අංජුල මහික වීරරත්න
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය.
වින්ගෲප් සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජන කරන ලෙස ජනාධිපතිවරයා වින්ගෲප් සමූහයට ආරාධනා කළේය.
වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාම ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා නම්‍යශීලී හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙළෙඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින් වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම ((Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කරන ලදී. වර්තමානය වන විට වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකකි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) යන මහත්වරු සහ දෙරටේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ජානමය ලක්ෂණ එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට මාරු වන්නේ පිරිමින් සහ කාන්තාවන්ගේ ප්‍රජනක ශෛලවල ඇති නියුක්ලෙයික් අම්ලය හරහාය. පොස්පරස් යනු නියුක්ලෙය
ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා සඳහා වැඩි ප්‍රවේශයක් ලබාදීම සහ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවස්ථාව පුළුල් කිරීමෙන් සහාය වීමට කොළඹ කො
මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමක් කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා මහ බැ
ශ්‍රී ලංකාවේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රමුඛ ආයතනයක් වන INSEE Ecocycle Lanka (Pvt) Limited, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරණ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධාන කරන BMPC Awards 2025 සම
සුරතල් සත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන Pick My Pet පෞද්ගලික සමාගම London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරතල් සත්ව රැකවරණ ස
NDB බැංකුව, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (WNPS) තරුණ අංශය සමග එක්ව,ිසංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ අවසාන පරිච්ජේදය සාර්ථකව අවසන් කළේය 2025
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්