වසර 39ක් පුරා සී ෂෙල්ස් දූපත්හි බලයේ සිටි රජය පෙරළා එරට ප්රජාතන්ත්රවාදී සන්ධානය මෙවර මහ මැතිවරණයේ ජය හිමිකරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව ජනපති ජේම්ස් මිචෙල්ගේ පක්ෂය මෙවර පරාජයට පත්වූ අතර එම පක්ෂය 1977 සී ෂෙල්ස්හි බලය හිමිකරගෙන සිටියේය.
ජනපති මිචෙල්ගේ පක්ෂය ආසන 10ක් පමණක් හිමිකර ගනිද්දී ආසන 15ක් ප්රජාතන්ත්රවාදී සන්ධානයට හිමිවිය.
නව සන්ධානය සමග ඉදිරි වැඩකටයුතු කරගෙන යන බව ජනපති මිචෙල් පැවසීය.
දූපත් 115කින් සැදුම්ලත් සී ෂෙල්ස් දූපත් නැගෙනහිර අප්‍රිකාව ආසන්නයේ ඉන්දියන් සාගරයේ පිහිටි රාජ්‍යයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ජයග්රහණයක්නේ.(හේ)
ඒ රටේ මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් මේ.(හේ)
කාලයක් මේ රටයි අපේ රටයි ලොකු සම්බන්ධතාවයක් තිබුණා නේද?.(හේ)
දැන් නම් ඉතින් රෝදය කරකැවෙන්නේ අහවල් අයගේ අවාසියටම තමා. (නි)
මෙහේ අය එහෙ හංගපු සල්ලි අහුවෙන්නයි යන්නේ. මෙන්න සී ෂෙල්ස් ජනතාවත් පළිගන්නවා. (නි)
දැන් ඉතින් සමහරුන්ගේ හොර සල්ලි ඉවත්කර ගන්න කාලය හරි! (නි)
මේ රට කළු සල්ලි සුදු කරන තැනක් කියලා ආරංචියි. (නි)
මේ බල පෙරළියත් එක්ක සී ෂෙල්ස් වල හංගලා තියෙන අපේ අයගේ කළු සල්ලි පිලිබඳ අනාවරණය කර ගැනීමේ ඉඩ ඇතිවෙන්න පුළුවන් . 85,000 ක් විතර ජනගහනය ඉන්න මේ රටේ ලිය පදිංචි සමාගම් ගණන ලක්ෂ 2 ක් විතර වෙනවා කියන්නේ කලුසල්ලි රටේ විශාල ප්‍රමාණයක් තියෙනවා කියන එකට හොඳම සාක්ෂිය නේද ?(අ)
සී ෂෙල්ස් නව පාලකයන් සමග සාකච්චා කර, ශ්‍රී ලංකාවෙන් යටි මඩි ගසාගෙන, පිල්ලි ගහගෙන එරටේ බැංකු සහ මුල්‍ය ආයතනවල තැන්පත් කර තිබෙනවා යයි කියන අපේ අති විශාල ධනස්කන්ධය ආපසු මෙරටට ගෙන්වා ගැනීමට යහපාලන රජය උනන්දු විය යුතුය.\nඒවගේම ඒ මුදල් තැන්පත් කරපු අයගේ නම් වට්ටෝරුවත් ලබාගෙන ඒ දේශද්‍රෝහී පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු කර ඒ මුදලින් රටේ සංවර්ධන කටයුතු කරන්න රජය ඉක්මන් විය යුතුය !!!!\(රේ)
අපේ කට්ටියත් බොරු කියලා බලයට ආවේ ඔය කියන අතිවිශාල ධනස්කන්ධය හොයාගෙන රට සුඛිත මුදිත කරන්න කියලා. කෝ එක ශත 5ක් හොයාගන්න බැරි වුණානේ. දැන් ඉතින් වැඩි කරපු පඩි ටික දීගන්න බැරිව වැට් ගහන්න දඟලනවා. (නි)
අනේ ඉතින් අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද?