IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


HNB ඇෂුවරන්ස් තංගල්ලේ තම 61 වන ශාඛාව විවෘත කරයි.

L-R නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ලසිත විමලරත්න මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ප්‍රසාන්ත ප්‍රනාන්දු මහතා

HNB ඇෂුවරන්ස් PLC විසින් තම 61 වන ශාඛාව තංගල්ලේ දී විවෘත කරන ලදී. සෑම ජන ජීවිතයකටම අවශ්‍ය සියලු රක්ෂණ විසඳුම් සහිත මෙම නවීන ශාඛාව විවෘත කිරීමේ උත්සවයට HNBA හී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන ප්‍රසාන්ත ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ  ජේෂ්ඨ කළමනාකාරිත්වය සහභාගී වූහ. මෙම ශාඛාව, දෙවන මහල, අංක 23 මුහුදු මාවත, තංගල්ල යන ලිපිනය දරයි.  

මෙම සුවිශේෂී මොහොත සනිටුහන් කිරීමට HNBA හී සහ එහි පූර්ණ අනුබද්ධිතයක් වන HNBGI  හී කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි  දීප්ති ලොකුආරච්චි මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, "මෙම ශාඛාව විවෘත කිරීමෙන් අපගේ ශාඛා ජාලය තවත් පුළුල් කිරීමට අපට හැකි විය.  දිවයින පුරා අපගේ සේවාවන් ව්‍යාප්ත කිරීමටත් අපගේ සේවාලාභීන්ට මනා සේවාවක් සැලසීමටත් මෙමගින්  අපට හැකියාව සැලසේ. මෙසේ ශාඛා ජාලය පුළුල් කිරීමේ ප්‍රධාන පරමාර්ථයක් වන්නේ අපගේ සේවාලාභීන්ට සැලසෙන පහසුවයි. මෙය දීර්ඝකාලීන සේවාලාභී සබඳතා ගොඩ නැගීම සහ විශිෂ්ට සේවාලාභී සේවා හා ප්‍රතිලාභ සැලසීම මගින් අපගේ ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීමට ගන්නා ලද තවත් සාර්ථක පියවරකි.

HNBA  හී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන ප්‍රසාන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ "අපගේ සැලසුම්ගත ව්‍යාපාර වර්ධන උපාය මාර්ගයේ තවත් එක් වැදගත් අංගයක් ලෙස මෙය සැළකිය හැක. සෑම විටම සේවාලාභීන් කේන්ද්‍රකොට වැඩ කටයුතු කිරීම අපගේ ප්‍රධාන මෙහෙයුම් අරමුණකි. අපගේ ශාඛා ජාලයෙහි මුහුණුවර වර්ධනය කිරීමට මෙසේ ආයෝජනය කිරීමෙන්  සැලසෙන විශිෂ්ඨ සේවාවන් මගින් අපගේ සේවාලාභීන්ට ජීවිත රක්ෂණයේ නව්‍යතාවයන් අත්දැකීමට හැකි වනු ඇත". 

HNBA හී නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි වන ලසිත විමලරත්න මහතා තම අදහස් දක්වමින් පැවසුවේ "ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා පිය මැනීමේ දී ශ්‍රී ලංකාව පුරා මෙසේ ශාඛා ජාලය පුළුල් කිරීම මඟින් අපට නව වෙළඳපළ අවස්ථා රැසක් අත්පත් කර ගැනීමට හැකියාව සැලසේ. මෙම නව ශාඛාව තුළ සේවය කරන්නා වූ අපගේ වෘත්තිමය කණ්ඩායම විසින් මෙම ප්‍රදේශයේ සිටිනා  නව සහ දැනටමත් පවතින සේවාලාභීන් හා සමඟ සවිමත් සබඳතා ගොඩනැගීම හරහා ඔවුන්ට ජීවිත රක්ෂණයේ උපරිම ඵල නෙළා ගැනීමට ඉවහලක් වනු ඇත".   

HNB  ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 62ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන  "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB Assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත්  ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.



අදහස් (0)

HNB ඇෂුවරන්ස් තංගල්ලේ තම 61 වන ශාඛාව විවෘත කරයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site