2025 දෙසැම්බර් මස 18
259
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2018.09.03
සරත් හෙන්දහේවා Monday, 03 September 2018 07:26 AM
සංහිඳියා නාට්‍ය, පරිප්පු හා පැණි ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට බහුතර සිංහල ජනතාවගේ මොල සේදීම සඳහා සංහිඳියා කාර්යාලය මගින් නිෂ්පාදනය කෙරෙන ගුවන්විදුලි නාට්‍යවලට යොදා ඇති නම් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් පසු ගිය දෙසතිය තුළ ජනමාධ්‍ය මගින් දැනුවත් වීමු. බොදු ජනතාවගේ මුවග නිරතුරු රැඳෙන වචන විකෘති කර භාවිතා කිරීම ගැන එයට දායක වූ කලාකරුවෝ මාධ්‍යහමු පවත්වමින් නම නොව “අන්තර්ගතය” සලකා බලන ලෙස ඉල්ලා සිටියහ. ආන්දෝලනයට හේතුව සරල නිර්ණායක දෙකකි. පළමු වැන්න ජනප්‍රසාදයක් ඇති, අති දක්ෂ, දැන උගත් හා රැඩිකල් මෙම කලාකරුවෝ ජනවිඥානය හඳුනාගෙන නැත. දෙවැන්න (කලාකරුවන් එළිපිට නොපවසන පරිදි - මෝඩ) ජනතාව නාට්‍ය නොඅසා, හරය නොවිමසා විරෝධය දැක්වීමයි. මේ අලකලංචිය තුළ මගේ ළමා කාලයේ දී කියවූ කතා දෙකක් සිහියට නැගිනි. ඒවා පල වී තිබුනේ 70 -80 දශකයේ සිළුමිණ පුවත්පතේ ගැමි රස කතා යටතේ බව මගේ මතකයයි. ඒවා එම වකවානුවේ පලවුවද සිදුවීම් ඊට කලකට පෙර සිදු වූ ඒවා බව සිතිය යුතුවේ. මෙම වියක්ත කලාකරුවන් පවසන “අන්තර්ගතය” හා පෑහෙන බැවින් ඒවා මෙසේ දක්වමි.