සිරියාවට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් එක් වී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැරසෙන නව යෝජනාවලියට තමන් විරුද්ධ බවත්, එම යෝජනාවලියට විරෝධය පළ කරමින් ඡන්දය ප්රකාශ කරන බවත් රුසියානු විදේශ ඇමැති සර්ගේ ලෙව්රෝව් පවසයි.
දිනෙන් දින දිග්ගැස්සෙන සිරියා අර්බුදය විසඳීමට යැයි පවසමින් සිරියාවට එරෙහිව සකස් කළ එම යෝජනාවේ දැක්වෙන්නේ සිරියාවට ප්රහාරයක් එල්ල කිරීමට බව ද රුසියානු විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටී.
බලයෙන් ඉවත් වීම ප්රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, බටහිර අනුග්රහයෙන් සැකැසුණු යෝජනාවලීන් දෙකකට මීට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණ ද රුසියාව සහ චීනය එක් වී නිෂේධ බලය භාවිත කොට ඒවා පරාජය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඔවු ඔබතුමාලට දැන් අවුරුදු 40 විතර බලේ ඉන්න එකාධිපතියෝ රැකිලා හරි ආයුද ටික විකිනෙනවා නම් මොකෝ. ඇමරිකාව "මානව හිමිකම්" නමෙන් ආයුද විකුනද්දී ඔබතුමාලා රටවලට ඇගිලි ගැහීමට විරුද්ධ නමෙන් ආයුද විකුනනවා.(නදී)
ඔබගේ තීරනය විශිශ්ටයි. නැතිනම් ලෝකය විනාශ කරාවි.(නදී)
දැනට ලක්ෂ ගානක් අවුරුදු 2 තිස්සේ සිරියාවේ මැරෙනවා. රුසියාව තමා ආණ්ඩුවට ආයුධ දෙන්නේ. ඇමරිකාව අනික් පැත්තට දෙනවා. (නි)
ප්රජාතන්ත්රවාදී රජයවල් කියලා බෝඩ් ගහගෙන ඡන්ද තියනවා. හැබැයි ඡන්ද හොර කරනවා. ඉතින් මිනිස්සු උදවු ඉල්ලන්නන ඇමරිකාවට යන එක අහන්නත් දෙයක්ද. (නි)
ඇයි මේ මැදපෙරදිග ඒකාධිපතියෝ වැහි වැහැලා ඉන්නේ මේ තරම්? රාජාණ්ඩු නම් හිතාගන්න පුළුවන්. එහෙත් මේවා ඡන්ද තියන රටවල්නේ. (නි)
ගිය අවුරුද්දේ ලොව යුද වෙළදාම 26%. ඇමරිකාවත්,24%. රුසියාවත් 16% චීනේ 10% ඊශ්රායල්. ඉතිරි ටික ප්රංශේත් එංගලන්තෙත් කරයි කියලා කියනවා. ඉතින් බලන්න මෙයාලා එක්ක එක් එක් ආකාරයෙන් පෙනී හිටිමින් වෙලදාම් කරනවා. මෙයාලව පෝසත් කරනවා. (නි)
ඇමරිකාවේ හැමදාම වගේ බෝම්බ පිපිරෙන්න ඕනෑ එයාලට යථාර්තය තේරෙන්න (නි)
ලංකාවේ බෝම්බ පිපිරෙද්දි කොහෙද හිටියේ? (නි)