
(තිසර සමල්)
ඔක්තොම්බර් 1 වැනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් විසින් එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත බෙහෙත් බහාලුම් කවර 20,000 පරිත්‍යාග කිරීම අද (01) සිදු කෙරිණි.
ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් එම කවර නිර්මාණය කර ඇත.
එප්පාවල ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිනී ප්‍රියංකා නිල්මිණී හෙට්ටිආරච්චි, නියෝජ්‍යය විදුහල්පති රනීෂා ලක්සරනී අසරමාන්න, සහකාර විදුහල්පති නිර්මාල් දේවගිරි යන මහත්ම මහත්මීන් හා සියළු සිසු දරු දැරියන් නියෝජනය කරමින් සිසුවියන් තිදෙනකු විසින් එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මියල ප්‍රධාන හෙඳ නිළධාරිනී අනෝජා කුමාරී මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත එම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය.
රට තුළ පවතින කඩදාසි හිඟය හේතුවෙන් මේ වන විට රෝහල මගින් රෝගීන්ට ඖෂධ නිකුත් කරනු ලබන්නේ පත්තර පිටු හා භාවිතයෙන් ඉවත් කරන පොත් වල පිටු වලින් ඔතා එහි පැනෙන් ඖෂධ ලබා ගත යුතු ආකාරය සටහන් කරමින් යල මේ නිසා ඖෂධ මාත්‍රාව පිළිබඳ සටහන් ඇතැමුන්ට පැහැදිලිව කියවා ගැනීමට අපහසුතා ඇති වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින සියලු රෝහල් වල බාහිර රෝගී අංශ මගින් බෙහෙත් නිකුත් කිරීමේදී කවර හිඟය බෙහෙවින් බලපා ඇත.
ඒ සඳහා විසඳුමක් ලෙස පිරිසිදු කඩදාසි වල මෙලෙස බෙහෙත් කවර සිසු සිසුවියන් අතින් නිර්මාණය කර රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.
අද දින අප රෝහලට ශ්‍රී රාහුල විද්‍යාලයේ සිසු දරු දැරියන් ලබා දුන් බෙහෙත් කවර රෝගී සත්කාරයන් සඳහා යොදා ගන්නා බවත්ල ඊට දායක වූ සියලු දෙනාට තුති පුද කරන බවත් එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මිය පැවසුවාය.
එප්පාවල ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිනී ප්‍රියංකා නිල්මිණී හෙට්ටිආරච්චි මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ,
අද දවසේ අපි එප්පාවල රෝහලට බෙහෙත් කවර පරිත්‍යාග කරන්න තීරණය කළා, ඒ මේ පුංචි දරුවන්ගේ නිර්මාණ ශක්තියෙන් එළියට ආව දෙයක්, අපි පාසලෙන් ප්‍රජාවට යම් දෙයක් දෙන්න ඕන කියලා හිතුවා, රාහුල ප්‍රාථමික විද්‍යාලයේ 1-5 ශ්‍රේණි වල දරුවන්ගේ අතින්මයි මේ දේවල් නිර්මාණය වුනේ, අපි හිතනවා දුන් දේ සුවඳයි කියලා. ඉදිරියටත් මේ කටයුත්ත සිදු කරන්න බලාපොරොත්තු වනවා යැයිද පැවසුවාය.
2025 නොවැම්බර් මස 21
132
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එප්පාවල දරු දැරියන්ගෙන් රෝහලට පරිත්‍යාගයක්