බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුමත කිරීමට නියමිත නව ආගමන නිති මඟින් එංගලන්තය සහ වේල්ස් ප්‍රාන්තයේ අනවසරයෙන් රැකියාවන්හි නිරතව ඉන්නා සංක්‍රමණකයින් මාස හයකට හිරේ යැවීමටත් ඉන් අනතුරුව ඔවුන් පිටුවහල් කිරීමටත් අවසර ලැබෙනු ඇත.
අනවසරයෙන් ජිවත්වන විදේශකයින් අඩු පඩියකට රැකියා සඳහා යොදා ගන්නා විවිධ කඩ සාප්පු, කර්මාන්තශාලා, ආපනශාලා වැනි ස්ථානහි හිමිකරුවන්ද වැරදිකරුවන් කෙරෙන මෙම නීති මාලාව තව මාස දෙකක් ඇතුළත අනුමත කෙරෙනු ඇත.
වරදකරුවන්ගේ සියලු සම්පත් රාජසන්තක කිරීමටත් ඔවුන්ට දඩ පැනවීමටත් කඩ සාප්පු හෝ කම්හල් හිමියන්ගේ බලපත්‍ර පවා අවලංගු කිරීමටත් මෙම නව නීතියට අනුව බලය ලැබෙයි.ඉදිරියේදී කුලී රථ රියදුරන් සහ කුලීරථ සමාගම්, ගෘහ සේවකයින් වැනි වෙනත් කොටස්ද මෙම නීතියට යටත් කෙරෙනු ඇත.
එංගලන්තයේ අනවසරයෙන් ජිවත්වන්නන්හට රැකියාවක් කිරීම, බැංකු ගිණුම් ආරම්භ කිරීම කාමර හෝ ගෙවල් කුලියට ලබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් වනු ඇත.අනවසරයෙන් ජිවත්වන අය උසාවි නියෝගයකින් තොරව කුලී නිවාසවලින් පිටමන් කිරීමට නිවාස හිමියන්ට බලකරන නීතියක් දැනටමත් ක්‍රියාත්මක වෙයි.
මෙතෙක් කල් සිදුවූ ආකාරයට හොරෙන් ජිවත්වන අයට රැකියා ලබාදෙන්නන් හෝ නිවාස සහ වෙනත් රැකවරණයන් සපයන්නන් " මේ පුද්ගලයින් හොරෙන් ජිවත්වන බව නොදැන" එවැනි සේවා සපයු බවක් කියා නීතියෙන් බේරීමට තිබු අවස්ථාවන්ද නව නීතියෙන් අවලංගු කර ඇත.
"විවිධ උපක්‍රම යොදා ගනිමින් බ්‍රිතාන්‍යයේ හොරෙන් ජිවත්වන සියලුම දෙනා අල්ලා ගැනීමට හැකි හැම පියවරක්ම ගැනීම සඳහා නොනවත්වා කටයුතු කිරීමට රජය අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරන බවත් නව නීතිය අනුමත වු පසු ඒවාට පිටුපා ක්‍රියාකරන කවරෙකු හට වූවද උපරිම දඬුවම් ලබාදීමට නීතියේ පුර්ණ බලය යොදාගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බවත්" මෙම අලුත් නීති රීති පිළිබඳ අදහස් දැක්වූ ආගමන කටයුතු භාර ඇමති ජේම්ස් බ්රෝකන්ශයර් පැවසුවේය.
නව නිතිය අනුමතවූ සැනෙන් රට පුරාම අනවසරයෙන් ජිවත්වන පිරිස් කොටු කර ගැනීමට අවශ්‍ය නිලධාරීන් පත්කිරීම සඳහාද කටයුතු යොදා ඇත.
එංගලන්තයේ මෙවන් නීතියක් හඳුන්වාදීම සඳහා කටයුතු කිරීමට සිදුවුයේ පසුගිය කාලයේ පාලනයකින් තොරව එංගලන්තයට වැල නොකැඩි සංක්‍රමිණිකයින් ගලා ඒමට පටන් ගැනීම නිසාය.
විශේෂයෙන් මැදපෙරදිග සහ ආසියාවේ විවිධ යුද වාතාවරණයක් පවතින රටවලින් බොහෝ පිරිසක් යුරෝපය හරහා එංගලන්තයට පැමිණෙති. මේ හැම කෙනෙක්ම එංගලන්තයේදී දේශපාලන රැකවරණය ඉල්ලා සිටිති. මෙය එංගලන්තයට දැරිය හැකි දෙයක් නොවන තරමට වර්ධනයවී ඇත.
මෙම සංක්‍රමිණකයින් යුරෝපයට ගෙන යන්නේ සංවිධානාත්මක පාතාල කල්ලි විසිනි. එවන් කල්ලි වෙත විශාල මුදලක් ගෙවා ඉතාලියට ජර්මනියට හෝ ප්‍රංශයට පැමිණෙන මෙවන් බොහෝ දෙනෙක් කෙසේ හෝ එංගලන්තයට යාමට උත්සාහ කරති.
එංගලන්තයේ නව සංක්‍රමණ නීති සම්පාදනය කෙරෙන්නේ මෙවැනි පසුබිමක් තුළය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උන්දලාගේ පන්ති බෙදේ,නිලධාරිවාදේ, ප්රබුද්ද පීචන් බෙදේ කවදාවත් මකලාවත් අරින්ට බෑ කියන එක තමා මේ ප්‍රතිචාරවලින් තේරෙන්නේ. එංගලන්තේ ගිහිල්ලත් බලන්නේ මොකක් හරි දෙයක් අල්ලාගෙන බෙදෙන්ට.අයි බොලවූනේ රස්සාව ඔය තරඟ ප්‍රස්නයක් වුණේ (අ)
ජනක, ඔයාට තේරෙන්නේ නැත්නම් තේරෙන තැනකට යන්න. (නදී)
ඔන්න දැන් අපි දන්නව ඉතින් එංගලන්තේ ඉන්න අයගේ පැටිකිරිය.(නදී)
ලංකාවෙන් අපි ලන්ඩන් ඇවිත් දැන් අවරුදු 22කටත් වැඩියි ලංකාවේ අපේ ගම් වල තිබුන ගෙවල් වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී පවුලේ කට්ටිය අනාත උනාට පසුව රැකවරණය පතා එංගලන්තයට එන්න උනා. මගේ බිරිඳ ලංකාවේ උපාදිදාරි ගුරුවරියක්. මම සේවය කලේ නැවක රේඩියෝ ඔෆිසර් කෙනෙක් විදිහට. නමුත් අපි දෙදෙනාම ලන්ඩන් වල ටෙස්කෝ පෙට්රෝල් ෂෙඩ් එකකයි තාමත් වැඩ කරන්නේ. ඔය සමහරු කිව්වා වගේ පින් පඩි අරගෙන නොවෙයි. අපේම කියා ගෙවල් දොරවල් හදාගෙන බොහොම ගෞරවනීය විදිහට ජීවත් වෙනවා. ජනක,අපිට ෂෙඩ් එකේ බඩු අඩුක් කරන වැඩ මෙන්ම කැෂියෙර් වැඩෙත් කරන්න වෙනවා (නදී)
සමහරු කියනවා ෂෙඩ් වල වැඩ කරන්නේ නැතිලු නමුත් ෂෙඩ් එකේ කැෂියර් එකේ වැඩ ලු. මට නම් තේරෙන්නේ නැහැ. (නදී)
ලංකාවටත් ඕනේ මේ වගේ නීති (නදී)
එ්ක හොඳයි. (නදී)
නාමල් ඔයට කවුරු හරි කිව්වද එංගලන්තේ හැමදාම එකම විදිහට තියනවා කියල? (නදී)
ඒක ඇත්ත. රටේ නම කැතවෙන විදිහට හොරමැරකම් කරන්නැති නම් ලංකාවෙන් එන කොල්ලෙක් පෙට්‍රල් ශෙඩ් එකක වැඩකලා, පිගන් සේදුව කියල ඇති වැරැද්ද මොකක්ද? ලංකාවේ උසස්පෙල සමත්වෙන හැමෝට යන්න විෂ්ව විද්‍යාල නැති නිසාත් එන්ගලන්තෙ හොදම විෂ්ව විද්‍යාල වලට ගෙවන්න මුදල් නැති නිසාත් තමා කොහොම හරි වීසා එකක් අටවන් මෙහෙ ඇවිත් සුලුරස්සාවක් හරි කරල ලංකාවට සල්ලි යවන්නෙ (නදී)
දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි කීවා වාගේ, මෙහි ලන්ඩන් කියා ප්‍රතිචාර දක්වා තිබෙන සමහර අයවලුන් ලන්ඩන් නම් වෙන්න බැහැ. වරදවා තේරුම් ගන්න එපා. එ්කයි මම සමහරු කියා කීවේ. (නදී)
මෙහි කතාව අනවසර සංක්‍රමිකයන් පිළිබඳව උනත්, මෙහි ලන්ඩන් කියා දා ගත් කිහිප දෙනෙක් ලන්ඩන් නගරය හීනෙන් වත් දැක තිබේ දැයි සැකයක් උපදී. අනවසරයෙන් ඉන්නා කෙනෙකුට පෙට්‍රල් ෂෙඩ් එකක් තියා මොනම ස්ථානයක හෝ රැකියාවක් කල නොහැක. උක්ත කොමෙන්ටුවේ කෙනෙක් කියලා තියෙන්නේ, පෙට්‍රල් ගහලා ඉතුරු කරපු තුට්ටු දෙකෙන් ඔහු සදහන් කල සුකෝපබෝගී වාහන ගත් බවකි. පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරන කිසිම කෙනෙක් කාටවත් පෙට්‍රල් ගහන්න යන්නේ නැත. වාහනය අයිති කාරයාම එම වැඩේ කරගෙන ෂෙඩ් එක ඇතුලට ගිහින් එහි වැඩ කරන සේවකයන්ට මුදල් ගෙවයි. ඔවුන් කෑශියෙර් නම් වෙති. බදු පදනම මත මෙවන් ෂෙඩ් මිලදී ගන්නා ශ්‍රීලාංකිකයන් යටතේ සුදු මිනිසුන්ද සේවය කරති. ඔවුන් එය ලැජ්ජාවක් ලෙස කිසි කලෙකවත් සිතන්නේ නැත. මාතෘකාවට පිටින් ගිහින් "යන්නේ කොහිද?මල්ලේ පොල්"වැනි අපබ්‍රංස දොඩා පාටකයන් නොමඟ යැවීමෙන් වලකින මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (නදී)
නාමල්, මෙය වලිගයෙන් අල්ලා ගැනීමක් නොවේ. මෙහි ඇති ඉඩ ප්‍රස්තාව ප්‍රයෝජනයට ගෙන කාලීන කතිකාවතක යෙදීමක් පමණි.(හේ)
ගොඩක් අය මේ ලිපිය වලිගෙන් අල්ලාගෙන වගේ... මෙතැන කතකරන්නේ අනවසර සංක්රමනිකයින් ගැන මිස ලංකාවෙන් ඉගෙන ගන්නට හෝ රැකියාවකට නීත්‍යානුකූලව එන අය ගැන නොවේ... යුරෝපා රටවල සුද්දන් පවා සුදුසු රැකියාවක් ලැබෙන තුලු පෙට්‍රල් ෂෙඩ් එකක වගේ සුලු රැකියාවක් කිරීම පහත් දෙයක් ලෙස සලකන්නේ නෑ.. තම දෙමාපියන්ගෙන් යැපෙනවාට වඩා එහෙම රැකියාවක් කිරීම හොද දෙයක්.. ප්රශ්නය වන්නේ අනවසරයෙන් මෙහේ රැදීසිටින්නන් (අ)
ලංකාවේ ඉන්න බොහෝ දෙනා සිතනවා ඇත්තේ එංගලන්තයේ පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කරන කට්ටිය වාහනවලට පැමිණ අතින් පෙට්‍රල් ගහනවා කියලයි.වාහන අයිති කාරයාමයි පෙට්‍රල් පම්පය ලඟට ගොස් තමන්ගේ වාහනයට පෙට්‍රල් ගැසිය යුතු වන්නේ.පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරන කට්ටිය කරන්නේ කෂියෙර් වැඩෙයි.එකටත් යම් තරමක ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතු වෙනවා. (අ)
එංගලන්තයේ තියෙන ශ්‍රී ලාංකික විහාරස්ථානයකට ගියොත් බලාගන්න පුළුවන් මැදපෙරදිග සහ ඉතාලියේ සිට එංගලන්තයට පනින අතරමංවී ඉන්න මිනිස්සු ගැන. මේ බොහෝ දෙනෙක් පන්සලට එන්නේ ලංකාවේ කෑමවෙලක් ලබාගැනීමේ සහ රැකියාවක් සොයාගැනීම සඳහා මගක් සොයාගෙනයි. ඉතාලියෙන් ආ අයානම් ලෙහෙසියෙන් අඳුනාගන්න පුළුවන්. ඔවුන්ගේ කතාබහ අමුතුයි. සන්දුවට තමා වැඩිය බර. සමහර විහාරස්ථාන වල වැඩකටයුතු සියල්ලක්ම වගේ කෙරෙන්නේ ඉතාලියෙන් සහ මැදපෙරදිගින් පැමිණි අය අතිනුයි. මේ අයගෙන් වැඩිදෙනා තරුණ අය වගේම කතෝලික බැතිමතුන්. ඔවුන් සම්බන්ධව ඉන්න පන්සල්වල වැඩ කටයුතු වලදී කිසිම බේදයක් නැතුව හැම වැඩකටයුත්තකදිම සම්පුර්ණ සහයෝගය ලබාදෙන අයුරු පෙනෙන්නට තියෙනවා. (අ)
සමහරු නොදන්නවාට උපාධිධරයෝ පවා සුදුසු රැකියාවල් ලැබෙන තුරු පෙට්රි ෂෙඩ් වල වැඩ කරනවා.අපි නම් 25ස් වසරකට පෙර එංගලන්තයට ආවෙ උගත් කමට සරිලන රැකියාවක් ලංකාවේදී නොලැබුන නිසයි.නැත්නම් පින් පඩි ගන්න නොවෙයි.අපි අද මෙහි ඩබල් ග්ලෙසින් වින්ඩො කොම්පැනියක් කරන්නේ "ෆෙන්සා සහතිකය සමග"සුද්දෝන්ටත් පින් පඩි ගන්න දෙන්නේ නැතිව 10-15ස් දෙනෙකුටත් රැකියාත් සපයලායි. (අ)
බොහෝ බෞද්ධ පන්සල් ඇති එංගලන්තයට දැන් දැන් ගිහි ධර්මදෙෂකයෝ පැමිණෙන්න පටන් ගෙන ඇත. මෙය භයානක තත්වයක් සේ මම දකින්නේ එක්තරා 'දොස්තර' යයි කියා ගන්නා කෙනෙක් පැමිණ කීවේ ඔහු සහම්පති මහා බ්‍රහ්මයා නිතර දිවිය ලෝකේ ගොස් හමුවන බවත්, 'බ්‍රහ්ම සීයා' නමින් ආමන්ත්‍රණය කරන බවත්ය. වරෙක ඔහු බුද්ධ බලයෙන් තම මනෝ කය දැනට අඟහරු ලොවේ ඇති වොයෙජර් යානයට යවා අඟහරු ලොව ගවේෂණය කල බවයි. එවිට ඔහු අපායවල් දෙකක් දැක නැරඹුවාලු. අපේ ලන්ඩන් බැතිමත්තු මේවා අහගෙන හිටියේ සාදුකාර දිදී. මට ඇති කණගාටුවද එයයි. (අ)
පොදුවේ මෙහෙ සිටින ලාංකිකයින් ඉතාමත් තදින් මත් පැනට ඇබ්බැහි වී සිටිනවා. කරන රැකියාව කුමක් වුවත් අලුතින් විවාහ යෝජනා එන විට මේවාද සොයා බලන්න. මා දන්නා මහතෙක් විවාහ වුනා අවුරුදු පහළොවක් වයස අඩුවෙන් කියලා. (නදී)
ඕනේ කෙනෙක් තමන්ට ගැලපෙන හෝ ලැබෙන රැකියාව කල යුතුය. එය ලොකු ප්‍රශ්නයක් නොවේ. නමුත් ප්රශ්නය බොහෝ පිටරැටියන් ලංකාවෙන් පරස්තාවක් කරගන්නා විට අතිශයෝක්තියෙන් කරුණු දැක්වීමයි. වයසින් වැඩි මා දන්නා ලන්ඩනයේ කෙනෙක් ලංකාවේ රූමත් තරුණියක් හා විවාහ වුනා. ඔහුට බයි පාස් සැත්කමක් කර ඇති අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇති බීමත්ව ඉන්නා කෙනෙක්. නමුත් අලුත ආ බිරිඳ මේවා දැනගත්තේ කලකට පසුවයි. ඔහුගේ බිරිඳ කියන විධියට ඇය ආ මුල් දිනවල ටෙනිස් රැකට්ටුවක් සහ බෝලද ඇයට පෙනෙන්න තබා තිබුනලු ඔහු ක්‍රීඩාශීලී කෙනෙක් බව නොකියා ඇඟවීමට. ලංකාවේ අය එංගලන්තය කියපු ගමන් කාටවත් නොකියා, කාගෙන්වත් නොවිමසා ඉක්මනින් මෙම කටයුතු ඉවර කරගන්නවා. එමගින් කරදරේද වැටෙනවා.(නදී)
ලංකාවේ ෂෙඩ් වල වැඩ කරන අය එය හඳුන්වන්නේ ෂෙඩ් එක කියා නොව 'සයිට් එක' කියාය.(නදී)
හරි අපි ඔය නිතිය එංගලන්තෙට දාලා, අපිට කරපු වැරදි වලට ගෙවන්න කියමු (නදී)
ඇත්තටම එංගලන්තයේ සිටින ඇතැම් ලාංකිකයින්, ලංකාවට හදිසියේ හෝ පැමිණිය හොත් හැසිරෙන්නේ, එයාලා එංගලන්තයේදී සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන අය විදියටයි.(ම)
ලංකාවෙත් දැන් දැන් චීන්නු ඉන්දියානුවන් නිතර නිතර සැරි සරනවා සංචාරක විසා පදනම මත. මේවටත් සිමා පැනෙව්වේ නැත්තම් ඉදිරියට පැටවූ ගහවි වඳ කරගන්න බැරිවෙන්න. (බ)
ඔව්...ඔව්...එංගලන්තයේදී ඇඹරි ඇඹරි සිංග්ලිෂ් කතා කරන මේ අය ලංකාවට අවාම සුද්දගේ විදියට තමන්ගේ අයටම ඉංග්‍රීසියෙන් කතාව පෙන්නනවා හරියට විහිලු නාට්‍යක වගේ. (ම)
මේ ධර්මා ඔයා නම් ලන්ඩන් වල ජීවත් වෙන කෙනෙක් වෙන්න බැහැ.ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය වාගේ රටවල් වල ඉඳලා ලන්ඩන් වලට එන ලංකාවේ සමහර කට්ටියට ඉංග්‍රීසි භාෂාව ගැන තියෙන්නේ අල්ප දැනුමකි......පින් පඩි ගන්න දෙන ෆෝරම වත් පුරවගන්න බැරිව අපි කී දෙනෙකුට නම් උදව් කරලා තියෙනවාද......?එයාලා ලන්ඩන් වලට එන්නේ මෙහි තියන පහසුකම් නොමිලේ ලබාගනටත් ළමයින්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන්නට තියෙන ඕනෙකම නිසාය.ටික කලක් ගියාම ළමයින්ගෙන් ඉංග්‍රීසි ටිකක් අහුලාගෙන බ්‍රිටිෂ් වෙන්න යනවා.....මේවා දන්නෝ දනිති.......(බ)
මානව හිමිකම් ? (බ)
වෙනත් යුරෝපා රටවල් වලින් පැමිණ බෙනිෆිට් ෆෝරම පුරවගන්න දන්නේ නැතිව අපි ළඟට පැමිණෙන අයවලුන් ගැන සමහර විට අපට දැනෙන්නේ අමනාපයෙකි.......අපි සීතලේ නැහීගෙන කරන රැකියාවෙන් ගෙවන බදු මුදල් වලින් තමයි මෙයාලට පින් පඩි ගෙවන්නේ. කිසිම අමාරුවක් නැතිව නකම්ම ඉඳගෙන,අවරුදු ගානක් අනුන්ගේ බදු මුදල් වලින් සැපසේ ජීවත් වෙනවා.වැඩ කරන අපි උදේ පාන්දර සීතලේ ගැහෙමින් වැඩ පලට යනකොට මෙයාලා කුල්ට් එකට ගුලි වී සැපට නිදි........සමහර වෙලාවට මටත් හිතෙනවා පින් පඩියක් අරගෙන සීතලට ගුලි වෙලා කුල්ට් එක ඇතුලටවී සැපසේ ඉන්න....මෙහි සිංහල,දෙමළ දෙජාතියේම අයවලුන් ඉන්නවා. (බ)
මමත් ලන්ඩන් වල වසර 11 තිස්සේ ජීවත් වෙමි.. මෙහි අපේ අය අපටම ගරහන විදිය දැක්කම එපා වෙනවා.. පෙට්රෝල් ෂෙඩ් එකක , චිකන් ෂොප් එකක වැඩ කරත් එයත් රැකියාවක්.. අපහස කරන්න එපා .. හොරකම් මැරකම් වංචා කරන්නේ නැත්නම් ඕනෑම රැකියාවක් මහා ඉහලින් සලකනවා.. ඒ අයත් හරියට ටැක්ස් ගෙවනවා.. අපේ සිංහල අය හරි කුහකයි.. තව කෙනෙකුට හරියනවට කැමති නැහැ.. මොනවා කරත් සුද්දෝ එහෙම නැහැ.. මොනවා වුනත් මෙහෙ ඉන්න හැමෝම දැනගන්න ඕනේ මේක අපේ රට නොවෙයි මොන ජොබ් කරත් කොච්චර කල් හිටියත්..(බ)
පුදුම ගෝත්රවාදී සිංහලයෝ පිරිසක් තමයි ලන්ඩනයේ ඉන්නේ. කොතනින් හරි බෙදීමක් හදාගන්නනේ බලන්නේ.(ම)
තමන්ගේ උපන් රටේ,තමන්ගේම සහෝදර පිරිස් ගැන,. එම පිරිස් තමාගේ ජීවිකාව ගෙනයන රැකියාව පහත් කොට සලකා මෙහි ප්‍රතිචාර දක්වා ඇති සිංහලුන්,එංගලන්තයටත් පැමිණ තමන් කව්දැයි ලොවටම පෙන්වා දී ඇත........ මෙහි ජීවත් වෙන කිසිම සුද්දෙක් කාගේවත් රැකියාවක් පහත් කොට සලකන්නේ නැත.අනුගේ දෙයක් කඩා වඩාගෙන හොරකමින් ජීවත් වීම නම් ලැජ්ජාවට කරුණකි.......මාගේ ගෙදරට ලන්ඩන්, කිල්බන් නම් ප්‍රදේශයේ සිට ගෙදර අත් උදව්වට පැමිණෙන කාන්තාවක් කී කතාවකි මේ.මැද පෙරදිග ධනවත් අරාබි පව්ලක වැඩකරමින් සිටි මැය ඔවුන් ලන්ඩන් වලට පැමිණෙන වාරයක් පාසා ලන්ඩන් වලට පැමිණ ඇත.කතෝලික කාන්තාවක් වූ මැයට කරුණාවන්ත ස්වාමි දුව පල්ලියටත් යාමට අවසර දී ඇත...... එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාන්තාව පැදුරටත් නොකියා පලා ගොස් සිටියදී මුලින් පල්ලියේදී දැන හඳුනාගත් තනිකඩ මහල්ලෙක් සමග දීග ගොස් ඇත.ඔහුට හිමි සෑම හිමිකමක්ම ඇයටද ලැබී ඇත.ඇය කී පරිදි මැද පෙරදිග සිට පැමිණෙන බොහෝ කාන්තාවන් මෙසේ ගෙවල් වලින් පැන ගොස් තනිකඩ වැඩිහිටියන් සමග විවාහ වී බ්‍රිතාන්‍ය පුරවැසියන් වී සිටිති.....ඔවුන් තමාගේ හාම්පුතුන්ට කලදේ හරි නැති උනත් ඔවු දැන් බ්‍රිතානිය පුරවැසියන් වී සැපසේ සිටීම මට නම් සතුටකි. අරාබි ධනවතුන්ට එක වැඩකාරියක් නැත්නම් තව කෙනෙක් හොයාගන්න බැරුවය........? (බ)
මේක සරල දෙයක්.රටක ආරක්ෂාව සහතික කරන්න එරටේ ආණ්ඩුව බැදී සිටිනවා.එකට අපිට මුකුත් කියන්න බැ...(ම)
සාමාන්‍යයෙන් වෘත්තීය සුදුසුකම් අඩු ශ්‍රී ලාංකිකයින් එංගලන්තයේ ෂෙඩ් වලයි කුකුලෝ මරා මස් බැදලා විකුණන කඩවලයි ප්‍රධාන වශයෙන් වැඩ කරනවා. නිව් යෝර්ක් වල වැඩියම වැඩ කරන්නේ අසභ්‍ය පොත් පත්, නිල වීඩියෝ සහ කාසි දමා කුඩා සිදුරකින් ගැහැණුන්ගේ නිරුවත බැලිය හැකි 'කැබින්' ඇති කඩවලයි. මෙහෙ මේවා නීත්‍යානුකුල ව්‍යාපාරයි. ෂෙඩ් වලද වැඩ කරනවා. ප්‍රංශයේ බොහෝ විට ඇත්තේ කුලී වැඩය ඔවුන්ගේ එකම ප්රශ්නය නිවාස ප්රශ්නයයි. වැඩි කොටසක් ඉන්නේ තට්ටු ගණනාවක් පයින්ම නැගිය යුතු ඉහලම තට්ටුවේ කුඩා කාමරයකය. නමුත් මොන රැකියාව කලත් සුදු ජාතිකයන්ට එය තවත් එක රැකියාවක් පමණි. නමුත් ලංකාවේ අය තමාට කිනම් හෝරැකියාවක් කරන්න පණක් හෝ හැකියාවක් නැති වුනත් මෙම නීත්‍යානුකුල රැකියා කර හොඳින් ඉන්න අයව පහත් කොට සලකනවා. මේකට හේතුව කුමක්ද? (බ)
බටහිර රටවල ඔනෑම නීත්‍යානුකූල රැකියාවක් කරගෙන ඉන්නා පුද්ගලයෙක් සලකන්නේ ගෞරවනීය වැසියෙක් විදිහට... මොකද ඔහුත් රටට බදු ගෙවන නිසාත් මිනිසුන්ට යම් සේවයක් සපයන නිසාත්... ලංකාවේ වගේ රැකියාවෙන් මිනිහාගේ මුලු ජීවිතයම මනින්න යන සිරිතක් දියුණු ලෝකයේ නෑ (ම)
ඉන්දික වැඩිය ලෝකෙ ගැන දන්නෙ නැති හැඩයි... යුරෝපයේ රුසියාව වගේ තුන් හතර ගුනයක් ශක්තිමත් ආර්තිකයක් එංගලන්තෙට තියෙනව.... එංගලන්තෙ බිඳ වැටෙනවා කියල කව්ද ඔයාට කිව්වෙ (අ)
එංගලන්තේ එහෙමද (අ)
දැන් තමා මේ අයට මොලේ පැදෙන්නේ! (අ)
මෙහෙම ගිහිල්ලා ඉන්න අපේ අයත් එංගලන්තේ ඉපදුනා වගේ කතා කරන එකයි අපට දුක.(හේ)
මේක හොද නීතියක්... අනවසරයෙන් අරාබියේ, දකුණු ආසියාවේ හා අප්‍රිකාවේ ඉදල දියුණු යුරෝපීය රටවලට එන අය තමා හොරකමේ ඉදන් ආගමික අන්තවාදය, ත්‍රස්තවාදය දක්වා ඔක්කොම ලෙඩ ගේන්නෙ (බ)
මේක හොද නීතියක්... අනවසරයෙන් අරාබියේ, දකුණු ආසියාවේ හා අප්‍රිකාවේ ඉදල දියුණු යුරෝපීය රටවලට එන අය තමා හොරකමේ ඉදන් ආගමික අන්තවාදය, ත්‍රස්තවාදය දක්වා ඔක්කොම ලෙඩ ගේන්නෙ (ම)
ඉතාලියේ නම් මෙවැනි අකටයුතු කම් සංක්‍රමණිකයින්ට කරන්නේ නැහැ. මුලින්ම කරන්නේ ඔවුන්ගේ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අදාළ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමත් පාසල් යන වයසේ ළමුන් ඇත්නම් හැකි ඉක්මනින් ඔවුන්ව පාසලකට යොමු කිරීමත්ය. සරණාගතයෙක් බලෙන් පිටුවහල් කිරීමට ඉතාලියේ නීතියක් නැති අතර උසාවියෙන් කෙරෙන්නේ ස්වේච්චාවෙන් තම රටට නැවත යන ලෙස කරන ඉල්ලීමක් පමණි. (හේ)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ ඒවා වෙන්නේ නැහැ....(බ)
ඔය නීති කලින් පැනවුව නම් කොටින්ට නැවු ගන්න මුදල් එකතුකරගන්න බැරිවෙනවා. (අ)
බ්‍රිතාන්‍යන් අධිරාජ්‍ය ගොඩනගන්න අහිංසක මිනිස්සු කොතරම් මැරුවද, ජනාවාස විනාස කරාද, වස්තුව කොල්ලකෑවද? ඉතින් මේ තත්ත්වය ස්භාවිකයි. එංගලන්තයේ බිදවැටීම දැන් පටන් අරන්. එනිසයි ඔවුන් මානුසික නොවන දරදඬු නීති යොදා එය නවත්වන හදන්නේ. මේක ඔවුන්ගේ කර්මයයි. (අ)
මේ නිතිය ඒ විදියටම ඉතාලි වල කරන්න ඕන. (ම)
අම්මප ඉන්දික.එංගලන්තේ අයගේ රට හදා ඉස්සර මුළු ආසියාවේම , අප්රිකාවේම මිනිස්සුන්ගේ දේපල කොල්ල කැව. මුන් ඔය තත්ත්වේ ඉන්නේ ඔය හොරකම් කරපු සල්ලි වලින්.. ඉන්දියාවේ වස්තුව ඔක්කොම කොල්ල කැව.. මුන්ට මෙහෙම වෙලා මදි. (අ)
මේවට තමයි මානව අයිතිවාසිකම් කියන්නේ. එයාලට වාසිවෙන විදියට නීති හදල ඒවා සාධාරණයි කියනවා. අපේ එහියියෝ අනුමත කරනවා. (බ)
පසුගිය වසර දහයක විතර කාලයක ඉඳල ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් එංගලන්තයේ පදිංචියට ගිහිල්ල තියෙනවා. මේ අයට එංගලන්තයේදී යුරෝපා සංගමයී වැසියන් හැටියට පින්පඩි, නිවාස ආධාර සහ සෞඛ්‍ය ආධාර ආදිය ලැබෙනවා. ඒ අය කියන්නේ ඉතාලියේ ඒවගේ උදව් ලැබෙන්නේ නැහැ කියලයි. (අ)
පසුගිය කාලයේ යුද්ධය මුවාවෙන් එංගලන්තයට ගිහින් ලංකාවේ ඉන්න අයට මානව හිමිකම් උගන්නපු අයට කෙල වෙන්නයි යන්නේ. (බ)
එංගලන්තේ ඉන්න ලංකාවේ වැඩි හරියක් ජීවත් වන්නේ ලැබෙන පින් පඩියෙන්. ඉතිරි හරිය වැඩ කරන්නේ බී. පී සහ ෂෙල් පැට්‍රොල් ෂෙඩ් වල. මෙහෙ හොඳ රැකියාවක් ලැබීමට නම් එංගලන්තේ විධියට මනාව ඉංග්‍රීසි කතා කළ යුතු වෙනවා. ලංකාවෙන් යන අයට බැරිම ඔය දෙයයි. ඉතාලිය, ප්රංසය, ජර්මනිය, ස්විට්සර්ලන්තයේ සිට පැමිණෙන ලාංකිකයින්ට යුරෝපීය භාෂා දෙකක් පමණ කතා කල හැකි නිසා හොඳ රැකියාවල් ලැබෙනවා. අනෙක ඔවුන් එංගලන්තයට පැමිණෙන්නේ තමන් කාලයක් රැස් කරගත්ත මුදලුත් සමග නිසා නිකන්ම සරණාගත කම ගන්න ලංකාවෙන් පැමිණි අයට මෙන් නගර සභා ගෙවල් නොව හොඳ සින්නක්කර ගෙවල්ද තිබෙනවා. (බ)
අපේ රටේ දරුවෝ පිටරටවල්වල ගිහිල්ල කොච්චර දහදුක් විදිනවද? හැමෝම අදිෂ්ඨානයෙන් වැඩ කළොත් අපේ රටත් එංගලන්තයක් කරනන් බැරි නැහැ. රට තුල ව්‍යවසායකත්වය දියුණු කරන්න . ඒ මානසිකත්වය දරුවන් තුළා හදන්න (අ)
එංගලන්තේ හිරේ යනවා කියන්නේ මහජන මුදලින් හොඳට සැපසේ කාල බීල ඉන්න අවස්ථාවක් ලැබීමක්. ඔය මිනිස්සුන්ව අපහු තමුන් ආපු රටවල් වල හිරබත් කන්න සලස්වන නීති රීති ගේනකල් අපි බලන් ඉන්නේ. (අ)
මහී රටක නීති විරෝධීව ඉන්න අය පිටුවහල් කිරීමත් මානව අයිතිවාසිකම් කැඩීමක් වෙන්නෙ කොහොමද? දැන් ලංකාවට ඉන්දියානුවන් දාස් ගානක් අනවසරයෙන් ඇවිල්ල හිටියොත් ඔබ කැමතිද? (අ)
මෙතැන සමහරු සුද්දට බැන්නට සුද්ද නො එන්න අපි තාම රජපවුලක වහල්ලු...(අ)
ශ්‍රී ලාංකික වෛද්‍ය වෘත්තිකයින් සහ තවත් අතලොස්සක් වූ විවිධ වෘත්තිකයින් හැරුණු විට වැඩි හරියක් වැඩ කරන්නේ පෙට්‍රල් ෂෙඩ් වල සහ හෝටල් කාමර පවිත්‍ර කිරීමයි. ඉංජිනේරුවන් වුණත් වැඩ කරන්නේ දවස් පඩියටයි. එත් හැමදාම වැඩ නැත. ලංකාවෙන් එන අය හිතන්නේ ඔවුන් ලංකාවේ ආඩම්බරයෙන් භාවිතා කල ඉංග්‍රීසි (සිංග්ලිෂ්) වලින් මෙහෙ රැකියාවක් ගන්න පුළුවන් කියලා. ඒක ඉතින් ඇවිල්ලම බලන්න ඕනේ. ඉන්න හරිහමන් ගෙදරක් නැතත් අමාරුවෙන් පෙට්‍රල් ගහල ඉතුරු කරගන්න තුට්ටු දෙකෙන් රේන්ජ් රෝවර් , බෙන්ස් වැනි වාහනයක් නම් ගොඩක් අයට තියෙනවා. (අ)
මා ඇතුළු එංගලන්තේ ජීවත් වෙන 90%ක් බොහොම අමාරුවෙන් එංගලන්තෙට ආපු අය.මෙවැනි නීති නිසා මෙහි ඉන්න අපේ රටේ අයට(වීසා නැතිව )සැහෙන කරදරයකට පත්වෙනවා.එවැනි අය සිතින් විඳින දුක දන්නේ ටික දේනයි.නිහාල් මේ කිසි දෙයක් දන්නේ නැතිව කතාකරනවා (බ)
අමානුෂික රටක්. ලෝකේ රටවල් කොල්ලකා පෝසත් වෙලා, අසරණයින්ටම කෙලිනවා. (බ)
මේකට ලියන අයගේ තත්වය කියාපානවා මිසක් අැත්ත කතා කරන්නනේ නැහැ. සිංහලයාගේ හැටි ඔහොම තමයි. (නදී)
පිටිගල මිලානෝ, ඔයා හරි. ලංකාවේ ගොඩක් අය ඉතාලිය කාලා ඉවරයි.(නදී)
සුදාර දැන් අපි සුද්දගේ වහල්ලු. එක ඊට වඩා භායානකයි (ම)
පිට රටවල් වල ඉන්න ලාංකිකයෝ ඔබගේ දියණියන්ට විවාහ යෝජනා කරද්දී හොඳින් හොයලා බලන්න ඔවුන් මොන තරම් ඇත්ත කියනවද කියලා. ගොඩක් අය බොරු රැකියාවල්, අධ්‍යාපන සුදුසුකම් මවා පානවා. එංගලන්තේ පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන අය කියන්නෙම බැංකුවක හෝ කොම්පියුටර් අංශයේ උසස් රැකියාවක් කරනවා කියලා. බන්දලා දුන්නට පස්සේ තමයි දැනගන්න වෙන්නේ හරියට ඉන්න වීසා එකක්වත් නැති බව. ගොඩක් අසරණ ගැහැණු ළමයි මම දකින නිසයි කියන්නේ. කල්පනාවෙන් ඉක්මන් නොවී වැඩ කරන්න. (අ)
මමත් දැන් අවුරුදු 3 ක ඉදන් මෙහෙ හොරෙන් ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියල.. (බ)
කැනඩා දිසා ප්‍රතිචාර දක්වන විදියෙන්ම පෙනෙනවා ඔහු කැනඩාව කන තරම. තුන්සිය හැටපස් දවසෙම සීතලේ පව් ගෙවන්නේ නැතුව ලස්සන ඉතාලියට එන්න. (අ)
අපි දන්නා කට්ටියක් අහු වුණා ඔය වාගේ බොරු කාරයෙකුට.උපාධියට අඳින ඇඳුමක් කුලියට අරගෙන දෝ ෆොටෝ අරන් පෙන්නා, දියවඩියා රෝගයත් හංගාගෙන ලංකාවට ගිහින් ලොකු මගුලක් අරගෙන ඉවර වුනාට පසුවයි ඇත්ත තොරතුරු දැනගැනීමට ලැබුනේ.දශක දෙක තුනකට පෙර එංගලන්තයට පැමිණි පිරිස් නම් ඔය පින් පඩි අරගෙන, පෙට්රෝල් ෂෙඩ් වල වැඩ කරමින් හොර මැර කමින් ජීවත් වෙනවා හුගක් දුරට අඩුයි.මෑත කාල වලදී මෙහාට පහත් වෙච්ච සමහර කට්ටිය ගැන නම් ටිකක් සෙවිල්ලෙන් ඉන්න එක හොඳයි. (අ)
මේ හොර සෙල්ලම් ගොඩක් දාන්නේ දශක දෙක තුනකට ඉහත සිට පැමිණි අයයි. ඒ කාලවල පැමිණි අය ලංකාවේ දේශපාලන වාතාවරණ මත සරණාගත භාවය ලැබුවා. උගත් කමක් නැති නිසා බී.පී, ෂෙල් වැනි ෂෙඩ් වල වැඩ කරන්න පටන් ගත්ත. සමහරු පින් පඩි ලබා නගර සභා නිවාස වල පදිංචි වුණා. දැන් එන්නේ නම් ධනවත් ශිෂ්‍යයින් අධ්‍යාපන විසා මගින්.(අ)
එංගලන්තේ හිර ගෙදරක ඉන්න එක සැපයි ලංකාවේ නිකන් ගෙදරක ඉන්නවට වඩා (නදී)