කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය "ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම "යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු එන් ඩි පි) මෙරට නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නොවෙම්බර් 04 දින විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩි. කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් හා විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව සහ ජගත් කීර්තිධර ගෝලීය විද්වතුන් රාශියකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ පැවත්වෙන මෙම සම්භාෂණයේදී මහාචාර්ය මෝහන් මුණසිංහ මහතා විසින් තිරසාරභාවය සහ සමකාලීන හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG) සහ දේශගුණික යුක්තිය උදෙසා අන්තර් ශික්ෂණමය පර්යේෂණ යන මැයෙන් දේශනයක්ද,ජපනයේ වසේඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යසුයුකී ටෝඩෝ විසින් ගෝලීය සැපයූම් දාමයන්හි ධරණීය සංවර්ධනය යන මැයෙන් දේශනයක් සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහත්මිය විසින් ධරණීය අනාගතයක් ගොඩනැගීමේදී ප්‍රජාවන්ගේ සහ සිවිල් සමාජය කාර්යභාරය මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව සියයට දෙකක් වන ලෝකයේ ඉහළම ගණයේ විශ්ව විද්‍යාල හා පර්යේෂකයින් අතරට කොළඹ විශ්ව විද්‍යාලය ඔසවා තැබීමට දායක වූ විශ්ව විද්‍යාල අධ්‍යයනය කාර්ය මණ්ඩලය ඇගයීමද මෙම උත්සවයට සමගාමීව සිදු කිරීමට කිරීමට නියමිතය.
මෙම වාර්ෂික පර්යේෂණ සම්භාෂණය පර්යේෂණ ලෝලීන්ට ප්‍රබෝධ ජනක හා ආස්වාදනීය අත්දැකීමක් වනු නිසැක බව විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩි. කරුණා කරුණාරත්නතා සඳහන් කරයි.
ධරණීය අනාගතයක් උදෙසා ඵලදායි පර්යේෂණ ප්‍රවර්ධනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කාර්යභාරය ප්‍රදර්ශනය කෙරෙන පර්යේෂණ ලිපි ඇතුලත් වාර්තාව එළිදැක්වීමද සම්භාෂණයට සමගාමීව සිදුකෙරේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04