සිරියානු කැරැලිකරුවන් එල්ල කළ ප්රහාරයකින් එරට දීර් එසෝර් ප්රාන්තයේ, හත්ලා නමැති ගම්මානයේ ෂියා මුස්ලිම් පදිංචිකරුවන් 60 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
හත්ලා ගම්මානයේ ෂියා මුස්ලිම්වරු සිරියානු ජනපති සහ රජයට පක්ෂපාතී පිරිසකි.
කැරැලිකරුවන් පහර දෙද්දී එම පිරිස ද ඔවුන්ට පෙරළා ප්රහාරයක් එල්ල කර ඇති අතර එයින් කැරැලිකරුවෝ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සිරියානු කැරැලිකරුවන් හත්ලා ගම්මානයට පහර දෙද්දී, සිරියාවේ ඩමැස්කස් අගනුවර රජයේ ගොඩනැගිලි පිහිටි ආරක්ෂක කලාපයේ කාර් බෝම්බ දෙකක් පුපුරා ගියේය. එයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 54 දෙනෙක් තුවාල ලැබූහ.
ඩමැස්කස් අගනුවර කාර් බෝම්බ දෙකක් පුපුරුවා
සිරියානු හමුදාව මේ වනවිට, එරට ඇලෙප්පෝ නගරය කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇත. සිරියානු රජයේ හමුදා එම මෙහෙයුම් ආරම්භ කළේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ප්රහාර එල්ල කරලා හරි මැරෙන්නේ අහිංසක මිනිසුන්නේ. අනේ කවුද කොහොම සාමයෙන් සමගියෙන් පිරුන ලොවක් බිහි වෙයිද? දැන් මේවගේ මානව හිමිකන් උල්ලංගනය වෙන්නැද්ද? (ස)
සිරියාවේ යුද්ධය නිසා එම රට වැසියන් ලෙබනන් රටට පලාගොස් සිටිති. (නි)
මම හිතන්නේ සමහර විට මේ යුද්ධය මේ විදිහට පවත්වාගෙන යන්න ඇමෙරිකාව සහ රුසියාව ක්රියා කරනවා වෙන්න පුළුවන්. ආයුධ විකුනන්න වෙන තැනක් නැහැ මේ දවස්වල. (නි)
දේව දත්තගේ අනුගාමිකයෝ බෙදී බෙදී මරාගන්නවා.(නදී)
මුස්ලිම් රටක මුස්ලිම් මිනිසුන්ට එකට ඉන්න බැහැ. ඒ අතින් සිංහල අපි කොයිතරම් වාසනාවන්තද? අපි ආගම වෙනුවෙන් මරාගන්නේ නැහැ.(නදී)