ලිබියාවේ බෙන්ගාසි නුවර විදේශ කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල අසල පෙරේදා (11) අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. ප්‍රහාරයෙන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර ගොඩනැගිල්ලට හානි සිදුවිය.
ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ, ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පිහිටුවූ නව රජයට කීකරු නොවන ආයුධ සන්නද්ධ කල්ලියක් යැයි ආරක්ෂක අංශ කියා සිටී.
විදේශ කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල අසල සිදුවුණු එම බෝම්බ ප්‍රහාරයෙන් පසු, පුපුරා නොගිය තවත් බෝම්බයක් ඒ අසල තිබී ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
ලිබියාවේ දෙවැනි විශාතලම නගරය ලෙස සැලකෙන්නේ බෙන්ගාසි නුවරය. මීට වසර දෙකකට පෙර, ඇමෙරිකන් තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වූයේ ද සැප්තැම්බර් 11 වැනිදාය. එම ප්‍රහාරයෙන් ලිබියාවේ සිටි ඇමෙරිකන් තානාපති ඇතළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
|
ප්‍රහාරයෙන් හානි සිදු වූ ගොඩනැගිල්ල |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරපු දෙයම සිරියවටත් කරන්න හැදුවේ. හොඳ වෙලාවට රුසියාව හිටියේ. (ස)
මමත් ලිබ්යාවේ හිටපු කෙනෙක්. ගඩාපි හොද පාලකයෙක්. දැන්නම් රට නන්නත්තාර වෙලා.(නදී)
ඇමෙරිකාවේ සාම හමුදාව ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, යන තැන් වල සාමය උදා කරපු හැටි පේනවා නේද . . දැන් ඒ රටවලුත් නන්නත්තාර වෙලා. අපේ රටේ සමහර මැට්ටෝත් මේ අරාබි වසන්තය අපිටත් වෙනකම් බලාගෙන ඉන්නවා.(නදී)
ලෝකෙට නය නැතුව තිබුණු රටකට අරාබි වසන්තයෙන් කළ දෙයක්? අපෙත් අරාබි වසන්තය ඉල්ලන අයට හොඳ පාඩම් මේවා (නි)
අපේ රටේ බටහිර මිනීමරුවන්ගේ ගැත්තන්ටත්, දමිළ ඩයස්පෝරාවටත් මෙය කදිම පාඩමකි.රුසියා සහ චීනයට ජයෙන් ජය! (නි)
ලෝකෙම හොඳට ණය තුරුස් නැතුව ජනතාවට පහසුකම් ඇතුව තිබුන රටකට ගිය කලක්. රටවල් කීයක් කෑවද? තවමත් ඉවරයක් නැහැ. ලොකුයි කියාගන්න රටවල් වල දරාගන්න අමාරු ආර්ථික ප්‍රශ්න. ඒවා යට ගහගෙන ,ජනතාව බදු බරෙන් තල තලා අනුන්ගේ දේවල් හොයන්න යනවා. (නි)