විරෝධතාකරුවන්ගේ බාධා මැද, ඉරාන ජනාධිපති හසන් රොව්හානී පෙරේදා (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමැතූ අවස්ථාවේදී ඇමෙරිකාවට දෙහි කැපුවේය.
රොව්හානීට එරෙහිව විරෝධතා පැවැත්වූයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට නුදුරිනි.
විරෝධාතවට සහභාගී වූයේ ඉරානයෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ ජිවත්වන ඉරාන විපක්ෂ කි‍්‍රයාකාරීන්ය. විරෝධතාවට සියයක පමණ පිරිසක් එක් වී සිටියහ.
ඇමෙරිකානු දේශපාලනඥයෝ කිහිප දෙනෙක් ද ඒ අතර සිටියහ.
රොව්හානි ඉරාන ජනපතිවරයා වුව ද ඔහු ද එරට උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනීට යටත්ය. විරෝධතාකරුවන් චෝදනා කරන්න වූයේ, ඉරාන දේශපාලනයට ආධ්‍යාත්මික නායකයකු අවශ්‍ය නැති බවය.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, රොව්හානී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයකට සහභාගී වූයේත්, එය ඇමැතුවේත් පළමු වතාවටය. ඔහුගේ දේශනයේ දී ඔහු ඇමෙරිකාවට දොස් කීවේය.
ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින් ඇමෙරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක සම්බන්ධයෙනි. එම සම්බාධක නිසා ඉරාන ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇත. ඉරානයට ඔවුන්ගේ තෙල් විකුණා ගැනීමට නොහැකි වී ඇත.
සම්බාධක හේතුවෙන් ඉරාන වැසියන් දැඩි ලෙස අපහසුතාවනට පත් වී සිටින බව ජනපති රොව්හානී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම්මික පෙරේරාගේ කතාව මමද අනුමත කරමි. (නි)
කුමාර් මහතාට, ලංකාවේ කොටින්ට ලැබුන සියලුම නවීන තාක්ෂණයේ උපකරණ ලැබුනේ ඔය කියන බටහිර රටවලින්. ජි පි එස් තාක්ෂණය, අධිබල ගුවන් විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍ර,සබ්මැරින් තාක්ෂණය, යුධ තාක්ෂණය,... මේවා ඔක්කොම ලැබුනේ ස්වීඩන්, නොර්වේ, ජර්මනිය, ප්‍රංශය,ඇමරිකාව වැනි රටවලින්. පරණ කොමියුනිස්ට් රට වලින් ලැබුනේ පරණ තුවක්කු පාවිච්චි කරපු යුධ ටැංකි වගේ ඒවා. මුළු ලෝකයම දෙමළ යුද්ධය පරාජය කරන්න බැහැ කිව්වට, රුසියාවෙන් ඊශ්‍රායල සහ චීනයෙන් ලැබුන යුද්ධ ආදර නිසා මේ ආණ්ඩුව එල් ටි ටි සමග යුද්ධය ජය ගත්තා. (නි)
ටෙනිසන්, ඔයාට තව ගොඩක් ඉගෙනගන්න තියෙනවා. මුළු බටහිර රටවල් යුධ කලේ විනාශකාරී පැසිස්ට් වාදය හා කොමියුනිස්ට් වාදයෙන් ලෝකය බෙරගන්නයි. සොයා බලන්න හිට්ලර් මිලියන කීයක් මැරුවද කියලා. එතකොට සෝවියට් රුසියාව,චීනය හා සෙසු කොමුයුනිස් රටවල් එකතුව 20 වෙනි සියවසේ මිලියන 150 කට වඩා මිනිස් ඝාතන කරලා තියෙනවා, අප්‍රිකානු රටවල කැරලි හමුදාවලට ආයුධ දීල එම මහද්වීපය විනාශ කලෙත් කොමුනිස්ට් රටවල් තමයි. එතකොට කොටි ලෝක ආයුධ වෙළදාම කලේ කොහෙන් අරගෙනද ? එත් පැරණි සෝවියට් රටවලින් තමයි. අද උතුරු කොරියාව, සිරියාව ඉරානය වගේ විනාස කාරී රටවල් ආයුධ ගන්නේ කොහෙන්ද, රුසියාව හා චීනයෙන්. බටහිර ලෝකය මේ විනාස නතර කලේ නැති නම් අද ලෝකය ගල් යුගේ කාලේ වගේ වෙන්න තිබුණා.(නදී)
ජෝන් ඔබගේ ජන්මය ආගම අහන්න යන්නේ නැහැ. ලංකාවේ බත් කාලා රටේ නිදහස් අධ්‍යාපනය බුක්ති විදලා ගිනි කඳු භූ කම්පන නැති රටක හැදිලා වැඩිලා තමාගේ මව් රටටම කෙනහිලි කම් කරන්න කියා පතන ඔබ දේශ ද්‍රෝහී නපුංසකයෙකි.(නදී)
ජෝන් ඔබගේ ජන්මය ආගම අහන්න යන්නේ නැහැ. ලංකාවේ බත් කාලා, නිදහස් අධ්‍යාපනය බුක්ති විදලා ගිනි කඳු භූකම්පන නැති රටක හැදිලා වැඩිලා තමාගේ මවු රටටම කෙනහිලි කම් කරන්න කියා පතන ඔබ දේශ ද්‍රෝහී නපුන්සකයෙකි.(නදී)
අරා තව ටිකක් බුද්ධිමත් වෙන්න ප්‍රතිචාර දාන්න කලින් (නි)
ඇමෙරිකාව කාටවත් තමන්ගේ ආයුද කාටවත් විකුනන්නේ නැහැ රුසියාව ආයුද විකුනනවා මුළු ලෝකෙටම මට හිතෙන්නේ හුගක් අය එකදනේ නැහැ අපි කොටියට ගහන කොට කේලම අපිට දුන්නේ ඇමෙරිකාව. (අ)
ඇමෙරිකන් ජාතිකයෝ ඇත්තට හොඳයි. නමුත් ඔවුන්ව මෙහෙය වන්නේ යුදෙව්වන් වීම නිසා තමයි. මේ ඔක්කොම ප්‍රශ්න එයයි සත්‍ය. (ස)
දෙවන ලෝක යුද්ධය කාලයේ ඇමරිකාව කටයුතු කල ආකාරය ගැන ඔවුන්ට කල ගුණ සැලකිය යුතුය . අද ලෝකය ජර්මන් ආධිපත්‍යට සහ ජපන් ආධිපත්‍යට අසුවන්නට ඉඩ නොදී බේරා ගන්නට ඔවුන් කල මෙහෙය ජිවිත පුජාව ඉමහත්ය . ඔවුන් ලෝකය ඔවුන්ගේ ආර්ථික ආධිපත්‍යට ගැනිමට මාන බලන එක සැබෑවකි . එය ඔවුන් පමණක් ලොව බොහෝ බලවත් සහ ආර්ථික වාණිජ රටවල් කරනා දෙයකි. අද ඉන්දියාවද කරන්නේ එයමය. අප ඉන්දියානු ආධිපත්‍යට යටවී හමාරය. (ස)
කුමාර් ඇමෙරිකාවට කඩේ යන්න එපා.ජපනාට බෝම්බ දාපු එක සාදාරනයි කියමුකෝ.වියට් නාමයේ ලක්ස ගණන් මරපුව ඉරාකයේ මරපුව කුවේටයේ දේපල විනාශ කරපුව..අදටත් ලෝකේ අනෙක් රටවලට අගිලිගහල කොටෝල තියල තමන්ගේ ආයුද විකුනන්නේ සාදරනෙට වෙන්නැති. කොහොම වුණත් අනෙක් රටවලට දාන සෙල්ලම් ඉරානයට දාන්නනම් ඇමෙරිකාව ටිකක් බයයි. (අ)
ඇමෙරිකාවේ සර්න් කියන ආයතනය සමග වැඩ කරපු ටීම් බර්නර්ස් ලී කියන පුද්ගලයා තම අන්තර් ජාලය සොයා ගත්තේ, ඇමෙරිකන් කඳවුරු දෙකක් අතර පණිවුඩ සන්නිවේදනය කරලා සාර්ථකව. ඒ සොයා ගැනීම ඇමරිකාව තනියම භුක්ති වින්දේ නැහැ මුළු ලෝකයටම දුන්න, අද එකම පාවිච්චි කරලා ඇමෙරිකාවට ම දොස් කියනවා, "ඇමරිකාව තම හෙළුව වහගන්න අනෙක් රටවලට අත දමනවා" වගේ කතා කියල. මේ තෙල් බලය පෙන්වන රටවල් කරන්නේ මුළු ලොවම තම අනසකට ගන්න උපාය ශීලී වැඩ පිළිවෙලක්. මේ බලයෙන් නිදහස් වෙන්න නම් බටහිර රටවල් ද ශක්තිමත්ව පැවතිය යුතුය බලතුලනය සදහා එය වැදගත්ය.(නදී)
අසංග, ජෝනා මොන ජාතිකයෙක්ද කියා සිත ගන්න පුළුවන් නේද? (නි)
දම්මික, හිටපු රජ පරපුරේ අන්තිමයා ෂහින් ෂා කවුද කියලා දන්නවද? ඉරාන ජාතිකයින් කැමති වුණේ නැහැ ඔවුන්ගේ පැරණි ශ්‍රී විභූතිය ඇමරිකන්කරනය වනවාට. එමනිසයි ෂා රජු පලවා හැරියේ. අපටත් එහෙම හිටපු අය අපිත් පලවා හැරියා. (නි)
හරියට හරි හසන් මැතිතුමනි (නි)
දම්, නිකන් මෝඩයෙක් වගේ දොඩවන්න එපා, එදා ඇමෙරිකාව ඒ බෝම්බ දමලා ජපානයේ ම්ලේච්ච මිනිස් ඝාතනය නතර කළේ නැතිනම් තව කී ලක්ෂයක් මිනී මරාවිද? යුද්ධයේ අවසාන කාලයේ ජපන්නු දවසකට ආසියාවේ සිවිල් මිනිස්සු 25,000 ට වඩා මරමිනුයි හිටියේ. ඔවුන් චීනේ කරපු අපරාධ කියලා නිමක් නැහැ. (නි)
අපේ ජනපතිගේ කතාව නැත්තේ මොකද දන්නේ නැහැ. (නි)
දම්මික පෙරේරා හරි (නි)
මොන කෙනා ආවත් රටේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නැහැනේ.අපේ රටේ වුණා නම් ඕකේ අනිත් පැත්ත වෙන්නේ. (නි)
ජෝන්, කරුණාකරලා ඔයා වහාම ලංකාවෙන් පිටමං වෙන්න. (ස)
ඉරානයට සම්බාධක දැමුවත් බාධක මැදින් ඔවුන් යන ගමන නවතන්න බැහැ. ඇමරිකාව තම හෙළුව වහගන්න අනෙක් රටවලට අත දමනවා. (ස)
අපිට බැරිද ඇත්තටම එක්සත් ජාතීන් එකතු කරගෙන අළුත් එකක් පිහිටුවන්න. (ස)
දම්මික පෙරේරා, ඔබට ස්තුතියි. අප දැනුවත් කලාට... (ස)
ඇමෙරිකාව, රුසියාව, එංගලන්තය, ප්‍රංශය, කැනඩාව, වගේ බටහිර රටවලුත් නැත්නම් මේ ගොල්ලන්ගේ මහා කරුණාව බලාගන්න තිබුනා එක දවසට විරුද්ධ දේශපාලන මත දරපු මිනිස්සු, සිය ගණනනින් මරලා දැම්මා ශා රජ්ජුරුවෝ එලෙව්වට පස්සේ, ශා රජ්ජුරුවෝ යන දවසෙත් භූමිකම්පාවක් සිද්ධ වුනා . අද මේ දේශය තුල රජයන්නේ අන්තවාදයයි. එහෙම නොවේ නම් විරුද්ධ පක්ෂය ඇමෙරිකාව ට ගොස් ඉන්නේ මොකද? (ස)
ඉරාන වැසියන් දැඩි ලෙස අපහසුතාවනට පත් වී සිටින්නේ සම්බාධක නිසා නොව ඉරානයේ මුලධර්මවාදී පාලනය නිසයි. ඉරානය ළමයින්ට මරණ දඬුවම දෙන රටක්. (ස)
ඉරානය කියන්නේ ලෝකයේ පැරණි අධිරාජ්යක් (පර්සියානු අධිරාජ්‍යය ) මොවුන් අරාබි කරයේ සිටින අයට වඩා බොහෝ වෙනස් ගති පැවතුම් ඇති කොටසක් . පර්සියානු කාර්පට් ලෝකයේ ඉහලම මිලක් දෙන නිෂ්පාදනයක්. පර්සියානු රෝස මල, පර්සියානු බලලා, එමෙන්ම පර්සියානු ගැහැණුන්ද ලෝකයේ ලස්සනම ගැහැණුන් වශයෙන් පිළිගනිති . හිටපු රජ පරපුරේ අන්තිමය ෂහින් ෂා එලවා දමා ඉස්ලාම් අන්තවාදීන් කොටසක් බලයට පැමිණ රටත් ජාතියත් විනශ කරනවා . ඉස්සර මෙම රට යුරෝපය මෙනි . නිදහසේ ඕනෙම කෙනෙකුට යා හැකි සංචාරක රටකි . නමුත් අද අන්තවාදයත් සමඟ විනාශ වී ඇත. (ස)
හිරෝෂිමාවට බෝම්බ දමා මිනීමරු ඇමරිකාවට ඉරානයේ න්‍යෂ්ටික අවි ගැන කතා කිරීමට ඇති අයිතිය කිම ? (ස)
ජනාධිපති තුමාට ජයවේවා
ලංකාවට ඔය සම්භාධක පනවන්න (දී)
ඉරානය කියන්නේ තණකොළ යට ඉන්න සර්පයෙක් පමණයි. ඔවුන් ලෝකයටම පිළිකාවක් වෙනවා ඉදිරියේදී. (ස)
ලෝකයට රටවල් කීපයක පොලිස් පාලනයක් අනවශ්‍ය බව මහින්ද මහතා කියූ කථාව සහතික ඇත්ත. අභියෝග හමුවේ ඉරානය දක්වන අභීත බව අපටත් ආදර්ශයක්. ලංකාවට මෙන්ම ඉරානයටද ලෝකය පාලනය කරන්න තැත් කරන රටවල් කීපය සැමදා පීඩාවන් එල්ල කරයි. (ස)