IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘දේශිය ලොකු ලූණු වගාවට නිසි මිලක් නැති නිසා ගොවීන් වගාවෙන් ඈත්වෙලා‘

(කාංචන කුමාර ආරියදාස)
 
දේශීය ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත් වීමට බලපෑ ප්‍රධානතම හේතුව නිෂ්පාදන වලට නිසි මිලක් නොමැති වීම බව මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න  පල්ලෙමුල්ල  මහතා පැවසීය.


පසුගිය වසරවලදී දේශීය ලොකුළුණු  හෙක්ටයාර්  හාරදහසකට ආසන්න  පමණයක්  වගා කළ ද මේ වන විට එය හෙක්ටයාර් දහසකටත් අඩු වීම බරපතළ ප්‍රශ්නයක් බවත් ඉදිරියේදී ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත්වෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.


ලොකු ලූනු වගාවෙන්   ගොවියා  ඉවත්වීමට  කරුණු කිහිපයක් බලපෑ බවත් නියගය වැස්ස වැඩිවීම මෙන්ම නිෂ්පාදන වියදම අධික වීම විදේශ රටවලින් ලොකුලූනු විශාල වශයෙන් ගැන්වීම ආදි කරුණු කාරණා රැසක් අතීතයේ සිට බලපෑ බව හෙතෙම සඳහන් කළේය.


දේශීය ලොකු ලූනු ගොවියාට තම නිෂ්පාදනය සඳහා ලොකුළුණු කිලෝවක ගැණුම් මිල රුපියල් 70 ක් රුපියල් 80 ත් අතර මිලක් පැවතිය යුතු බවද එක කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 51 ක මුදලක් වැයවෙන බව බවද ලොකුලූනු අක්කර එකක් වගා කිරීම සඳහා රුපියල් දෙලක්ෂ පනස් දාහක් දී ලක්ෂ අසූදාහක් අතර මුදලක් වියදම් වන බව ප්‍රසන්න  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම නිෂ්පාදන වියදම ඉහළ යෑමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකාවේ කම්කරු කුලිය ඉහළ යෑම බවත් මිනිස්  දින 130 කට වඩා වැය වෙන බවද ඉන්දියාවේ සහ වෙනත් රටවල කම්කරු කුලිය අඩුවීම සහ විවිධ සහන ගොවීන්ට ලබාදීම නිසා අඩු පිරිවැයකින් ලොකු ලුණු නිෂ්පාදනය කිරීම සිදු වන බව හෙතෙම සඳහන් කළේය.


වසරකට මෙරට ඒක පුද්ගල ලුණු පරිභෝජනය කිලෝ දහයක් බවත් වසරකට ලොකු ලූණු  මෙක්රික්ටෝන්  දෙලක්ෂ අසුදහසක්  පමණ  අවශ්‍යතා  පවතින බවත් මෙරට ලොකුලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හැටදහසක් හැත්තෑ දහසක්  අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් 2014 වසරේ මෙරට ලොකු ලූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්ම වූ බව ද සඳහන් කළේය .


නිෂ්පාදනය වැඩි වීමත් සමඟ දේශීය ලොකුලුණු ගොවියාට මිලක් අහිමි වීමත් සමඟ ලොකු ලූනු ගොවියා සිය වගාවෙන් ඈත්වීමට පටන් ගත් බව ප්‍රසන්න ප්ලේමුල්ල  මහතා සඳහන් කළේය.

 



අදහස් (4)

‘දේශිය ලොකු ලූණු වගාවට නිසි මිලක් නැති නිසා ගොවීන් වගාවෙන් ඈත්වෙලා‘

Bamunuarachchi Friday, 01 June 2018 02:17 AM

මිල නියම වෙන්නේ ඉල්ලුම සැපයුම මතයි ඔය ආර්ථික න්‍යාය වෙනස් කොරන්න ගියොත් කවරු හරි පාඩුවක් විඳිනවා. වැඩි මිලට ළූණු විකුණන ගියොත් මිනිසුන් ගැනීම සීමා කොරනවා එතකොට වැඩි ළූණු ටිකට වෙන්නේ මොකක්ද. අඩු මිලට ළූණු දුන්නොත් සීනි සම්බෝල නොහදන ගෙදරක සීනිසම්බෝල ටිකක්වත් හදා ගන්න වැඩිපුර ළූණු ගනීවි

:       0       0

himal Friday, 01 June 2018 10:15 AM

මෙතන මේ නිලධාරියා ප‍ටු විදිහට කතා කරන්නේ. ඔය කියන ගණන් වලට ලූණු ගත්තොත් වෙළෙඳපලට එනකොට ලූණු කිලෝවක් කීයක් වේවිද? ලූණු වේවා වෙනත් ඕනම භෝගයක් වේවා වවන්නේ පාරිභෝගික ඉල්ලුමට නම්, පාරිභෝගිකයට ගන්න පුළුවන් ගානකට දෙන්න දැන ගන්න ඕන. ඒකට ගොවියාට නව දැනුම,පසු අස්වනු තාක්ෂණ ක්‍රම උගන්වන්න ඕන. අවාසනාවකට ලංකාවේ වෙන්නේ මේ කිසිම දෙයක් කරන්නෙ නෑ, අස්වැන්න ගත්තට පස්සේ විකුණ ගන්න බෑ කියලා පිකට් කරලා මාධ්‍යයේ දානවා, ඒක දැකලා අදූරදර්ශී දේශපාලුවො ආනයනවලට බදු ගහලා, බදු සල්ලි වලින් ලොකු ගාණකට අර භෝගය ගන්න නියෝග කරනවා. හැමදාම මෙහෙම පුළුවන් කියලා දන්න හින්දා ගොවියෝ තමන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරන ක්‍රම හොයන්නෙ නෑ.

:       0       26

de silva Monday, 11 June 2018 10:35 PM

ඉන්දියාවෙන් ගෙන්වන ලූණු ලංකාවේ නිපදවන ලුණු වලට වැඩිය අඩුවෙන් දෙන්න පුලුවන්නම් අපේ ක්‍රමයේ කුමක් හෝ ගැටළුවක් තිබෙනවා , මේවට වගකියන්න ඕනේ කෘෂිකර්ම නිලධාරියෝ, මේකට කරන්න තිබෙන හොඳම දෙය ඉන්දියාවේ මේවා කරන නිලධාරියෙක් මෙරටට ගෙන්වා මොවුන්ට උපදෙස් දෙන එක, මොවුන් විදේශ සංචාර වලට යැවීම විහිළුවක්.

:       0       20

de silva Tuesday, 12 June 2018 02:41 PM

ලොකු ලුණු වවන කාලෙට ගොවියන් ඔක්කොම ලොකු ලුණු වවනවා , වටක්ක වවනකොට ඔක්කොම වට්ටක්ක වවනවා , මේ කෘෂි නිලධාරින් ගොවි සංගම් සමග එකතුවෙලා එක කන්නේට භෝග වර්ග කිහිපයක් වගකරලා සැපයුම පාලනය කරනවා නම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ , මේ නිලධාරින් හරියට තම රාජකාරිය නොකරන එක තමා හැම අවුරුද්දේම මේ ප්‍රශ්නෙට මුල .

:       0       32

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 73 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 138 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 98 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site