වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හමුවේ ශ්‍රීලංකාව කොයිබටද? යන මැයෙන් දේශපාලන හා සමාජ විශ්ලේෂක, සාහිත්‍ය පරිවර්තක යහ පාලනයක් උදෙසා ගොඩ නැඟුණු පුරවැසි කමිටුවේ කැඳවුම්කරු මාධ්‍යවේදි ගාමිණී වියන්ගොඩගේ පවත්වන දේශනයක් මැයි 10 ඉරුදින පහත සඳහන් පැරිස් කලාප අංක 10හී ගාර්ඩ් ලෙස්ට් ලා මෙයිසොන් ශාලාවේදි සවස 06 ට පැවැත්වීමට නියමිතය.
පැරීසියට ගාමිණී හුරු පුරුදු කෙනෙකි. දශක තුනක ඉතිහාසයක් ඇති ඔහුගේ බොහෝමයක් කෘතී පැරීසියේදි එළි දැක්වුයේය. මින් පෙරද මෙවැනි දේශන ගාමිණී විසින් පැරීසියේදි පැවැත්විණි. ඔහු පැරිස් වාසියෙකි. ඔහු අද සීයා කෙනෙකි. පැරීසියේදි ඔහු මුණුබුරුන් යළි හමුවන්නේය. ඔහුගේ මුණුබුරු මිණිබිරියන් වැඩි දෙනෙක් පැරීසියේ උගනිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලපල්ලට මිසක් වෙන කොහාටද? (බ)
පිටරට ඉල්ලු වෙනසට ඉල්ලුම (බ)
ලංකාව ලෝකයේ සුපිරි බලවේගය වෙන්නයි යන්නේ.(ම)
තෙරුවන් සරණයි (ම)
ලංකාවේ වෙනස්කම් කරන්න වැඩියෙන්ම දත කන්නේ බටහිර රටවල සුරසැප විඳින ඒවායේ දරුමල්ලෝ ජීවත්කරවන සුද්දන්ට කඹුරන කළු සුද්දෝ තමයි.මේ රට අරාජික කරලා නැවත මිනීකන්නන්ගේ දේශයක් බවට පත්කරනතුරු ඔවුන්ට නින්ද යන්නේ නැහැ. (නි)
ප්‍රංශයට ගිහින් ලංකාව ගැන කියන්නේ මොනවටද? මේ එන් ජි .ඕ කාරයන්ට ඕන අන්දමට ලංකාව හසුරුවන්නට දෙන්න ලංකාවේ බහුතරය කැමති නැත (බ)
පැරිස් වැසියා ලංකාව ගැන කතා කරනවලු .මේ වගේ මිනිසුන් දරු මුණුබුරු සමග යහතින් එහාටම වෙලා හිටපල්ලා. අපි අපේ රටේ දේවල් ගැන අපි බලාගන්නම් . රටක දෙවැනි පුරවැසියන් ලෙස ජිවත් වීම සමහරුන්ට ලොකු දෙයක් වෙලා (බ)
වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග හමුවේ ශ්‍රීලංකාව කොයිබටද?සාහිත්‍ය පරිවර්තක යහ පාලනයක් උදෙසා ගොඩ නැඟුණු පුරවැසි කමිටුවේ කැඳවුම්කරු මාධ්‍යවේදි ගාමිණී වියන්ගොඩ මැතිතුමා සියලු ශ්‍රී ලාංකීය ජනතාවට හෙළ දෙරණ පවතිනතුරු අමතක නොකළයුතු සේවයක් කල, උත්තම පුර්ශයකි. එ මන්දයත්, දුෂණය, බිෂණය, අල්ලස, නාස්තිය, වංචාව, මැරබලය හා එකාධිපතිත්වයට එරහිව තම ජීවිතය පමනක් නොව සිය පවුලේ ජිවිත ලංසුවට තබා තම මතෘභුමිය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. ඔබ තුමාට චිරන් ජයතු !!! (බ)
බුදු අබේරත්න මහත්තයෝ එන්.ජි.ඕ කාරයෝ, විදේශීය කුමන්ත්‍රණ, ඩයස් පෝරා, විදේශ බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ දැන් ඉතින් ඒවා ඔක්කොම වලපල්ලට ගොහින් මහත්තයෝ. ඔය පරණ තැටි, දැන්වත් විසික් කරන්න (බ)
දන්නෝ දනිති. අපිත් ඉන්නේ පැරිසියේ (නි)
අනේද කියන්නේ රිචි, පැරිසියේ රොහාන් දයාදර මොහුට උත්තම පුරුෂයෙක්ය කියන්නේ රට ජාතිය බල්ලට දමා නිතරම මම මම මම යැයි උත්තම පුරුෂයෙන් ම සිතන නිසාත් පුරුෂ ලක්ෂණයක් හැටියට මුහුණේ රැවුලක් ඇති නිසාත් වෙන්න ඇති නේද? (බ)
අබේරත්නගෙයි පෙරේරාගෙයි කටේ මසුරන් දාන්න වටිනවා. කොහොමත් මෙවැනි උදවියට තමුන් උපන් රටට කළ හැකි ලොකුම සේවය තමයි වෙන රටකට ගිහින් අපේ රටට කරදර නොකර තමුන්ගේ වැඩක් බලාගෙන සිටීම. (බ)
ලංකාවේ වෙනස්කම් කරන්න වැඩියෙන්ම දත කන්නේ මේ වගේ බටහිර රටවල වල සුරසැප විදින ඒවායේ දරුමල්ලෝ ජිවත් කරවන සුද්දන්ට කඹුරන කළු සුද්දෝ තමයි..මේ රට අරාජික කරලා ආයේ මිනි කන්නන්ගේ දේශයක් බවට පත් කරනකම් මුන්ට නින්ද යන්නේ නැහැ..(බ)
අපේ රටට සේවයක් කරන්න මෙයා ගිහින් තිබෙන දුර.රොහාන් දයාදර යන්න ඇත්තේ පඩික්කම අල්ලන්න වෙන්න ඇති.(බ)
ගිය එකා ගිය විදියට ඉන්නේ නැතුව තව මොනවට ද ඉන්න මිනිස්සු යන මාර්ගය ගැන හොයන්නේ. අපි දැන් යන්නේ අධෝමර්ගෙන් මොකද යුද්දේ නැති නිසා. (නදී)
බණ්ඩාර මහත්තයෝ, තැටියේ තත්වය කෙසේ වෙතත් යථාර්තය එයයි . තිත්ත ඇත්ත එ්කම තමා. (නදී)