ගාසා සටන් සමයේ තමන් පාසල් හා රෝහල් වැනි පොදු ස්ථාන වල සිට ඊශ්රායෙලයට රොකට් ප්‍රහාර එල්ල කළ බව හමාස් සංවිධානය පිළිගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු වන ගාසි හමාඩ් අන්තර්ජාතික මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඊශ්රායෙලයට රොකට් ප්‍රහාර එල්ල කරන්නට සුදුසු ස්ථාන තෝරාගැනීමට නොහැකි වූ තැන මෙසේ පාසල් හා රෝහල් වැනි ස්ථාන වල රොකට් අවි අටවා ප්‍රහාර එල්ල කළ බවයි.
එසේ වුවද සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තකා එම අවි ඔවුන්ගෙන් හැකිතාක් දුරින් පිහිටවූ බවද ඔහු කියා ඇත.
එසේ කිරීමෙන් තම සංවිධානය සිදුකරගත්තේ මහත් වරදක් යැයිද ඔහු පිළිගෙන තිබේ.
මේ ප්‍රකාශයත් සමඟ හමාස් සංවිධානය සිවිල් වැසියන් ගැවසෙන ස්ථානයන්හි සිට රොකට් ප්‍රහාර එල්ල කළේ යැයි ඊශ්‍රායෙලය නැගූ චෝදනා සත්‍ය බවක් පෙනෙන්නට ඇත.
නමුත් සිවිල් වැසියන්ගේ ඝාතනයන් සම්බන්ධව වගකීම භාරගැනීමට හමාස් සංවිධානය සූදනාම් නැති බව ඔහු පවසා තිබෙන අතර ඔහුට අනුව සිවිල් වැසියන් විශාල වශයෙන් ඝාතනයව ඇත්තේ ඊශ්‍රායෙලය අත්තනෝමතික ලෙස එල්ල කළ ප්රහාරයන් නිසාය.
එයට ප්‍රතිචාර දක්වා ඇති ඊශ්රාලෙය පහර කන්නට වන බව දැන දැනම රොකට් අවි ජනතාව ගැවසෙන පොදු ස්ථාන වල ඇටවීමට කටයුතු කළේ මන්දැයි හමාස් සංවිධානයෙන් විමසා ඇත.සිවිල් වැසියන්ගේ ජීවිත හානි අවම වන පරිදි ප්‍රහාර එල්ල කිරීමට තමන් නිරතුරුව පියවර ගත් බවද ඊශ්‍රායෙලය එම ප්‍රකාශයේ සදහන් කර තිබේ.
දින 50 ක් පුරා ඇතිවූ සටන් වලින් හමාස් සටන්කාමීන් ඇතුලූ සිවිල් වැසියන් 2000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි ගණන් බලා තිබෙන අතර ඊශ්රාලෙයටද සිවිල් වැසියන් 4 දෙනෙකු ඇතුලූව හමුදා භටයින් 72 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇත.
හමාස් සංවිධානය සිවිල් වැසියන් දහස් ගණනින් මියගොස් ඇතැයි කීවද මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනා සිවිල් වැසියන් නොව හමාස් සාමාජිකයින් බව ඊශ්‍රායෙලය කියයි.
ඊශ්‍රායෙලය මුල සිටිම හමාස් සංවිධානය පොදු ජනතාව ගැවසෙන ස්ථානයන් වල සිට රොකට් ප්‍රහාර එල්ල කරන බව පැවසුවද දිනෙන් දින ඉහළ ගිය සිවිල් මරණ සංඛ්‍යාව හමුවේ බොහෝ දෙනා හමාස් සංවිධානයට පක්ෂව අදහස් පළකරනු දැක ගත හැකි වුණි.
රොකට් ප්‍රහාර එල්ල වනු, රොකට් අවි ස්ථාන ගත කර තිබෙනු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයන් පවා ප්‍රසිද්ධ කිරීමට ඊශ්‍රායෙලය කටයුතු කළද ඒ කිසිවක් වැඩි අවධානයකට ලක් නොවීය.
නමුත් දැන් හමාස් සංවිධානයේ මෙම ප්‍රකාශයත් සමග ඊශ්‍රායෙලය කෙරෙහි වැඩි සැළකිල්ලක් යොමුවන බවක් පෙනෙන්නට ඇත.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ගාසා ගැටුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් පවතින එය සම්පූර්ණයෙන්ම අපක්ෂපාතීව,නිවැරදි කරුණු එළිදරව් කිරීමේ අරමුණින් සිදුකෙරෙන බව ඔවුන් කියයි.
පරීක්ෂණයෙන් හමාස් සංවිධානය මෙන්ම ඊශ්රායෙලයද බරපතල ගණයේ වැරදි රැසක් සිදුකර ඇති බව සනාථ කෙරෙන සාක්ෂි දැනටමත් සොයාගැනීමට හැකිව ඇතැයි සඳහන්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන් -ඒ කියන්නේ ඔක්කොම නිදන් ඉන්න වෙලාවක ද? පල්ස්තීනෙට නම් ඔහොම උණා ආයුද අරන් ඇවිත්. ටෙයෝඩර් ඉන්න කාලේ (නදී)
දැන් මෙතන පොඩි ලමයි ආවරණයක් විදිහට තියාගෙන ඊශ්‍රායල ලමයි මරන්න රොකට් හමාස් කට්ටිය යවනකොට බලාගෙන ඉන්න කියල කියන්නේ ඊශ්‍රායලයට? (නදී)
පලස්තිනේ ඉල්ලගෙන කන්නේ. ඒ රටේ පොඩි ළමයි ඉන්නෙත් යුද මානසිකවත්යෙන්. මොනවා උනත් හමාස්, අල්කයිඩා මේ ලෝකෙන් තුරන් කරන ඕනේ කලේ ඇවිල්ලා. (නදී)
ඊශ්‍රායලයට ජයවේවා! හමාස් ත්රස්තවාදීන් භංගවේවා! (නි)
නිසාර්, යක්ෂයෝ හරි නාගයෝ හරි මේකේ සමාදානෙන් නිදහසෙන් හිටිය. අර කාන්තාරෙන් මහා අමුතුම ජාතියේ කට්ටියක් වෙළදාමේ ලංකාවට එන්න කලින්! (ස)
බටුගෙදර , මොකටද චීනෙට රුසියාවට ගහන්නේ? ත්රස්තවාදීන්ට ගහන්නම ඕනෑ. උන් තමයි මේ සාමකාමී ලෝකය විනාශ කරන්නේ. (නි)
අපිට මොකද (දී)
දැන් ඔය රට පල්ස්තීනුන්ට අයතියි කියා මුළු ලෝකේ තියෙන රටවල් ඔක්කොම පිළි අරන් තියෙන්නේ කැනඩාව ඇරෙන්න. වර්ගවාදයට කවදාවත් ඔලුව උස්සන්න නම් බැහැ. මන් අහපු ප්‍රශ්ණෙට කෝ උත්තරේ. 1948 කලින් කොහෙද මේ කට්ටිය හිටියේ ? දැන් අර ඇෆ්ගනිස්ථානෙට රටවල් කීයක් ගැහුවද ? කෝ විසඳුම් ? තෙල් තියෙන අරාබි රටවල් කියක් නාස්ති කරාද? කෝ තෙල් ලාබෙට හම්බ උනාද ? මේවා ධනවාදී පරම්පරාවේ යටි කුට්ටු වැඩ. බල කිරීම තරවටු කිරීම තාවකාලික විසඳුම් පමනයි. බලෙන් කිසිම දෙයක් කරන්න බැහැ කියන එක තේරුම් ගන්න (නදී)
සමන් -ඒ කියන්නේ ලොකු අය කරන වැරදි වලට පොඩි දරුවන් මරන්න පුළුවන් කියලද ? මොකක් ද ඔය මානසිකත්වය ?සාර්ථක වෙයිද? (නදී)
රිෂාර්ඩ්, ලමයි මරණ කට්ටියකට හෙට අනිද්දා වැඩේ දෙන්න ලෝකේ රටවල් එකතු වෙනවා එතකොටත් ඔයා ඔය වගේ කතා කියාවිද (නදී)
නුවන් -ඒ කියන්නේ ඔක්කොම නිදන් ඉන්න වෙලාවක ද?පල්ස්තීනෙට නම් ඔහොම උණා ආයුද අරන් ඇවිත්.ටෙයෝඩර් ඉන්න කාලේ (දී)
ලංකාවේ කවුරුහරි ඉන්නවනම් ,ලංකාවේ කල්චර් එක ප්‍රධාන ආගමට ගරුකරමින් ඉදීම කලයුතුයි ,ආක්‍රමණ කිරීමට සිතීම මෝඩකමකි, අපි වුණත් පිට රටකට ගිහින් ඉන්න ඕනේ ඒවිදියට , හමාස් කියන්නේ ත්‍රස්තවාදියෝ එයාලට කත් අදින අය මෙරටේ ඉන්න එකට මම කමතිනෑ, ,ත්‍රස්ත වාදියෝ භංගවේවා,(අ)
පිටිගල , එතකොට උතුරු කොරියාව ? (අ)
නිසාර් 1948 ට කලිනුත් යුදෙව්වන් ජෙරුසෙලමේ හිටිය ,වැලපෙන පවුර රෝමන් වරුන් විසින් බිදදමන විට මුස්ලිම් ආගම බිහිවෙලාවත් නැහැ ඒ ක්‍රි .ව 70 .ඊට පෙර බබිලොනියන්වරුන් යුදෙව්වන් සංහාරය කලා.ඒ ක්‍රි .පු 670 ඒ අවස්ථාවේ තමයි යුදෙව්වන් ලොව පුරා විසිරිලා ගියේ .(අ)
ඔව් නිසාර් අපි යක්ෂ ,රාක්ෂ,නා,අසුර අපි සිව් හෙළ සිංහල යක්ෂ කියන්නේ යකඩ වැඩ කරපු අය,රාක්ෂ කියන්නේ ආරක්ෂක හමුදා .නා කියන්නේ නාවුක කටයුතු කරපු අය .ඔයාල වගේ වෙළදාමේ ආපු අය නෙමේ අපි .විජය එනකොටත් අපි මෙහෙ හොදේ .(අ)
ජේසුස් වහන්සේගේ මව සහ පියා යුදෙව්වන් .ඒ කලේ බෙත් ලෙහෙමේ ,ජෙරුසෙලමේ හිටියේ යුවෙව්වන් .කොටින්ම ජෙරුසෙලමේ අෂ්ක පල්ලිය යුදෙව්වන්ගේ ඉස්ලාම් කට්ටිය බලෙන් අල්ල ගෙන .(අ)
පහන් -මට ඔප්පු කරන්න ශාක්ෂි තියෙනවද ඔවුන් යුදෙව්වන් කියලා. ඔවුන් යුදෙව්වන් නොවේ හෙබ්රු ජාතිකයන්? මෝසෙස් (අස) වත් යුදෙව්වෙක් නොවේ (ලෙවි ) පරම්පරාවෙන් එන අරාබි ජාතිකයන් ඉතිහාසය පොඩ්ඩක් කියවන්න. යුදෙව් ආගම බිහිවන්නේ පසුවයි (නදී)
පහන් සහ දඹුලු හරියටම කියන්න ඕන එක කියල තියෙනවා! (දී)
නිසාර්, ඊශ්‍රායලය බලෙන් අල්ල ගත්ත දේවල් කියවන්නේ. ඔයගොල්ලෝ බලෙන් අල්ලන් ඉන්න කුර ගල බෞද්ධ භූමියෙන් ඉවත් වෙන්නකෝ ඉස්සෙල්ලා. (නදී)
ඊශ්‍රායලය එතරම්ම සධාරන නම් බලයෙන් අල්ලාගෙන හදාගත්ත රට අත්හැරලා යන්නේ නැත්තේ මොකෝ.(අ)
නිසාර් බලෙන් අල්ලගත්තේ නැහැ ඒවා යුදෙව්වන්ගේ නිජබිම් .1948 ඊශ්‍රායලය පිහිටෙව්වේ ඒ යුදෙව් ජනාවාස ආශ්‍රිතව .ඉස්ලාම් ආගමිකයන් යුදෙව්වන්ගේ නිජබිමට සංක්‍රමණය වුණ එකයි ඈත ඉතිහාසේ වුණේ .ඔබ කතාකරන්නේ මෑත ඉතිහාසය ගැන .(අ)
අනුන්ගේ දේවල් ගන්න යන නිසා සමාන්‍ය මිනිස්සු කවුද කියලවත් බලන්නේ නැති මිනිස්කොට්ටාශයක් ද මේ ? වැඩිපුර මැරුනේ පොඩි ළමුන්(අ)
ඊශ්‍රායලයද බරපතල ගණයේ වැරදි රැසක් කර ඇත මන්ද ඔවුන් සැමවිටම ඉලක්කය වුණේ පොඩි දරුවන්ය. (අ)
එතකොට පහන් 1948 කලින් හිට්ලර් ගේ කාලේ වෙනකම් මේ ගොල්ලන් කොහෙද හිටියේ ? (නදී)
ඔව් පහන් ඈත ඉතිහාසේ හැටියට ලංකාව අයිතිවෙන්නේ යක්ෂයින්ටයි, නාගයින්ටයි. ඔයාල යන්ඩ උතුරු ඉන්දියාවට ගිහිල්ල ආර්ය සූට් එක ගහගෙන මෙරා සිරි ලංකි නැහියේ කියා කියා ඉන්ඩ එහෙනම්. (නදී)
පහන් සහෝදරය හැමදෙයක්ම හොයලා බලලා කතා කරන්න (දිල්)
ලංකාවේ ඔය සමහර කට්ටිය ඉන්නේ බුදු දහම වනසලා වෙන වෙන ආගම් පතුරන (නදී)
හමාස් කියන්නේ නුගත් කොට්ඨාශයකටයි. ඊශ්‍රායලය කියන්නේ දැනගෙන කතරගම යන පිරිසකට. ඒ නිසා පලස්තීනය හැමවිටම ඉල්ලන් කන්නේ ඔවුන්ගේ ඇති නුගත්, අසහනකාරී මානසිකත්වය නිසයි. (නදී)
නිසර්, පොඩි අය මැරෙනවා කියලා පාරට බැහැලා මහා කලබලයක් කලාට ඔයගොල්ලෝ පොඩි අය මැරෙන්න හේතුව කියනකොට සද්ද නැහැ (නදී)
නිසාර් වගේ කට්ටිය දකින්නේ අවුරුදු 40,50 වගේ ඉතිහාසය. ඊට කලින් අවුරුදු 2500 ඉතිහාස තියෙන ඒවා මේ ගොල්ලන්ට පේන්නේ නැහැ. ලංකාවේ ඔයගොල්ලෝ අල්ලාගෙන ඉන්න බෞද්ධ පුජා බිම් වලින් ඒක හොදටම පේනවා.(නදී)
බටු ගෙදර, පොඩි දරුවෝ ඉන්න තැන්වල ඉඳල රොකට් ඇරියේ පොඩි බබාලාද? (නදී)
නිසාර්, ඊශ්‍රායලය නොවෙයි එයාලගේ අවුරුදු 5,000 පැරණි නිජ බිම අල්ල ගෙන ඉන්නේ වටෙන් සංක්රමණයවූ අරාබි ජාතිකයෝයි. (නදී)
යුදෙව්වන් තමයි කවදා හරි සිංහල අපට පිහිටට ඉන්නේ. ඒ නිසා ඔවුන්ට ජය වේවා (නදී)
අනේ, ඒ රට නැත්තටම නැති කරලා පුළුවන් තැනින් ගහනකොට දැන් වැරදි කරුවෝ ඒ මිනිස්සුද ? (නදී)
කුමාර් එක තම මමත් අහන්නේ 1948 කලින් කොහෙද මේ කට්ටිය හිටියේ කියලා. හිට්ලර් ට මේ ගොල්ලන් එක්ක වැඩි තරහක් අාවේ ඇයි? මෙතන ලමයි මරනවට මොන දේ කරත් ශාපය ලැබෙනවා මයි (නදී)
මේ සෙල්ලම් ඔක්කොම ඔය පලස්තීනේ එක්ක විතරයි ගහන්න කියන්න කෝ චීනෙට රුසියාවට ? (නදී)