සුරතල් සත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන Pick My Pet පෞද්ගලික සමාගම London Business Consultancy ආයතනය සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුරතල් සත්ව රැකවරණ සහ අලංකරණ සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය.
2022දී ඇරැඹුණු Pick My Pet සතුව සුරතල් සතුන් සඳහා වෙන් වූ මෙරට පිහිටි විශාලම නවාතැන් පරිශ්‍රය ඇත. සියලු පහසුකම්වලින් සමන්විත එය මීගමුව ගොඩිගමුව ප්‍රදේශයේ අක්කර 32ක භූමියක පිහිටා ඇත. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව ඉදි කර ඇති එහි සතුන් සඳහා වෙන් වෙන් වශයෙන් කූඩු ඉදි කර තිබේ. ඒ තුළින් සෑම සතෙකුගේම පහසුව සහ ආරක්ෂාව තහවුරු කෙරේ. ඇවිදින මංතීරු සහ සෙල්ලම් කිරීම සඳහා ස්ථාන තුනක්ද ඉදි කර තිබේ. කිසිදු බාධාවකින් තොරව ඔබ මොබ සැරි සැරීමට සහ සෙල්ලම් කිරීමට සුරතල් සතුන්ට අවස්ථාව සලසා දී ඇත. සුරතල් සතුන් නිවෙස්වල සිට නවාතැන් පරිශ්‍රය වෙත රැගෙන ඒමට සහ නැවතත් නිවෙස්වලට රැගෙන යාමට විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක වේ.
Pick My Pet කෙටි කාලීන රැකවරණ මධ්‍යස්ථාන තුනක් වත්තල ඉදි කර ඇත. ඒ අතරින් දෙකක් large-breed සහ small breed යන වර්ගවලට අයත් සුනඛයන් සඳහාත් තවත් එකක් බළලුන් සඳහාත් වෙන් කර තිබේ. සුරතල් සතුන් සඳහා අවශ්‍ය ආහාර පෝෂණ අතිරේක සහ අනෙකුත් දෑ අලෙවි කරන වෙළෙඳසැල වත්තල පිහිටා ඇත. එම සමාගම සුරතල් සතුන් සඳහාම වෙන් වූ රූපලාවණ්‍යාගාර සහ සම්බාහන මධ්‍යස්ථාන වත්තල සහ පිටකෝට්ටේ ස්ථාපනය කර තිබේ. සාමාන්‍ය අලංකරණ සේවාවල පටන් ඒ ඒ සතුන්ගේ සමට ගැළපෙන විශේෂ තෙරපි ප්‍රතිකාර දක්වා සෑම සේවාවක්ම එහිදී සපයන අතර එම සේවා සපයන්නේ අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත වෘත්තිකයන්ය. Iconic Awards 2024 සම්මාන උළෙලේ දී වසරේ නැගී එන සුරතල් සත්ව රැකවරණ සේවා සපයන්නා ලෙසද Pick My Pet සම්මාන දිනා ඇත.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
Pick My Pet විශිෂ්ටම සුරතල් සත්ව රැකවරණයට සම්මාන දිනයි