණ්ඩුවේ ඉස්පිරිතාලවලටත් ගෙන්න (දී)

:       0       0

නන්දිත Thursday, 25 September 2014 03:55 AM

ඉතා හොඳ වැඩක් (දී)

:       0       0

දිමුතු Thursday, 25 September 2014 03:55 AM

අනේ මන්දා අහනකොටත් පිස්සු වගේ (දී)

:       0       0

ලයනල් Thursday, 25 September 2014 03:55 AM

ආරංචිය නම් හොදයි (දී)

:       0       0

සීනු Thursday, 25 September 2014 03:53 AM

ලංකාවේ තත්වයෙන් උසස් තාක්ෂණයක් ඇති කරන්න (දී)

:       0       0

එරංග Thursday, 25 September 2014 03:55 AM

මෙන්න වැඩ විශ්මිතයි (දී)

:       0       0

විරාජ් Thursday, 25 September 2014 03:55 AM

සල්ලි මැවුවේ කවුද දෙයියෝ (දී)

:       0       0

හෂාන් Thursday, 25 September 2014 03:53 AM

මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම (දී)

:       0       0

අනෝමා Thursday, 25 September 2014 03:53 AM

අපි පරිත්‍යාග කරන කොට අක්ෂිදාන සංගමයට දෙන්න පුලුවන්ද (දී)

:       0       0

ලක්මාල් Thursday, 25 September 2014 03:53 AM

නැති බැරි මිනිහෙක්ට උදව් කරන එකත් පිනක් (දී)

:       0       0

ප්‍රසාද් Thursday, 25 September 2014 03:55 AM

ඇට මිදුළු දන් දෙන්නේ කොහොමද (දී)

:       0       0

විජිත Thursday, 25 September 2014 03:55 AM

මස් දියවෙන කාන්තාවක් ගැන මම දැක්කා පුවතක් (දී)

:       0       0

සුනිමල් Thursday, 25 September 2014 03:55 AM

සාමාන්‍ය මිනිහෙකුගේ ශරීරය දීලා තියෙන අපුරුව (දී)

:       0       0

සදුනි Thursday, 25 September 2014 03:53 AM

දැන ගන්න මේ ලෙඩ වලින් පෙන්නේ අතීතයේ කරුම කර ඇති බවයි (දී)

:       0       0

දුලාන් Thursday, 25 September 2014 03:55 AM

නවලොකෙට සුභපැතුම් (දී)

:       0       0

සුදේශ් Thursday, 25 September 2014 03:53 AM

නැති බැරි මිනිහා කොහෙදිත් මැරෙනවා (දී)

:       0       0

ජීවන්ත Thursday, 25 September 2014 03:55 AM

අනේ හොදයි (දී)

:       0       0

ලහිරු Thursday, 25 September 2014 03:58 AM

ලංකාවෙ ඉන්න නැතිබැරි මිනිස්සු ගැන හිතන්න (දී)

:       0       0

නිමල්ෂාන්ත Thursday, 25 September 2014 03:58 AM

මේ ලෙඩ හැදෙනවට වඩා හොදයි මිනිස්සු මැරෙනවා (දී)

:       0       0

ලලින්ද්‍ර Thursday, 25 September 2014 03:58 AM

කෝවිද ගුණසේකර ඔබට ස්තුතියි මෙවන් ලිපියක් අපිට දුන්නාට (දී)

:       0       0

අතුකෝරල Thursday, 25 September 2014 03:58 AM

මොනවගේ තත්වයකදීද මේ වගේ භයානක රෝගයක් එන්නේ (දී)

:       0       0

නිර්මල Thursday, 25 September 2014 03:58 AM

"මෙය ශ්‍රී ලංකාවේ ඇටමිදුළු බද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝගීන්ට ඉතා සුභ ආරංචියක් වනු ඇති බවට සැක නැත." සල්ලි තමයි නැත්තේ (දී)

:       0       0

බුද්ධි Thursday, 25 September 2014 03:56 AM

ගාන තමයි වැඩි (දී)

:       0       0

ලයනල් Thursday, 25 September 2014 03:56 AM

කාටද ආඩම්භර (දී)

:       0       0

මිනුවන්ගොඩ Thursday, 25 September 2014 03:58 AM

ලෝකේ තියෙන කරුමම ලෙඩක් තමයි තැලසීමියා කියන්නේ (දී)

:       0       0

ලාල් Thursday, 25 September 2014 03:56 AM

අස්ථි බන්ධනයක් වගේ දෙයක්ද (දී)

:       0       0

තිවන්ක Thursday, 25 September 2014 03:58 AM

සුභපතනවා ඒ සියලු දෙනාටම (දී)

:       0       0

ගුනේ Thursday, 25 September 2014 03:58 AM

නවලෝක කියන්නේ සැම තාක්ෂනයක්ම තියෙන රෝහලක් (දී)

:       0       0

රුවන් Thursday, 25 September 2014 08:38 AM

ශාන්, ඔබට ස්තුතියි (දී)

:       0       0

ප්‍රසාද් Thursday, 25 September 2014 03:58 AM

ඉතා හොද ලිපියක් (දී)

:       0       0

කුසල් Thursday, 25 September 2014 03:56 AM

ආණ්ඩුවෙන් සල්ලි දීලා හෝ රෝගීන් සුවපත් කරනවානම් ලොකු පිනක් (දී)

:       0       0

කලන Thursday, 25 September 2014 03:56 AM

මිනිස්සු මේ ලෙඩ හැදිලා මැරෙන්නේ කර ගන්න සල්ලි නැතුව (දී)

:       0       0

සුසන්ත Thursday, 25 September 2014 03:56 AM

ලක්ෂ තිහක් කියන්නේ සෙල්ලමක්ද (දී)

:       0       0

ඉශාන් Thursday, 25 September 2014 03:58 AM

කිසිම කෙනෙකුට තැලසීමියා වගේ කරුම ලෙඩක් නම් හැදෙන්න එපා (දී)

:       0       0

නිල්මිණි Thursday, 25 September 2014 03:58 AM

සල්ලි නැති මිනිස්සුන්ට මෙවන් සත් කමක් කරගන්න පුලුවන්ද (දී)

:       0       0

සුනෙත් Thursday, 25 September 2014 03:56 AM

මිට පෙර කරලා නැද්ද (දී)

:       0       0

දුමින්ද Thursday, 25 September 2014 03:56 AM

සල්ලි සල්ලි ජීවිතය තීරණය කරන්නේ සල්ලි (දී)

:       0       0

සජාඩ් Thursday, 25 September 2014 03:58 AM

දොස්තරුන්ට නම් හොදයි (දී)

:       0       0

පියල් පුෂ්පකුමාර Thursday, 25 September 2014 03:56 AM

හොද ආරංචියක් ස්තුතියි ලංකාදීප (දී)

:       0       0

ෆාතිමා Thursday, 25 September 2014 03:58 AM

සල්ලි තියෙන මිනිහා සල්ලි දීලා කර ගන්නවා නැති මනුස්සයා (දී)

:       0       0

නදුන් Thursday, 25 September 2014 03:59 AM

මිනිස්සුන්ට මෙවන් රෝගයක් ඇති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා (දී)

:       0       0

කුසල් Thursday, 25 September 2014 03:59 AM

කොපමණ මුදලක් යනවද (දී)

:       0       0

ජීවන්ත Thursday, 25 September 2014 03:56 AM

කොහොමද කරන්නේ (දී)

:       0       0

දම්මික Thursday, 25 September 2014 03:59 AM

ලංකාව දවසින් දවස දියුණු වෙනවා (දී)

:       0       0

සංක Thursday, 25 September 2014 03:59 AM

නවලෝකේ විතරද තියෙන්නේ (දී)

:       0       0

හසන්ති Thursday, 25 September 2014 03:56 AM

තව තවත් ආදාර දීලා ප්‍රවර්ධනය කරන්න (දී)

:       0       0

ඒ එස් ඩී Thursday, 25 September 2014 03:59 AM

මේකෙන් ලංකාවෙ ඉන්න නැතිබැරි මිනිස්සුන්ට ඇති වැඩක් නෑ ‍දොස්තරලට නම් සල්ලි ආකරයක් (දී)

:       0       0

දමයන්ති Thursday, 25 September 2014 03:59 AM

ඕනෑම බලවතෙක් රෝගී උනාම දුබල වෙනවා (දී)

:       0       0

නදුන් Thursday, 25 September 2014 03:56 AM

මේ සැත්කම මේ තරම් අමාරුද (දී)

:       0       0

අශේන් Thursday, 25 September 2014 03:59 AM

ඉන්දියාවට යන සල්ලි ඉතුරු වෙනවා මිනිස්සුන්ට මානසික සහනයක් ලැබෙනවා (දී)

:       0       0

කිත්සිරි Friday, 26 September 2014 05:29 AM

ඉතා හොඳ ආරංචියක්. මෙවැනි බද්ධ කිරීම් වලට ආධාර හොයන අහිංසක අය කොච්චර ඉන්නවද ලංකාවේ... මේ වියදම අඩු කරගන්න ලැබෙනවනම්, වැඩි දෙනෙකුට යහපතක්... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 43 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 184 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 38 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 414 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 214 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 307 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site