IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගම්මිරිස් වගාවට දරුණු රෝග දෙකක්

(මොහොමඩ් ආසික්)

ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක්ව  පවතින ඉක්මන් මැලවීමේ රෝගය සහ කඳන් විඳින කුරුමිණියාගේ හානිය නැවතත් දිවයින පුරා ගම්මිරිස් වගාවට ව්‍යාප්ත වෙමින් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

එම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ශාක ව්‍යාධි විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) රෝහණ විජේකෝන් මහතා පවසන්නේ මේ වන විටත් බදුල්ල, රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාවන් තුළ මෙම රෝග වාර්තා වන බවයි. 

එසේම ඉදිරියේදී මෙම රෝගයන් හා පලිබෝධ හානි පාලනය නොකලොත් ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් වෙමින් දිවයින පුරා පැතිරයාමට ඉඩකඩ පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

තදවැසි කාලවලට පසුව එන වියළි කාලයේදී ගම්මිරිස් වැල්වල පත්‍ර හා පුරුක් හැලීයාම, පත්‍ර කහපැහැවීම, කහ පැහැ වූ පත්‍රමත තද කළු පැහැති පැල්ලම් දක්නට ලැබීම, රෝගය වැළඳී සති 2ක් 3ක් අතර ගම්මිරිස් වැල් මියයාම ඉක්මන් මැලවීමේ රෝගයේදී දක්නට ලැබෙන ලක්ෂණ අතර වේ.

එසේම ගම්මිරිස් වැල් වනසන කඳන් විඳින කුරුමිණියාගේ හානියද මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන බව විජේකෝන් මහතා සඳහන් කළේය. 

මෙහිදී ගම්මිරිස් පත්‍ර වියළීමට ලක් වුව ද එම පත්‍ර ගම්මිරිස් වැළෙන් වෙන් නොවන අතර දුරසිට බලන විට ගම්මිරිස් වැල් පිළිස්සී ඇති ආකාරයක් දක්නට ලැබේ. ගම්මිරිස් වැලේ කඳ පලා බැලුවිට කඳේ ඇතුළත සුදු පැහැති පනුවන් අභ්‍යන්තර කොටස් කා දමා ඇති ආකාරයද දක්නට ලැබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම රෝග පාලනය සඳහා හානියට පත් වු ගම්මිරිස් වැල්වල කොටස් කපා පුළුස්සා දැමිය යුතු බවත් ඒ සඳහා නිර්දේශිත කෘමිනාශකයක් යෙදිය යුතු බවත් රෝහණ විජේකෝන් මහතා තව දුරටත් කීය. රෝගය පාලනයට අවශ්‍ය උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සහ සෑම බදාදා දිනකම ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී මහත්වරුන්ගෙන් නොමිලේ ලබා ගත හැකි බවත් මේ පිළිබඳ වැඩි විස්තර 066- 2222822 හෝ 0812 388651 දුරකථන අංකය අමතා ලබා ගත හැකිබවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.



අදහස් (6)

ගම්මිරිස් වගාවට දරුණු රෝග දෙකක්

lalithm Friday, 14 February 2020 02:13 PM

අර ග්‍රාම නිලධාරි කාර්යාලවල ඉඳන් නිදියගන්න කෘෂි සංවර්ධන නිලධාරීන් කියන අයට බැරිද ගමේ ගම්මිරිස්, පොල්, කෙසෙල් වගේ වගාවලට ගිහින් බලලා උදව් කරන්න. මේ අය ඉන්නේ නිකම් පඩි අරන් නිදියන්නද?

:       2       230

Kumar Friday, 14 February 2020 05:08 PM

මේ ගම්මිරිස් රෝගය ආනයනය කල එක්කද? කෑගලු දිස්ත්‍රික්කයේ සෑම ඉඩමකම ගම්මිරිස් වවල තිබෙනවා. ඒවාට රෝගය සැදුනොත් ගම්මිරිස් ආනයනය කරන්න වෙනවා.

:       0       0

warasinghe Saturday, 15 February 2020 11:11 AM

පානදුර මගේ නිවසේද මෙම රෝගය තිබෙනවා

:       0       1

kamkaru Sunday, 16 February 2020 06:55 AM

රස්සාවට එන්න ඉස්සෙලා පුළුවන් තරම් යහපලානේ ගේන්න කැන්වසින් ගියා. දැන් ඒවාට හරියන්න තමයි නිකන් ඉන්නේ විවේක ගන්න.

:       1       3

Dilan Tuesday, 18 February 2020 03:04 AM

ගම්මිරිස් තිබිලා වැඩකුත් නෑ. මීට අවුරුදු පහකට කලින් රුපියල් 1300 ට තිබුණු මිළ අද රුපියල් 500 යි. වගාව නඩත්තුවටයි අස්වැන්න නෙළන්නයි යන වියදමවත් නෑ.

:       0       1

SL Wednesday, 19 February 2020 01:28 AM

යුද්දෙන් පසුව ලංකාවේ බෝග වගාවට, මිනිසුන්ට පැතිරුණු රෝග ප්‍රමාණයේ වැඩිවීමක් තියෙනවා. මේවා බලෙන් කරන දේවල් වෙන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 78 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 139 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 102 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site