කෙන්යාවේ නයිරෝබි නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ගැටුම් පෙරේදා (24) රාති්රය වෙද්දී අවසන් වූ බව එරට ජනාධිපති උහුරු කෙන්යාටා ජාතිය අමතමින් කියා සිටියේය.
|
කෙන්යානු ජනපති ජාතිය අමතමින් |
ගැටුම් අවසන් වූයේ ප්රහාරයට පැමිණි අල් ෂෙබාබ් ත්රස්තවාදීන් 5 දෙනකු මරා දමීමෙන් පසුවය. සැකපිට තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්රශ්න කරන බවද කෙන්යානු ආරක්ෂක අංශ කියා සිටී.
‘‘සිව් දිනක් තිස්සේ පැවැති ගැටුම්වලින් පසු ත්රස්තවාදීන් මරා දමා සාප්පු සංකීර්ණය අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා” යැයි ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියේය.
අවි ගැටුම් නිමා වෙද්දී, සිව් මහල් සාප්පු සංකීර්ණයේ ඉහළ මහල තුනට බරපතළ හානි සිදුවී ඇති බව ද ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියේය.
ප්රහාරයෙන් 73 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ඔවුන් වෙනුවෙන් තෙදින ශෝක කාලයක් ප්රකාශයට පත් කරන බව ද ජනපතිවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටටත් අර අහවල් නීතිය ඕනෑ කියන අන්තවාදීන්ට තවත් පාඩමක්... (නි)
පව්කාරයෝ අහිංසක මිනිස්සු මරලා. නැවතත් මේ අයට නම් ආත්මයක් ගැන හිතන්නවත් වෙන්නේ නැහැ. (නි)
හොඳ වෙලාවට, නැති නම් අපේ හමුදාමට එහෙත් යන්න වෙනවා. (ස)
මේ වගේ කුරිරු අමානුෂික වැඩකරන අයවලුන්ට අල්ලාහ් දෙවියන් වහන්සේගේ ශාපය අත් වේවා! (නි)
ඉෂාක්, මේක දෙවියන්ගෙ කැමැත්ත නෙවෙද? (ස)
ඉෂාක්, අල්ලා දෙවියන් ශාප කරනවාද? ශාප කරන දෙවිවරු? (ස)
අපේ බෞද්ධ දර්ශනයේ නම් කියල නෑ කාටවත් ශාප කරන්න කියලා.හතුරෙකුට හරි මෛත්රී කරන්න තමයි අපි කියන්නේ. (ස)
මෙහෙම රණ්ඩු කරන මිනිස්සු කවුරු හෝ මැව්වා නම්, මවපු කෙනා ඒකේ වගකීම භාර ගත යුතුයි නේද? (ස)
මේ ලංකාවේ ඉන්න මුස්ලිම් බහුතරයක් හොදයි. අර නහරකාරයෝ ටිකක් ඉන්නවා ෂරියාම ඉල්ලන. ඒ අය දෙවියන්ගේ දේශයට යන්න. අනිත් අපි හැමෝම හොඳට ඉදිමු (නි)
මා දන්නා පරිදි අල්ලා කියන්නේ ලොව මැවූ දෙවියන් නොවේ (නි)
කුමාර් , ඔබේ ආගමික බුද්ධිය මොට්ට බව පෙනේ , සෑම ආගමකම සර්ව බලධාරී අල්ලාහ් ගැන සදහන් වී ඇත, ඕගොල්ලෝ එය නොදැකපු එකයි වරද....තම තමන්ගේ ආගම හොඳ හැටි ගැඹුරින් කියවා අවබෝධ කරගැනීම සහ අන් ආගම් සමග සංසන්දනය කර නිගමනයකට ඒම අද කාලයේ වටින්නේය. (ස)
කමෝන් ඉස්ලාම් කමෝන්! කෝ දැන් අර හලාල් කිව්ව ගමන් කොළඹට බෝඩ් අල්ලන් සහජීවනය කියලා බෙරිහන් දුන්න සුදු තොප්පි වෙලෙන්ඳෝ? මුස්ලිම් සංවිධාන අහිංසක මිනිස්සු මරද්දී ඒවා නැද්ද? සහජීවනේ... අතී කරුණාවන්ත අර.. කාගෙද මගපෙන්වීම... ඒවා නෑ දැන් නේ? ඔක්කොම අනික් මිනිස්සුන්ට යන්න කියලා මුස්ලිම් මිනිස්සු ටිකව විතරක් තියාගෙන වෙඩි තිබ්බා නම් අද (සිකුරාදා) බලන්න තිබ්බා පල්ලී ඉස්සරහ තොප්පි සෙල්ලම්! (ස)