සම්පූර්ණ ඩයිනෝසර ඇටසැකිල්ලක් වෙන්දේසි කිරීමට නියමිත බව ඇමරිකාව පවසයි.
අඩි 9 ක් දිග මෙම ජුවනයිල් ඇලෝසොරස් නම් ඩයිනෝසර ඇට සැකිල්ල බටහිර සසෙක්ස් බිලින්ග්ස්හර්ස්ට්හි වෙන්දේසිකරුවන් විසින් වෙන්දේසි කරනු ලබයි.
එම ඇට සැකිල්ල හමුවී ඇත්තේ කීර්තිමත් ජර්මන් පාෂාණීය ධාතු විද්‍යාඥ රේමන්ඩ් ඇල්බර්ස්ඩෝෆර්ටය. ඒ 2009 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ව්යෝමින්ග් හි ගල්වලක තිබියදීය.
වසර මිලියන 150ත් 155 ත් අතර කාලයක් පැරණි එම ඇටසැකිල්ල පවුම් ලක්ෂ 5කට (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 1078.87) ගිම්හාන වෙන්දේසියේදී අලෙවිවනු ඇතැයි අපේක්ෂිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් " ලන්සුවක් " තියන්න හිතයි..එත් ඉතින් මේ ඇට කටු ගොඩ කොහේ ගෙනත් තියාගන්නද....ගෙදර ඉන්න" බුලා "ගෙන් බේරගන්න බැරිවේවි...අනේ මන්ද..ගන්දෝ...නොගන්දෝ. (අ).
මෙයාට පන දෙන්න පුලුවන්නම්... (ර)
චන්න බුවනක,ඔයාගේ සිතුවිල්ල කවදාහරි දවසක ඉටුවෙන්නත් පුළුවන්. මේ ඩයිනෝසෝර්ලගේ නෑදෑයින් අපේ ගෙවල් වලත් ඉන්න බව ඔයා දන්නවා ඇති දැනටමත්. කුකුල්ලු, පරවියෝ වගේ අය. මේ අයගේ ඇට සැකිල්ල ඩයිනෝ පවුලේ ආදී මුතුන් මිත්තන්ගේ වගේමයි. දැන් විද්‍යාඥයෝ හිතනවා මේ පරෙවියා, කුකුළා වැනි සතුන් තුළ පැරණි ඩයිනෝ මුතුන් මිත්තන්ගේ සිරුරු විශාලත්වයට බලපෑ " ජානය " නිලීනව නොහොත් අක්‍රීයව පවතී කියා. ඉතින් ඒ ජානය සොයාගතහොත් උත්ප්‍රේරකයක් නොහොත් " එන්සයිමයක් " මඟින් එම ජානය සක්‍රිය කිරීමට හැකිවුවහොත් අපේ ගෙවල්වල ඉන්න කුකුල්ලු , පරවියෝ වගේ සතුන් විශාල යෝධයින් වී අපිව බිලිගන්නත් හැකි කාලයක් එන්නට පුළුවනි. (නි)
අනේ විජිත් බය හිතෙන කතා කියන්න එපා..මිට පස්සේ අල්ලපු ගෙදර ඉන්න පරවියෙකුටවත් අපේ ගෙදරට එන්න දෙන්නේ නැහැ. (අ)