ආර්ජන්ටිනාව ආසන්නයේ පිහිටි ෆෝක්ලන්ත දූපත තව දුරටත් බි්රතාන්ය පාලනය යටතේ තබා ගන්නේද යන්න පිළිබඳව පැවැති ජන මත විචාරණයකදී එරට වැසියන්ගෙන් සියයට 99.8කට වැඩි පිරිසක් ඊට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
දෙදිනක් පුරා පැවැති මෙම ජන මත විචාරණයේදී 2,563ක් පමණ වන ෆෝක්ලන්ත දූපත් වාසීන්ගෙන් 1,672 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර ඉන් 1,517 දෙනෙක් තමන් තවදුරටත් බි්රතාන්ය පාලනය යටතේ සිටීමට කැමති බව ප්‍රකාශ කර ඇත.
‘‘ෆෝක්ලන්ත වැසියන් බි්රතාන්යය යටතේ රැඳී සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා. එනිසා ආර්ජන්ටිනාව ඇතුළු සෑම රටක්ම ඊට ගරුකළ යුතුයි.’’ යනුවෙන් බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
1982 වසරේදී ආර්ජන්ටිනාව මෙම දූපත ආක්‍රමණය කිරීම නිසා බි්රතාන්ය හමුදා සමඟ යුද්ධයක් හට ගත්තේය. ආර්ජන්ටිනා වෙරළේ සිට කිලෝමීටර් 400ක් ඔබ්බෙන් පිහිටි මෙම දූපතට අයිතිවාසිකම් කීමට ආර්ජන්ටිනාව කිහිප වතාවක් උත්සාහ ගැනීම නිසා බි්රතාන්ය හා ආර්ජන්ටිනාව අතර මත භේදාත්මක තත්ත්වයක් පැන නැඟුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරුවට ලියා ඇති අයගැන ඉතා කණගාටුයි.සුද්දා අපරට තුල ඇතිකල බෙදුම්වාදී අරගලය තවත් වසර ගණනාවකටවත් නිමක් නැතිබව පෙනේ.දැනටත් එය පෝෂණය කරන්නේද ඔවුන්මයි.අපේ නායකයන්ගේ වැරදි ඇති නමුත් සුද්දාගේ අතපල්ලෙන් වැටී ජීවත්වීමට ඇති කැමැත්ත මෙහි ලියා ඇති අදහස්වලින් පැහැදිලියි.සුද්දා සමග රට වෙනුවෙන් සටන්කර මියගිය අපේ වීරවරුන්ට කරන අවමාණයකි.(ස)
සුද්දන්ගේ රටවල් දියුණු හම සුදු නිසා නෙවෙයි. හොරකම, වංචාව, කම්මැලිකම නැති නිසයි (ස)
දැන් පේනවා නේද අපිට වෙලා තියෙන දේ? (නි)
මෙම දූපතේ ඉන්නා බුද්ධිමත් ජනතාවට මාගේ ප්‍රණාමය! (නි)
මැරුණත් අපි තමයි "උතුම් " කියන අය මේක හොඳින් කියවන්න (ස)
කුලවාදේ නැති කරපු සුද්ද යටතේ අපි හිටියා නම් පන්තිභේධය, නිලධාරී වාදය අද ලංකාවේ නෑ (ස)
හිරු නොබසින අධිරාජ්‍යය (දී)
අපේ රටේ හුගක් දේශපාලඥයින්ටත් බටහිර රටවල පුරවැසිකම තිබෙනවා (නි)
එහෙනම් කමක් නැහැ
තමන්ට සුදුසුයි නම අපිට මොකෝ (දී)
සුද්දා මේචචර දියුණූ වෙලා තියෙන්නේ අපි වගේ රටවල් අවුරුදු ගාණක් හුරගෙන කාලයි. (නි)
ජිවත් වෙන්න තමයි මේ ඔක්කොම (දී)
අපි ඉතින් කරන්නේ හැමදාම රැවටෙන එකනේ (නි)
1982දී එකල ආජන්ටීන් නායක ලියෝ පෝල් ගල්තිර් සමග යුධවදි සුද්දා දිනුවේ නැහැ.වෙනත් ක්‍රමයකට සමථයකට පත්වුනා පමණයි.ප්‍රංශ රජය ප්‍රහාරක යානා ලබාදී ආජන්ටීනාවට සහයදී ඇත.ලොව පොඩි රටවල් සූරාකන්නෝ සුද්දොයි. (ස)
සිල්වාට පිස්සු (අ)
ඇයි සිල්වා මහත්තයෝ, දැන් අපි කන්නේ බොන්නේ අදින්නේ සුද්දගේ බඩු නෙමෙයිද? (නි)
ඒ කාලේ හිටිය අය සුද්දෝ හොඳ නෑ කියලා එළවගත්තා. (අ)
චූලා,මේ ඔක්කොම කලු මිනිසුන්ගේ රටවල් කෝ අද ඒමිනිසුන්. සුද්දා දිගටම හිටියානම් අද චූලත් නහැ මමත් නැහැ.අපේ අය කලු අය තරම් මෝඩ නැති නිසා අපට කියා රටක් අද ඉතිරිව තිබේ.ඉහත කී රටවල් මෙන් අපරටද සුද්දන්ගේ රටක් කිරීමට බැරිවීමේ පලිය තමා එයාලා අද අපෙන් ගන්නේ. (ස)
සිල්වාගේ කීම මම කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. (නි)
රට වැසියන්ට හොදයි නම් එච්චරයි (දී)
අපේ පැරැන්නො තමන් උපයගත් දෙයක් කාලා දුකසේ සිටියත් ස්වාධීනකම අගය කළා. මට දුකයි මේ ප්‍රවෘත්තියට අදහස් දක්වා ඇති හුඟ දෙනෙක් ගැන. (නි)
එතකොට සිල්වා අපි අරාබියට කාන්තාවෙ යවන එක නම්බුද? (නි)
ඒ කාලේ අපි සුද්දන්ව එළවා ගත්තා. දැන් බෝට්ටු වලින් අපි සුද්දෝ ළගට යනවා. (නි)
වැරදිලා තියෙයි (දී)
ලොකුගේ නියම කතාව ඒකනම් (ස)
අපේ ඊනියා දේශප්‍රේමීන්ට රිදේවිද ? (ස)
අපිටත් මෙහෙම දෙයක් තිබුණානම් මාත් අනුමත කරනවා (ස)
අනේ වාසනාවන් (දී)
වැඩි දෙනෙක්ගේ කැමැත්ත (දී)
සුද්ද යටතේ අපි හිටියනම් රස්සාවක් ගන්න කාගෙවත් පස්සේ යන්න ඕන වෙන එකක් නෑ (ස)
කෝ සේනාව (ස)
මෙන්න මේකයි යථාර්තය ...මේක ලංකාවේ අද තිබ්බොත් අපේ අයත් ඔක්කොම ඡන්දේ දෙනවා (ස)
බොරු ජාති වාදියෝ , දේශප්‍රේමියෝ කෝ (ස)
තවත් රාජ්‍යක පිහිට මොකටද (දී)
හොදයි.... හොදයි (දී)
බ්‍රිතාන්‍ය වැසියෙකුට ලෝකයේ ඇති පිළිගනිම , රැකියා අවස්ථා , ගෞරවය ගැන දන්නා ඕනෑම උගත් මිනිසෙක් බ්‍රිතාන්‍ය පුරවැසිබාවය නැතිකරගන්නේ නැ. මෙයයි ලොවේ සත්‍ය (ස)
අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් (දී)
ස්වාධින රටක් නැද්ද ඒ ගොල්ලන්ට (දී)
සුද්දන් නිදහස නොදුන් හැම රටක්ම දියුණුයි. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය...... (ස)
ඒ ගොල්ලන්ට හොදයිනම් එච්චරයි (දී)
අනේ හොදයි (දී)
ලංකාවට මෙහෙම වෙන බව දන්නවනම් එදා සුද්දව බලෙන් හරි නවත්වගන්න තිබුණා. (දී)
අනේ හොදයි ඇත්තට (දී)
එකා බද්ද රටවල් (දී)
මේ මිනිසුන් අරන් ඇති තීරණය බුද්ධිමත් එකකි. (නි)
හොද නීතියක් ඇති රටක් වගෙයි (නි)