IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ඩයලොග් මනුසත්කාරයෙන් රෝහල්වලට අත්‍යවශ්‍ය උපකරණ ජනතාවට වියළි ආහාර මලුත් බෙදාදෙයි

මෙරට ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, ඔවුන්ට සහායවීම සඳහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ හුදකලා කළ ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර මළු බෙදාදීම වෙනුවෙන් ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ ක්‍රියාන්විතයේ තෙවන අදියර පසුගියදා ආරම්භ කරන ලදී.

මෙම ක්‍රියාන්විතය කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයෙන් මතුවිය හැකි අහිතකර බලපෑම් පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට සහායවීම වෙනුවෙන්, ඩයලොග් විසින් ක්‍රියාවට නංවන තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනකි. මැයි 18 දා ආරම්භ වූ මෙම ක්‍රියාන්විතයන් සති දෙකක් පුරාවට ක්‍රියාත්මක වේ. මේ යටතේ දිවයිනපුරා පිහිටි රෝහල්වල කාර්යමණ්ඩලයට සිය දෛනික කාර්යභාරය බාධාවකින් තොරව පවත්වාගෙන යමින් රෝගීන්ට වඩා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ පහසුකම් සලසනු ලැබේ. මීට සමගාමීව හුදකලා කළ ප්‍රදේශවල පීඩාවට පත් පුද්ගලයන් 15,600 කට වියළි ආහාර මළු බෙදාදීමටද කටයුතු කෙරේ.

කොරෝනා පළමු හා දෙවැනි රැල්ලේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් ඩයලොග් ආයතනය මේ හා සමාන ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී. සති 6 ක් පුරා ක්‍රියාත්මක වූ ‘මනුසත් දෙරණ සමඟ ඩයලොග්’ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 22 කට අයත් ගම්මාන 400 කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට අත්‍යවශ්‍ය වියළි ආහාර මළු බෙදාදීමට කටයුතු කෙරිණි. දෙවන අදියර යටතේ දින 22 කදී, දිස්ත්‍රික්ක 10 ක පීඩාවට පත් 46,000 ක පිරිසකට සහන සැලසීමට හැකිවිය.

රටේ සියලුම පුරවැසියන්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීම වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මිලදීගැනීමේ ක්‍රියාවලියේ සිට ඒවා ඇසුරුම්කරණය සහ බෙදාහැරීමේ කාර්ය රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීමට පියවර ගෙන ඇත.

මෙම ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දැක්වූ IDH රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය හසිත අත්තනායක “මෙවැනි අවස්ථාකදී අප රෝහලේ දෛනික කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සහ රෝහලේ සනීපාරක්ෂක කටයුතු නිසි අයුරින් පවත්වාගෙනයාමට අත්‍යවශ්‍ය පහසුකම් අප රෝහලට ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ‘මනුසත් දෙරණ සමග ඩයලොග්’ ක්‍රියාන්විතය අපි බෙහෙවින්ම අගය කරනවා. මෙරටින් කොරෝනා පිළිබඳව තොරතුරු වාර්තාවීමට පටන්ගත් කාලයේ සිටම ‘මනුසත් දෙරණ සමග ඩයලොග්’ ක්‍රියාන්විතය හරහා අවස්ථා ගණනාවකදීම අපට අවශ්‍ය සහාය නොමඳව ලබාදී තිබෙන අතර, රට තුළ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ මෙහෙයුමට එම දායකත්වය අතිශයින් වැදගත් වුණා. එපමණක් නොවෙයි ‘මනුසත් දෙරණ සමග ඩයලොග්’ ක්‍රියාන්විතය අප රෝහල් කාර්යමණ්ඩලයේ මෙන්ම රෝගීන්ගේ සිත් සතන්වලට නව ජීවයක් එක් කිරීමට සමත් වුණා.”

රට තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමට පටන්ගත් මුල් අවධියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට ඩයලොග් ආයතනය එකඟතාවය පළ කරන ලදී. එම එකඟතාවය යටතේ මීගමුව මහ රෝහලට සහ හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් සමන්විත පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුත් දැඩි සත්කාර ඒකක ස්ථාපිත කරදීමට ඩයලොග් ආයතනයට හැකිවිය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය විසින් IDH රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක වෙත රෝහලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කළ අවස්ථාව.

ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය ‘මනුසත් දෙරණ සමග ඩයලොග්’ ක්‍රියාන්විතයේදී හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි හට රෝහලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කළ අවස්ථාව.



අදහස් (0)

ඩයලොග් මනුසත්කාරයෙන් රෝහල්වලට අත්‍යවශ්‍ය උපකරණ ජනතාවට වියළි ආහාර මලුත් බෙදාදෙයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 42 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 164 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 111 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 250 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 47 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 429 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site