(සිසිර ලලිත් කුමාර)
2025 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයෙන් පාසල් වර්ණ සමගින් තුන්වන ස්ථානය ලබා ලෝකඩ පදක්කම දිනා ගැනීමට කොත්මලේ හැදුණු වැව මධ්‍ය විද්‍යාලයේ තිසුම් දිනුජය සමත්විය.
තිසුම් දිනුජය ක්‍රීඩකයා 2025 වර්ෂයේ කොත්මලේ කලාපයේ වයස අවුරුදු 20න් පහළ මීටර් 400, 800 හා තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථානය හා 20න් පහළ දක්ශතම ක්‍රිඩකයා මෙන්ම වසරේ දක්ශතම ක්‍රිඩකයා ද විය .
ඊට අමතරව මධ්‍යම පළාත් පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සහ මීටර් 400 කඩුලු මතින් දිවීම දෙවන ස්ථානයන් හිමිකර ගැනීමට ද තිසුම් දිනුජය සමත් විය.
පසුගිය 2024 වර්ෂයේ කොත්මලේ කලාපයේ වයස අවුරුදු 20න් පහළ මීටර් 400,800 හා තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථානය හා දක්ෂතම ක්‍රීඩකයා ලෙසද වර්ෂ 2024 පළාත් තරගාවලියේ දී වයස 20න් පහළ තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථානය ත් මීටර් 400 කඩුලුමතින් දිවීම දෙවන ස්ථානයත් 2024 සමස්ත ලංකා 20න් පහළ මීටර් 400 කඩුලුමතින් දිවීම පස්වන ස්ථානය ත් දිනා ගත්තේ තිසුම් දිනුජය ක්‍රීඩකයාය.
2024 වර්ෂයේ ජොන් ටාර්බට් තරගාවලියේදී වයස අවුරුදු 20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවිම හතරවන ස්ථානය සමඟ පාසල් වර්ණ දිනාගැනිම ටද තිසුම් දිනුජය සමත් විය.
2024 ග්‍රාම සේවා වසම් මට්ටම් තරගාවලියේදී මීටර් 400 , 800 හා තුන්පිම්ම පැනිම ප්‍රථම ස්ථාන හා තරගාවලියේ දක්ශතම ක්‍රිඩකයා ද ,2024 පාසල් දිස්ත්‍රික් තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ දුරපැනිම හා මීටර් 800 ප්‍රථම ස්ථානයත් මීටර් 400 දෙවන ස්ථානය ත් එහි දක්ෂතම ක්‍රිඩකයා ලෙසද හෙතෙම සම්මාන ලැබීය. තිසුම් දිනුජය මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට ද මුහුණ දීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තිසුම්ට ලෝකඩ පදක්කමක්