මෙතෙක් හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මාස තුනක් ඇතුළත කාම්බෝජයේ දරුවන් 60 දෙනකු මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ තරුණ වයසේ පසුවන දරුවන් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාම්බෝජයේ පිහිටි කාර්යාලයට අනුයුක්තව සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නිමා අස්ගාරි ප්‍රකාශ කළේය. මෙකී රෝගී තත්ත්වයට හේතුව සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ කාම්බෝජ රජය එක්ව මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය. අධික උණ, පපුවේ වේදනාව වැනි තත්ත්වයන් මෙම රෝගයේ ලක්ෂණ වන බවත් ඇතැම් දරුවන්ගේ ස්නායු පද්ධතිය ආශි‍්‍රතව ද යම්යම් වෙනස්කම් මේ රෝගය වැළඳීමෙන් පසුව පෙන්නුම් කළ බවත් ඔහු සඳහන් කළේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd