අනාගතයේදී වැස්ස අඩුවී මිහිතලය තවත් රත්වීමේ ලකුණු පහළ වී ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ කියති. පොළොවේ ඇති ජල වාෂ්ප ඝනත්වයට පත්වීමෙන් අතීතයේදී උණුසුම ඇතිවිය.
ප්‍රංශයේ ‘නේචර්‘ සඟරාවට ලිපියක් ලියන කාලගුණ විද්‍යාඥයන් පවසනුයේ කාබන්ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් කිරීම නිසා වර්ෂාපතනයට බලපෑම් ඇති වන බවයි.
එය සූර්යාගෙන් සිදුවන උණුසුමට වඩා වෙනස් ක්‍රියාවලියක් බව ද එම විද්‍යාඥයෝ කියති. මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලයට කාබන් පිටවන බව ද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් වවන්න ඕනෑ තව, කපන එක නවත්තලා ... (නි)
ලංකාවේ අපිට ගංවතුරෙන් තමයි තර්ජන, බොන්න, නාන්න ඕන තරමි වතුර ලංකාවෙ තියෙනවා, ඒ වුනත් පිටකොටුවෙ පානීය ජලය කුඩාම බෝතලය රැපියල් හතලිහයි.(නදී)
මේ ගස් කපන විදියට එහෙම නොවුනොත් තමයි පුදුම (ස)
දැන් කටිටියම හොයමු බලන්න වෙන ලෝකයකට යන ක්‍රමයක්. (නදී)
ලෝකයේ කටවල් වැඩි වෙනවා, සැපයුම මදිවෙනවා , ගස්වැල් අඩු වෙනවා, රස්නය වැඩිවෙනවා, හාමතේ දැවිල මියැදෙනවා .(නදී)
අයියෝ එයාලා දැංද ඕක හොයාගෙන තියෙන්නේ.. බුදුරදුන් ඕක දේශනාකරලා ගොඩක් කල්..!(නු)
සනත්, දේශනා කරන්න නම් කාටත් බැරියෑ මල්ලී. එය ප්‍රායෝගිකව ක්‍රියාවට නගා පෙන්වීම තමයි වැදගත් වෙන්නේ. (නි)
මුතුතුඩ, කියන දේවල් හරියට තේරුම් ගෙන අදහස් දක්වන්න. සනත් කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ගැන මීට අවුරුදු 2500 කට පෙර දැනගෙන දේශනා කළ බව. උන්වහන්සේ දේශනා කරපු හැම දෙයක්ම අද සත්‍ය බව ඔප්පු වෙලා තියෙනවා. මුතුකුඩ ඔයා ත්‍රිපිටකය කියවලා බලන්න.(නදී)
හදවත් උණුසුම් වන තරමට ස්වභාව ධර්මයේ වන උණුසුම ගිණිය නොහැක එතරම්.... (නි)
මොන විකාරද? පෙරේදා සවස ඇම්ඹ්ලිපිටියේ ඇතිවෙන්න වැස්ස. කන්තලේ ආයමත් වාන් දමලා.(නදී)